ශිරාන් රණසිංහ
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළේ යැයි කියමින් ආපනශාලාවල අලෙවි කරන පාන්,බනිස් ඇතුළු පිටි ආශ්‍රීත සෑම ආහාරයකම මිල රුපියල් පහකින් වැඩි කිරිමට ආපනශාලා හිමිකරුවන් මේ වන විට පියවර ගෙන ඇත.
තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් රාත්තලක හා කොත්තුවක මිල පමණක් ඉහළ දමන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශයට පත් කළද මේ වන විට පිටි ආශ්‍රිත සෑම ආහාරයකට මිල රුපියල් 5 කින්ම ඉහළ දමා ඇතැයි ආපනශාල හිමියන්ගේ සංගමය ද පිළිගනී.
පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට සිටින පාරිභෝගික අධිකාරිය නිසි පරිදි මැදිහත් වී අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.