නිමන්ති රණසිංහ
බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැවැරීය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 28 වැනි දා නැවත සැකසු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මතක නෑ මට අමතක නෑ ... ඔබගේ හොරකම් ඉතිහාසේ....... පිවිතුරු හැගුමෙන් ඔබ හොරකම් කල ..... මහජන මුදල් අපේ..... මහජන මුදල් අපේ..... ඔබට මතක නෑ මට අමතක නෑ ... ඔබගේ හොරකම් ඉතිහාසේ......
මේ මොන පිස්සුවක්ද? ලංකාවේ මෙහෙම දේවල් කවද්ද සිද්ධ උනේ? එක පාරක් වගකීම බාර ගෙන තිලක් මාරපන කැබිනට් ඇමති අස් උනා. ඊට පස්සේ රවී කරුණානායක ඇමති කමෙන් පැන්නුවා. මෙන්න දැන් නඩු දාලා. 2015 ට කලින් ආණ්ඩුවේ මේ වගේ නායකයෝ හිටිය නම් කැබිනට් එකේ එක ඇමතියෙක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ ඇමතිවරු මොන බලු වැඩේ කලත් ආරක්ෂා කළා කියල හිටපු ජනාධිපතිම කිව්වා රටක්නේ මේක.
ඔබට මතක නෑ මට මතකයි ලොකු ලොකු මන්දිර ලැබුණු තාලේ
මට මතක තියෙන අතීතයක් නුඹට මතක නෑ.............
මරු ඉක්මනින්න්ම දාන්න
ග්‍රහය වුණත් රවියාගෙන් එළිය ලැබේ. ග්‍රහයා නිසා රටටම හෙන වැදුණා අනේ... එනමුත් ග්‍රහයාට කිසිවක් මතක නැතේ... එබැවින් ග්‍රහයා නිතරම වැටවල් පනිනවනේ..
මහජන ඡන්දෙන් ආව ප්‍රජා නායකයින්ට අත තියන්න පොලීසිය කවුද? අපේ විරෝධය... මහ ජනතාවට පමණක් උරුම ප්‍රජාතන්ත්‍රවාදය...
මල කෝලම්...! මේවට ඉතින් අපි අපිටම ගහගන්න ඕනෑ. ඇයි ඉතින් අපිම නේ මේ වගේ සිහි කල්පනාව නැති අය ඡන්දෙන් පත්කරලා යවන්නේ...! ආයි ඉල්ලුවත් එච්චරයි. ඡන්දෙන් දිනලා ඇති...!
ළඟදී ඇමැතිකමක් ලැබෙන්න හිටපු මනුස්සයා නේද මේ ඉතින්...?
මේවගේ බොරුකියන, අමතකවීම්වෙන අයටද ඇමැතිකම් දෙන්න හදන්නේ?
මේවා ඩ්‍රාමා තමයි.
ජනාධිපති ඡන්දෙ ළංවෙනකොට රනිල් මහත්තයාටත් කට උත්තර දෙන්න උසාවි යන්න වෙයි වගේ...
මේක මහා විහිළුවක්... එක ගමනක් යෝශිතව ගේනවා.. එතකොට කොහොමද... ගල්කිස්සේ, දෙහිවල ඉඩම් අරගෙන මන්දිර හැදුවේ කියලා අහන්න කියලා කියපුවාම ආච්චිව ගෙනැවිත් ඇහුවා එයට කවුද මැණික් මල්ලක් දුන්නා. පස්සේ එක අරගෙන සල්ලි මල්ලක් දුන්නා. එම සල්ලිවලින් මන්දිර ගත්තා. මේවා ඔක්කොම විහිළු... අපි ඔහොම කිව්වා නම් පොලිසිය අපිව එවනවද? මුළු පවුලේම චරිත ඝාතනය කරලා නොමරා මරලා දිගටම ඇතුලේ අද සේරම, බොහොම හොඳින්... මේක පුදුම රටක්.. වහල්ලු ඉන්න රටක්... ඒ අයටම වන්දනා මන කරන අය ඉන්න රටක්...
මේ අය කී දෙනෙක් ඔය නඩුවලින් වැරදි කාරයන් වුණාද? මේවා නිකම්ම නිකම් මහජනයා රවටන මාධ්‍ය සංදර්ශන පමණයි.
පොළවෙන් උඩට මෙච්චර ලොකුවට පේනවා නම් පොළව යට කොච්චර ඇතිද?
මට මගේ නොවන මගේම එපාර්ට්මන්ට් එකක් තිබුණා...