ඉන්දිකා රාමනායක
මාකදුරේ මදුෂ් නැමැත්තා යොදවා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරක් සිදුකළ හැකි බවට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළේ යැයි කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කළ දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පැය 7 ට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සමන්විත පොලිස් කණ්ඩායමක් පෙරේදා (14) වැනි දා රාත්‍රීයේ 11.00 ට පමණ මහතාගේ වරකාපොළ නිවසට පැමිණ මෙම ප‍්‍රකාශයට සටහන් කරගෙන තිබු අතර එම ප‍්‍රකාශ සටහන් කර ගැනීම ඊයේ (15) පෙරවරු 6.15 පමණ තෙක් සිදුකර කර තිබුණි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මුලින්ම ඒ මහතාගෙන් නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා එම අවස්ථාවේ නාමල් කුමාර මහතා දුරකතනයෙන් සම්බන්ධ කරමින් ජනාධිපතිවරයා මෙම සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බවත් තම පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට බල පැමිණෙන බවට දැනුම් දී ඇත.
එම දැනුම් දීම මත විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර රාති‍්‍රයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම එහි පැමිණ ප‍්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ හඬපට ඇති නාමල් කුමාර මහතාගේ ජංගම දුරකතනය හෙට (17) දින පෙරවරු 9.30 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට දැනුම් දුන් බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී නාමල් කුමාර මහතා කියා සිටියේය.
නාමල් කුමාරගේ ගැන වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ මැද නිදිමතේ ප්‍රකාශ ගන්න තරම් හදිස්සියක් ඇතිවුනේ ප්‍රකාශකය අතුරුදහන් වෙයි කියලද?
මේවා තවත් ටෙලි සිනමා පටයක් වේවිද මන්දා මේ වනවිට රටේ කරන කියන වෙන දේවල් දෙස බලන කල ...!!!
නිදිමතේ මොන මොනවා කිය උනාද දන්නේ නැහැ. එහෙම කියවූන දේවල් තමයි දැන් සාක්කි හැටියට ඉදිරිපත් වෙනවා ඇත්තේ....
මේක බොහොම භයාන සිද්දියක්. මේ පුද්ගලයා පසුපස උන්නේ කවුද කියා වහාම පරික්ෂ කල යුතුයි. මෙය බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කල කතාවේ අනික් පැත්ත වීමටත් බැරි නැහැ. විශේෂයෙන්ම ජනාධිපති වරයා ඝාතනය උවහොත් නැතිනම් අකර්මන්‍ය උවහොත් එම බලතල මහා මැතිවරණයකින් තොරවම වෙනත් කෙනෙකු අතට ඉබේම හිමිවෙන ව්‍යවස්ථාවක් යටතේ ඉතාම බරපතල ලෙස සළකා බැලිය යුතුයි.
මොකද මේ ගෙවල් වලට පොලිසිය යන්නේ ? අනිත් අය පොලිසියට යන්න ඕනේ ?
මාකඳුරේ මදූෂ් එච්චර පුළුවන් කාරයෙක්ද? මදූෂ් පුම්බන්න හදන වැඩක්ද?
විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් යොදවා සිද්දිය යට ගහන්න හැදුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට බාරදීලා ජනාධිපතිතුමා හරි දේ හරි වෙලාවට කළා.
1.2015 චන්දවෙලාවේදී තිස්ස අත්තනායක ගේ රගපෑම 2. ගිය සතියේ කිරි පැකට් රගපෑම 3.මෙයද? කට හඬ සමානව යු ටියුබ් වල ඕනෑතරම් රගපෑම් කරන්නේ. මොහු සහ පොලිස් නිලධාරියා එකට සිට මේ ගැන කතා කරන වීඩියෝ පෙන්වන්න.
යහපාලනය නිදහස යටතේ කාලෙන් කාලෙට නානාප්‍රකාර කුමාරවරු නම් බිහිවෙමින් පවතී. ඔවුන්ගේ රගපෑම් අපි ඈස් ඈරගෙන බලා සිට තප්පුලමින් අත්පුඩි ගසමු. ගිය සතියේ කුමාරයෙක් ජනගංගාවක් කොළොඹ හෑරවීමට උත්සාහ කරා, කිරි පෑකට් එකකින් එය නිම කලේය. දෑන් මේ කුමාරයාගේ කතාව දෙස අපි බලා ඉදිමු.
එක දිගට හොරුන්ගේ නඩු අහන එක නවත්වන්න හොදම දේ එෆ් සී අයි ඩී එක ටී අයි ඩී එක දෙකේම ගෑටලු ඈති කරන එක මෙයත් ඉත්තෙක් වගෙයි ඔහොම යමු...
මේ සිද්ධිය මතුපිටට පෙනෙන්ට තිබෙන දේට වඩා බරසාර කුමන්ත්‍රණයක් බව අන්තර්ජාල ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙයි. ඒවායේ කියවෙන්නේ "කලක් තිස්සේ පොලිස් ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කළ නාමල් කුමාර වරකාපොලගේ පටිගත කිරීම් භාවිතා කරගනිමින් පොලිසියට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ පොලිස්පති, නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සමග එක්ව අගෝස්තු19 වැනි දින ආරම්භ කළ බස්නාහිර උතුර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම අඩාල කරලීමට" බවයි. "මෙයට සමසමව පොලිස්පතිවරයා විහිළුවට ලක්කිරීමේ පුළුල් ප්‍රචාරයක්ද දියත්ව තිබේ. පොලීසියේ බලාපොරොත්තුව වන්නේ ඉදිරි මාස දෙක ඇතුළත ගම්පහ දිස්ත්‍රික්කයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමයි. නාමල් කුමාර වරකාපොල සිංහල ජාතිවාදී සංවිධාන තුළට රිංගා අරඹේපොල රතනසාර, ඩෑන් ප්‍රියසාද්, ජනිත මීපගේ, අමිත් වීරසිංහ ඇතුළු අන්තවාදීන් පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා සහාය වූ පොලිස් ඔත්තුකරුවෙකු බවත් ඔහු ඉදිරිපත් කළ සමහර පටිගත කිරීම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් විසින් ලබා දුන් ඒ්වා බවත් සමහර කොටස් ව්‍යාජ පටිගත කිරීම් බවත් එහි එක්වෑයමක් වන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විරසක කිරීම බවත් කියැවෙයි.