ඉන්දිකා රාමනායක
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රාත්‍රී යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම ලුතිනන් කර්නල්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කැඳවා ඇති අතර ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරන්ත පීරිස් නමැති ලුතිනන් කර්නල්වරයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් රට දෙවනත් කරයි රණවිරුවෝ දඩයම් කරනවා කියා. මාධ්‍යවේදීන් නිහඩයි තම සගයාට සාධාරණයක් පතා
ඔය පටන් ගත්ත වැඩේ ඉවරවෙනතුරුම කටයුතු කර එක්නැලිගොඩ මහත්මියගේ පවුලේ අයට සාධාරණයක් කරන්න.
වගකිව යුත්තෝ තියාගෙන කාලෙන් කාලෙට කවුරුහරි ඇතුළට අරගෙන විජ්ජාවක් කරනවා. අද වෙනකම් චෝදනාව කරපු කෙනාගෙන් වත් චෝදනාවට ලක් වූ කෙනාගෙන්වත් ප්‍රකාශයක් ගත්තේ නැහැ.
කවුරු කරත් වැරැද්ද වැරද්දමයි.
අද මේ රටට සාපයක් වෙලා තියෙන්නෙත් ඔයාල වගේ 2015 දී ගත්තු අදූරදර්ශි තීන්දු තීරණ. මේ රණවිරුවාව අත්අඩංගුවට අරගන්න තිබුන චෝදනා කියවලා බලන්න, එකම චෝදනාව මේ නිලධාරියාගේ ජංගම දුරකථනය එක්නැලිගොඩ සිද්ධිය වුනයි කියන කාලේ කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වීම.