නිමන්ති රණසිංහ
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ හිමිකාරීත්වයෙන් යුත් ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සහ ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ජේ ඇන්ඞ් ඒ සෙක්ටර්ටේරියල් ඇන්ඞ් මැනේජ්මන්ඩ් සර්විසර්ස් සමාගමේ ලේකම්වරයා වෙත අද (20) නියෝග කළේය.
ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පුද්ගලික සමාගමේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත්තේ ජේ ඇන්ඩ් ඒ සෙක්ටර්ටේරියල් ඇන්ඩ් මැනේජ්මන්ඞ් සර්විසර්ස් සමාගම බැවින් අදාළ සමාගමේ අධ්‍යක්ෂකරුන් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රවී ගේ සමාගම" පතාගෙන බොහෝ දෙනෙක් පස්සෙන් ගිය කාලයකුත් තිබුණා. දැන් තමයි තනියෙම හූල්ලන්න වෙලා තියෙන්නේ. කාලය මැවූ වෙනසක අරුමය...