තරිදු ජයවර්ධන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති නිසා ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (19) පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට දැනුම් දුන්නේය.
ජාතික පොලිස් කොමිෂන් සභාව එම තීරණය දැනුම් දී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍යංශය ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ නිර්දේශයක් සැලකිල්ලට ගනිමිනි.
නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති නිසා ඔහු අනිවර්ය නිවාඩු යවන ලෙස ඉල්ලමින් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා අද(19) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව එම අමාත්‍යංශ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නිර්දේශය අනුමත කරමින් නාලක සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතා අද (19) සවස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කළ බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මේ අතර නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අද (19) පොලිස්පතිවරයා ඉල්ලීමක් කළේය. ඔහු තවදුරටත් සේවයේ සිටියහොත් විමර්ශනවලට සහ සාක්කිකරුවන්ට බලපෑමක් එල්ල විය හැකි බැවින් පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම කළ බව රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.
ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉම ධුරයෙන් ඉවත් කරන ලෙස මීට පෙර රහස් පොලිසිය ඉල්ලා තිබුණු අතර ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව භාරව පත් කරනු ලැබීය.
මෙම විමර්ශනය ගැන මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඉදිරියේ දී තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් හෙට (20) පැවැත්වෙන ජාතික පොලිස් කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බැවින් වහාම විමර්ශනවල තත්ත්වය දැක්වෙන වාර්තාවක් ලබා දෙන ලෙස ද පොලිස් කොමිසම අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ත්‍රස්තවාදී විමර්ශන දිශාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් කොමිසමට ලැබුණු බවත්, ඉන් පැමිණිලි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා විභාග කරන ලෙස දන්වමින් පොලිස්පතිට යොමු කළ බවත්, තවත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු යටතේ විමර්ශනයක් සිදුවන බවත් ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
නාලක සිල්වා මහතාගේ උපාධි සහතිකය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු පිරිසක් පැමිණිල්ලක් කර ඇතැයි කී එම නිලධාරියා එම විමර්ශනය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් පඩි හම්බවෙනවා නේද?
දැනටත් පරක්කුයි. ඒත් හොඳ තීන්දුවක්...
අනිවාර්ය නිවාඩු දීලා විතරක් බැහැ.
මෙහෙම දෙයක් වුනානම් පසුගිය ආණ්ඩුවෙන් මෙවැනි දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි. මේ ආණ්ඩුවේ කප්පරක් වැරදි තිබුණත් බැඳුම්කරේ, මෙම ඝාතන සැලසුම වැනි පරීක්ෂණවලට යම් පමණකට හෝ නිදහසක් දී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ සමයේ දූෂණ කරපු මන්ත්‍රීවරයෙක් විදේශ කතක් දූෂණය කර ඇයගේ පෙම්වතා ඝාතනය කළ ප්‍රාදේශීය සභා සභාපති වරයා පිළිබඳ පරීක්ෂණ්‍වලට රජයේ ඍජු මැදිහත්වීම් සහ බලපෑම් තිබුණා.
මෙතුමාව මනෝවෛද්‍යවරයෙකුටත් යොමු කළොත් හොඳයි නේද?
අපිට මතකයි අර මුහුණුපොත හරහා ජනාධිපතිතුමාට තර්ජනය කළා කියලා හැසිරුණු විදිය...
අපිට මතකයි අර මුහුණුපොත හරහා ජනාධිපතිතුමාට තර්ජනය කළා කියලා හැසිරුණු විදිය. මෙයාට වැටුප් සහිතව නිවාඩු දීලා. දැන් කොහොමද? වෙනස සැපයි නේද?
තාවකාලික ගේමක් විතරයි... විජයකළාට කෙරුවා වගේ, මෙතුමා රහස් එළියට දැම්මොත් මොන දෙයියට කියන්නද?
මෙයාට විතරක් නොවෙයි, අනිත් අයටත් එහෙම කරන්න ඕනෑ. චෝදනාවක් අාවාම ඒ චෝදනාව විභාගකර තීන්දුව දෙනතුරු චූදීතයා අනිවාර්ය නිවාඩු යවන්න ඕනෑ. හැබැයි ඒ නීතිය දේශපාලකයින්ට විශේෂයෙන් ජනාධිපතිවරයාගේ හිතවතුන්ට ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නේ නැහැ.
දේශපාලකයෝ අද මරා ගත්තත් හෙට එකතු වෙනවා. ඒ දේශපාලනයේ හැටි. අපි මධ්‍යස්තව හරිදේට හරි කියන ගමන් වැරදි දේට වැරදියි කිව්වම ඉවරයි. මෙතන පොර කුකුල්ලු වගේ ඇන කොට ගත්තට වැඩක් නැහැ. මධ්‍යස්ත මතයක් දැම්මම පිළිගන්න අය පිලිගනීවි. අනික් අය පිලිනොගනීවි. එච්චරයි නමුත් නොදන්නා යමක් තිබුනොත් එය වටහා දීම කල යුතුයි.
දිට්ඨ ධම්මවේදනීය කර්ම... මේ පුද්ගලයා බොරුවෙන් අන් අය වෙත පරීක්ෂණ චෝදනා එල්ලකළ අයෙකි. නීතියේ වැරදිකරුවන් සීයකට වඩා එක් නිවැරදි පුද්ගලයකු අගය කරයි.