ශිරාන් රණසිංහ
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළේ යැයි කියමින් ආපනශාලාවල අලෙවි කරන පාන්,බනිස් ඇතුළු පිටි ආශ්‍රීත සෑම ආහාරයකම මිල රුපියල් පහකින් වැඩි කිරිමට ආපනශාලා හිමිකරුවන් මේ වන විට පියවර ගෙන ඇත.
තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් රාත්තලක හා කොත්තුවක මිල පමණක් ඉහළ දමන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශයට පත් කළද මේ වන විට පිටි ආශ්‍රිත සෑම ආහාරයකට මිල රුපියල් 5 කින්ම ඉහළ දමා ඇතැයි ආපනශාල හිමියන්ගේ සංගමය ද පිළිගනී.
පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට සිටින පාරිභෝගික අධිකාරිය නිසි පරිදි මැදිහත් වී අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මේවා මාසෙන් මාසෙට වැඩිවෙයි. තව නමින් නොදන්නා බොහොමයක් භාණ්ඩ හා සේවාවන් මේ සමගම වැඩිවේවි. මෙයට රුපියලේ අවප්‍රමාණය වීම අකාර්යක්ෂම මූල්‍ය පාලනය හා මහා පරිමාණ හොරකම් සෘජුව බලපානවා. කවුද ටයිකෝට් කල්ලියේ ආර්ථික විද්‍යා දේශපාලකයෙක් රුපියල අවපාලනය වීම රටේ ආර්ථිකයට හිතකරයි කිව්වා කියලත් මතකයි...
පාන් ගෙඩියක් - බනිස් ගෙඩියක් හදන්න පිටි කිලෝ එකක් යනවා. ඉතින් සාධාරණයි. අනේ මෙහෙමත් කළු කඩ කාරයින්.
දැන් එතකොට රුපියල් 5කින් ඉහළ දැම්මේ බනිස් ගෙඩියට පිටි කිලෝවක් දාන නිසාද? මේවා මහා අසාධාරණ සහගහන වැඩ! පාලකයින් කියලා පඹයින් ටිකක් ඉන්නකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
ආපනශාලා හිමිකරුවන් අනිත් පාරිභෝගික භාණ්ඩවල පාරිභෝගිකයෙක් කියලා හිතන්න මොලයක් නැති හැටි...
බනිසයක් හදන්න පිටි කිලෝ එකක් යනවනම් කමක් නෑ. මම දන්නවිදිහට පිටි කිලෝ එකින් පාන් ගෙඩි දෙකක් හදන්න පුළුවන් එතකොට වැඩි වෙන්න ඕනේ දෙකයි පනහයි. මිනිස්සුන්ට තියෙන්නේ මේ පිටි ගුලි නොකා ඉන්න පුරුදු වෙන්න. එයාලට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා.
මේ සේරම කලින් ආණ්ඩුවේ වැරදි........ ඒ අය තමා වගකියන්න ඕනේ..