IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ පොලිස් නිලධාරීන් 50කට උසස්වීම්

තරිඳු ජයවර්ධන
 
කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අනුමත කළ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් 50  දෙනකුට අදාල උසස්වීම් නියෝග පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) නිකුත් කළේය.
 

එම 49 දෙනා අතර සිටින නිලධාරීන් 15 දෙනකුට දැනට සිටින තනතුරට පත්වූ දිනය පෙරදාමත කර නියෝග නිකුත් කර ඇති අතර සෙසු පිරිස  එම නිලයේ සිට ඊට වඩා ඉහළ නිලයන්ට උසස් කර තිබේ. 
 
මෙලෙස සහන ලැබූ පොලිස් නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරු නව දෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15 දෙනෙක්, පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරු 16 දෙනෙක් , පොලිස් සැරයන්වරු හය දෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් සිටිති. එම පොලිස් කොස්තාපල්වරයා අද(20) සිට ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර තිබේ.
 
ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ සිට සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කරන ලද නිලධාරීන් දෙදෙනකුට එරෙහිව විමර්ශන සහ නඩු කටයුතු පැවැත්වෙන බැවින් ඒ දෙදෙනා පොරොත්තු ලේඛන ගත කරන ලෙස ද පොලිස්පතිවරයා නියෝග කර ඇත. 
 
කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ දේශපාලන පළිගැනීමට ලක්වූ නිලධාරීන්ගේ ලැයිස්තුවට අදාළ උසස්වීම් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය අගෝස්තු 06 වැනි දා පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.  එම නිර්දේශ සති ගණනක් තිස්සේ  ක්‍රියාත්මක නොවීම ගැන පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කළේය.
 
පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් කැඳවූ ජාතික පොලිස් කොමිෂන් සභාව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට දින 14ක කාලයක් ලබා දුන්නේය. එම දින 14ක කාලය හෙටින් (21) අවසන් වීමට නියමිත එතර ඊට දිනකට පෙර පොලිස්පතිවරයා උස්වීම් නියෝග නිකුත් කර තිබේ.



අදහස් (0)

දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ පොලිස් නිලධාරීන් 50කට උසස්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31563 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13923 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 163 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1089 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site