IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මාතලේ එජාප පළාත් පාලන නියෝජිතයෝත් අගමැති පැමිණි උත්සවය වර්ජනය කරති

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
නව සමෘද්ධිලාභින් 5450කට මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරිමේ උත්සවයට තමන්ට ආරාධනා නොකිරීම නිසා දැඩි අසාධාරණයක් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුව ඇති බව පවසමින් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයෝ අද (15) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවැති උත්සවයට සහභාගි නොවි තම විරෝධය පළ කරන බව පැවසූහ.


වසර 2030 වන විට දිළිඳු බවින් තොර ශ්‍රි ලංකාවක් උදෙසා සමාජ සවිබල කරණයේදි වත්මන් රජයේ යෝජනාවක් අනුව සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙයන් අද මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගණයේදැ පැවැත්විණි.


මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු මාතලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක (එ.ජා.ප) ගාමිණි කොස්තා මහතා කියා සිටියේ වත්මන් රජයේ නව වැඩසටහන අනුව මෙම සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනිමේදි දැඩි අසාධාරණයක් වූ බවයි. අවුරුදු 20ක් තිස්සේ පාක්ෂිකයින් විවිධ පීඩාවන්ට ලක්විය. එදා යූ.එන්.පී ය කියලා පසුගිය ආණ්ඩුව සමෘද්ධිය කපා දැමීමත්, ආණ්ඩුවක් තිබයදිත් අසීමිත ලෙස අසාධාරණකම් සිදු වුවත් මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ඉන්න මැති ඇමතිවරුන් දැනුවත් කළත් පළක් නැතිවූ බවද හෙතෙම පැවැසීය.


වැඩිදුරටත් අදහස් දැක්වූ  ගාමිණි කොස්තා මහතා, “අගමැතිතුමා සමග අපිට ප්‍රශ්නක් නැහැ. අපි කියන්නේ මේ ක්‍රමවේදය වැරදියි කියන එකයි. මම මීටපෙරත් සම්බන්ධීකරණ කමිටුවේදී පවා සමෘද්ධිය තියන අයටම සමෘද්ධිය දෙනවා කියලා කිව්වා. ඒත් පලක් වුණේ නැහැ. ඇතැම් දේශපාලනඥයින්ද කටයුතු කරන්නේ තමන්ගේ සුඛ විහරණයටයි.

 

මාධ්‍ය වෙත අදහස් දැක්වු රත්තොට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වත්මන් මන්ත්‍රි අතුල සුදර්මන් වික්‍රමනායක මහතා මෙසේ පැවැසීය. “අගමැතිතුමා එන උත්සවයට අපිට ආරාධනා නැහැ. නමුත් පොහොට්ටුවේ සභාපතිවරයාට ආරාධනා පත්‍ර දෙනවා. මේවා තමයි විහිළු වැඩ. මේ සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනිමේදි තනි පුද්ගලයින් වැඩි පිරිසක් තෝරාගෙන තියනවා. තනි පුද්ගලයකුට යම් දීමනාවක් දෙනවා. රත්තොට වැඩි පිරිසක් එහෙම තෝරලා ඉන්නේ.

වසමකින් 10 දෙනෙක් තේරිමේදි යුඇන්පි කියන අයට දෙන්නෙක් විතර දානවා. හැමදාම දෙන අයට විතරයි මේ සමෘද්ධිය දෙන්නේ. නියම සුදුස්සාට ලැබිලා නැහැ. සමෘද්ධි ප්‍රතිලාභින් ලබා ගැනිම සඳහා අයදුම්පත්‍ර ලබා දීමේදී අක්‍රමිකතා සිදුවෙලා තිබෙනවා. මේ ආණ්ඩුව පත්වෙලා දැන් අවුරුදු තුන හතරක් වෙනවා. මේ මාතලේ දිස්ත්‍රික්කයට ජනාධිපති, ඇගමැති, මැති ඇමැතිවරුන් එනවා. නමුත් හැමදාම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට තැනක් දුන්නෙත් නැහැ.

ආරාධනා කරන්නෙත් නැහැ. කිසිම තැනකදි එජාප මන්ත්‍රිවරුන්ට ආරාධනා නැහැ. මේ පිළිබදව අපි දැනුවත් කිරිම් කළත් පළක් නැහැ. මේ සමෘද්ධිය ලබා දිම තුළින් මාතලේ දිස්ත්‍රික්කයේ යුඇන්පී ඡන්ද සියයට 50ක ප්‍රමාණයක් අපිට අහිමිවෙනවා“ යැයිද පැවසීය.


අඹන්ගඟකෝරළය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වත්මන් මන්ත්‍රි (එ.ජා.ප)උපසේන ඇලහේන මහතාද මෙසේ අදහස් දැක්වීය.


“ඉදිරි ඡන්දය බලාගෙන මේ පොහොට්ටුවේ පිරිස් මේ සමෘද්ධිය ලබාදීම සදහා තෝරාගෙන තියනවා. සමික්ෂණ කටයුතු කරලා තියෙන්නේ සමෘද්ධි නිලධාරින්. ඒ අයම තමා පසුගිය කාලයේත් කිසිම වෙනත් පක්ෂයක අයට සමෘද්ධිය දුන්නේ නැත්තේ... මේ යහපාලන ආණ්ඩුව මගින් අලුත් සමෘද්ධිය ලබා දිමේදීත් ඒ දෙන්න බැරිවුණ ඒ අයගේ පවුල්වල පිරිස් හට මේක දුන්නා. මේක අයුධයක් වුණා ඒ අයට සමෘද්ධිය දෙන්න. මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කළ අයටවත් දෙන්න බැරිවුණා. සමෘද්ධි නිලධාරින්ගේ බැලමෙහවරක් කරන වත්ත පිටිය සුද්ධ කරන අයට තමා මේවා දිලා තියෙන්නේ. දුප්පති අහිසංක සමෘද්ධිය ලැබිය යුතු යුඇන්පි කාරයින්ට හම්බවෙලා නැහැ.

අගමැතිමා එක්ක අපි තරහ නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් මැති ඇමතිවරුන් ඇමතිකම් ගත්තහම හිතාගෙන ඉන්නේ ඒ අයගේ බූදලයෙන් මේවා ඉබේ ඇමතිකම් හම්බවෙනවා කියලා. අපි පළාත් පාලන නියෝජතයින් ලෙස හැමදාම මේ අය බලයට පත් කරන්න ගම්වල ඉන්න අහිංසක මිනිස්සු එක්ක ඡන්ද කරනවා. අඩු ගානේ සමෘද්ධි කාඩ් එකක්වත් දෙන්න බැරිනම් වැඩක් නැහැ“ යැයිද පැවසිය.



අදහස් (9)

මාතලේ එජාප පළාත් පාලන නියෝජිතයෝත් අගමැති පැමිණි උත්සවය වර්ජනය කරති

ජයරත්න Saturday, 15 September 2018 10:30 AM

අගමැතිතුමා ලංකාවට හරියන විදියට දේශපාලනය කරන්න. නැත්නම් 2005 දී වුණා වගේ ආයෙත් රාජපක්ෂලාටම රට යයි. ඒ ගොල්ලෝ ඇවිල්ලා අත දිග ඇරලා බෙදලා තව අවුරුදු දහයක් විතර බලයේ ඉඳියි.

:       292       315

HafeelSaturday, 15 September 2018 01:31 PM

බයවෙන්න එපා. රාජපක්ෂලා බලයට ආවොත්, 2030 වෙනකම් මෙයා තමයි පක්ෂයේ නායකයා. එ්කත් ලොකු දෙයක්නේ.

:       332       356

SamSaturday, 15 September 2018 02:14 PM

යුද්ධය නැති රටේ මහබැංකුව විනාශ කිරීම වොක්ස්වෝගන්, හොරණ රබර් බදුපිට බදු, රුපියල වැට්ටීම, පාතාලය නැගිටීම, රට විකිණීම, දින100, වැනි අති සාර්ථක වැඩ කිරීම සඳහා රාජපක්ෂලාට එන්න නොදෙන්න.

:       1270       1187

RNG Saturday, 15 September 2018 03:28 PM

එහෙනම් මේ අයත් දන්නවා අගමැතිතුමාට සහ හිටපු ජනාධිපතිතුමාට තියෙන පිළිගැනීමේ තරම.. මොනවා වුණත් ඇත්ත තත්වය තේරුම් ගන්න එක හොඳයි..

:       97       119

jantha anura Saturday, 15 September 2018 11:29 AM

ජනතාව හිඟන්නන් නොවේ.. වැඩක් කර මුදල් ඉපැයීම ජනතාවගේ ප්‍රර්ථනාව වෙනවා..

:       65       126

Gihan Saturday, 15 September 2018 02:57 PM

කසකාරයෝ ඔය එන්නේ. හොඳ හොඳ ඒවා එළිවෙන ජාමෙට...

:       20       336

Banda Saturday, 15 September 2018 06:43 PM

ඊළඟ ඡන්දෙදි මුළු රටම වර්ජනය කරයි......

:       0       47

V.warnakulasuriya Saturday, 15 September 2018 06:46 PM

දැනට අවු. 70 ක් තුළ රටේ සිටින පීඩිත පංතිය තව තවත් පීඩිතයන් වී ඇති බවට පෙනෙන මොහොතකි. මේ පීඩිතයන්ගෙන් යම් ප්‍රමාණයකටවත් යම්තරමට හෝ වාසනාවක් ලැබුණේ විදේශ රටවල වහල්කමට යාමට හැකිවීම නිසාය. එයින්ද රටට ලැබෙන වාසියෙන් අද සැප විඳින්නේ විලිලැජ්ජා නැති පාලකයන්ය. රටේ දුප්පත්කම තුරන් කරනවාට වඩා දුප්පතුන් නඩත්තු කරන්න යාමක් නිතරම අපි දකින්නෙමු. අද එය දේශපාලන පක්ෂවල පැවැත්මට යොදා ගැනීමක් මෙහිදි පෙනෙන්නට ඇත. රටේ දුප්පත් කම ඉහළ යාමත්, අඩු ආදායම් ලබන්නන් වැඩිවීමත්, ඉහළම සැපවිදින නව ධනපති පංතික් බිහිවීමකුත් පමණක් අද අපි දකින්නෙමු. ගැටළුව ඇත්තේ ජනතාව කොතනද? ජනතාවගේ කැමැත්ත සියල්ල සිදුවේ. පාඩම් ඉගෙනීමට අවු. හැත්තෑවක ඉතිහාසයක් ජනතාවට ප්‍රමාණවත් නොවන්නේද?

:       0       15

ලුම්බිණි Sunday, 16 September 2018 01:36 AM

මෙතන කිසිම අවුලක් නැහැ නේ........ සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනිමේදි එම අයගේ දේශපාලන පසුබිම වෙනුවට ආදායම අනුව තොර ගත්ත නම්. මෙච්චර සුළු දෙයක් තේරුම් ගන්න තරම් කෙනෙක් මෙතන නැද්ද?

:       13       33

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 184 0

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1215 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2419 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 936 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 429 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 465 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1351 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 347 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site