(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
සියලුම අමාත්‍යවරුන්ට හෙට දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය අද (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබේ.
එහෙත් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න ඇමැතිවරයාට ද දැනුම් දී නොතිබුණි.
සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) උදේ පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල සුත්‍රයක් දාල ඉන්ධන මිල අස්ථාවර කරන නිසා රටේ ආර්ථිකය අස්ථාවර වෙන්න පටන්ගත්තා. ඉන්ධන මිල මාස 6ක් වත් ස්ථාවරව තියාගන්න බැරිනම් ආණ්ඩුවක් තිබිල වැඩක් නැහැ.
මම හිතන්නේ ආණ්ඩුව විසුරුවන්න කියන්න වෙන්න ඇති.
කජු ගැන කතා කරන්නේ
මොකද්ද දන්නේ නැහැ දවස් දෙකෙන් දෙකට කැබිනට් මණ්ඩලයේ හදිසි හමුවක් තියන්න උවමනාව ! හිටපු ලොක්කා ඉන්දියාවෙදි මෝදිගේ කණට කරලා හොඳට ලුණු ඇඹුල් දාපු පට්ටපල් බින්නයක් බස්සන්න ඇති. කිවුවද දන්නේ නැහැ එයාගේ චූටි පුතා පහුගිය සතියේ කොළඹට මහා "ජන ගංගාවක්" හැරෙව්වා කියල. ඒකෙන් ලොක්කගේ ජනප්‍රියත්වය උද්ධමනයටත් වඩා වේගයෙන් ඉහල ගිය නිසා, මෝදිගෙන් ඉල්ලන්න ඇති එයාට ලබන පෝයට ඉස්සර රටේ අගමැතිකම පවරා දෙන්න කියල ! ඒ පාර මෝඩි මෛත්‍රිට එලිවෙන්නත් කලින් කෝල් එකක් දීපු එකේ ප්‍රථිපලය වෙන්න බැරිද, කැබිනට් මණ්ඩලයේ මේ හදිසි රැස්වීම ? බලමුද මම කියන්නේ බොරුවක්ද කියල !!!
කජු කේස් එක නැගලා යන හැඩයි. මෙදා පාර ලේසි වෙන්නෑ.
තව මොනවද අපිට අඩු කියලා අහන්න වෙන්න ඇති.
ලස්සන කවියක් / ලස්සන සින්දුවක් කියන්න වෙන්න ඇති
හැබැයි යහපාලනය නම් අවසන් කලාට කමක් නෑ. නැවත අයහපත් පාලනයක් නම් එපා!
ඔය හදන්නේ අයින් කරපු විධායක බලතල කොටස් ටික ආයෙත් අරන් රට සුපිරියට හදනව කියල කාටවත් නොකර සද්ද ඉන්න කියල කියන්නයි...........
ඉන්ධන මිල සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත් අඩංගුවට ගැනීමට අදාල කාරණා වෙන්න ඕනෙ හේතුව
මම හිතන්නේ මොකක් හරි පටන් ගත්ත වැඩක් නවත්තලා ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න වෙන්න ඇති
නන්ද මාලනී ගයපු ගීතය ඔබටත් අදාළයි. "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. මතක තියාගන්න මේ කපේදී මේ ආණ්ඩුව විසුරුවන්නේ නැහැ පුලුවන් නම් තව දීර්ඝ කරනවා හැරෙන්න.
යහපාලන රජය 2025 දක්වා පවත්වා ගැනීමේ තීරණය දැනුම් දෙන්නයි මේ හදන්නේ්........ ජය වේවා....
රටේ හැමදාම උද්ඝෝෂණ විරෝධතා. මේකට මොකක්ද කරන්නෙ කියල තීරණයක් ගන්නට වෙන්න ඇති.
මෙතන ලියන සියලු දෙනාට මේ කියන්නේ මහින්දගේ පාලන කාලේ ඔබට රිදෙන පාඩුවන දෙයක් හෝ රටට ආර්ථිකයට පාඩුවන දෙයක් සිදු වුනාද? එසේ උනානම් කියන්න අපිට දැනගන්න.
මමත් යන්නේ හැමදාම ශ්‍රීලන්කන් එයාලයින් එකේ එත් කජු නම් ලැබුනේ නෑ......
ඔන්න බොලේ කව්ද කියනවා පටන්ගත්ත වැඩ නවත්වලා ආණ්ඩුව අප්‍රසාදයට පත් කොරන්න යනවාලු. මට දෙකොනින්ම හිනා ඒ කතාවට. මොනවාද දන්නේනැහැ පටන් අරන් තිබෙන වැඩ.
මෙකපෙදී මේ ආණ්ඩුව විසුරවන්නේ නැහැල්ලු එකත් සමහරු දකින හීනයක්. දැන් වෙලා තිබෙන්නේ ආණ්ඩුව තියා ගන්නත් බැහැ විසුරවන්නත් බැහැ. පරා වළල්ලක් වෙනබව දන්නා නිසා.
බමුණුආරච්චි මහත්තයෝ, ඔබ ගැන මට හරිම කණගාටුයි. ඔබේ වින්දනයට මම බාධා කළා නම් මට සමාවෙන්න. මට වඩා අත්දැකීම් බහුල ඔබට, මම වචනයකින් හරි ඔබේ හිත රිද්දුවා නම් මට සමාවෙන්න.