(අජන්ත කුමාර අගලකඩ )
පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ප්‍රීමා සමාගම විසින් රුපියල් 5 කින් වැඩි කරන ලද පිටි මිල යළි අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමට කැබැනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ප්‍රීමා පිටි කිලෝවක මිල රුපියල් පහකින් හිතුමතේ වැඩි කිරීමට සමාගමට ඉඩදී බලා සිටීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු කිහිප දෙනකු පාරිභෝගික සේවා අධිකාරිය දැඩි විවේචනයකට ලක් කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රිමා සමාගමට පිටි මිල වැඩි කිරීම නැවැත්වීමට පාරිභෝගික අධිකාරියට නොහැකි නම් මේ ආයතනයේ හිදීමේ තේරුම කුමක්දැයි විමසා තිබේ.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින් රට පාලනය කරන්නේ ආණ්ඩුවද නැතිනම් සමාගම්දැයි විමසා ඇත.
සමාගම් හිතුමතේ මිල වැඩි කරන්නේ නම් එය නැවැත්වීමට පාරිභෝගික අධිකාරියට නොහැක්කේ මන්දැයි ද ඇමැතිවරයා විමසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳපොල ආර්ථික රාමුවක් තුල භාණ්ඩ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතය. ඕක මට ඉගැන්නුවේ බන්දුල ගුණවර්ධන මහතාමයි. ඒ ක්‍රමවේදයට පාර්ලිමේන්තුව මැද්දට පැනල මෙතැනදී මිල පහල දාන්න තීරණය කරන්න ගියොත් වෙන්නේ රටේ පිටි හිඟයක් ඇතිවීමයි. ඒකත් මට ඉගැන්නුවේ බන්දුල ගුණවර්ධන මහත්මයාමයි.
මේ ඇමතිලා දැන් හරි තේරුම් ගන්නොන මේ ආණ්ඩුව දුර්වලකම ගැන. මේ ආණ්ඩුවේ දුර්වල කම ගැන ඒ සමාගම් දැනගෙනයි ඉන්නේ.
අපේ කැබිනට් ඇමතිවරුන්ගේ සැර. පුදුමයිනේ?
ඔක්කොටම බැහැ තමයි. බැරි වැඩේ කාටහරි දීලා ගෙදර යන්න. බොරුවට විරුද්ධ වෙලා වැඩක්නෑ