( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රිමාන්ඩ් බාරයේ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ අනුව නඩුව අවසන් වනතුරු කුරුණෑගල මහාධිකරණය තමන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගත් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ද අභියාචනාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කරන ලදී.
පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ඉදිරියේ අද (17) කැදවිණි.
ලංකා සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව නඩු පවරා තිබූ අතර එම නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදීය. එය නීතියට පටහැනි බව පෙත්සමේ සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප නෙවෙයි ඉක්මනින් අච්චු කරන්න කරලා තියෙන වංචා වලට.
කථා දෙකක් නැත ඔබ වැරදි කලානම් දඬුවම් විදින්න. අපිට කාගේවත් වෙනසක් නොමැත. අපිට ඔබට දෙන දඬුවම දැඩිවීමේ එකම ප්‍රයෝජනයනම් ඔබලාට අවස්ථාව පැමිණිවිට ඔවුන් කරනලද වැරදි වලටත් ඊටත් වඩා දැඩි දඬුවම් පැමිණවීමයි.
මෙයාට අලුත් දවසක පායන ඉර බලන්න දෙන්නෙම නැදිද?
රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව හා නිවැරදිව කටයුතු කරන බව පෙනෙන විට හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.
ලංකාවේ අරක්කු හින්දා වැඩියෙන්ම දුක් විඳින්නෙ පොඩි ළමයි. ඒ ළමයි වෙනුවෙන් මේ කාලකන්නි තැබෑරුම් කාරයින්ව සදාකාලිකව හිරේ යවන්න ඕනේ...
එහෙම හොඳ නැහැ. ශ්‍රී ලාංකිකයා පාලනය වන්න කැමති මෙවැනි හොරුන්ගෙන් මොහු ඇතුළු මෙවැන්නන් සියල්ල නිදොස් කර නිදහස් කල යුතුයි. කිංග් මරන්න කොටි ගෙනල්ලත් කිංග් පීචන් වෙලා මෙයාව බේරුවා...
අනෙත් නඩුත් ඉක්මනින් අසා නිමකරන්න. මෙය විත්ති කරුවන්ට සාදාරනය සිදු වීමක්. අධිකරණය හිස නමා අචාර කරමු.
පසුගිය ආණ්ඩුවේදී ගහපු ගැහිලි හින්ද තමා අදටත් ලංකාවට ඔලුව උස්සන්න බැරි. බලාගෙන යනකොට මේ ආණ්ඩුවේත් හොරු ඉන්නවා. ඒ අයටත් දඬුවම් දිය යුතුයි.