(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් සභාවේ සභාපති පිවිසුම් දොරේ වටිනාකම කෝටියක් නොව රුපියල් 83,76,000ක් පමණක් යැයි මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා අද (18) පැවසීය.
මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා මෙසේ පැවසූයේ දොරෙහි වටිනාකම හා එහි ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම දොරෙහි ඇස්තමේන්තුව 72,00,000ක් වන අතර මේ වන විට එයට ගෙවා ඇති මුදල 83,76,000ක් බවද සියලූ ඉදිකිරිම් සඳහා සම්බන්ධ වුයේ එකම සමාගමක් වන බැවින් මෙම දොරද එම සමාගම මගින් නිර්මාණය කරවන ලද බවද දේවප‍්‍රිය මහතා පැවසීය.
තමන් වෙත ලැබී තිබෙන වාර්තාවේ 83,76,000 සටහන් වන්නේ දොර වෙනුවෙන් දනට ගෙවා ඇති වටිනාකම ලෙස බැවින් මෙයට තවත් මුදලක් ගෙවන්නට සිදුවේදැයි සැකයක් ඇතැයි නිපුණ ආරච්චි මහතා පැවසු අතර එසේ නොවන බවද මේ වන විට දොරට අදාල සියලූ මුදල් ගෙවා ඇති බවද මහඇමතිවරයා පැවසීය.
බස්නාහිර පළාත් සභා රැස්විම් එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) බත්තරමුල්ලේ පිහිටි පළාත් සභා රැස්විම් ශාලාවේදි කැඳවු අවස්ථාවේදී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඉහත ප‍්‍රශ්නය යොමු කරනු ලැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ජනතාවගේ සල්ලි නාස්ති කරන්නේ මෙහෙම? දොරවල්වලට පුටුවලට මේ තරම් සල්ලි නාස්ති කරන්නේ?
ඉතින් කෝටියට තව ලක්ෂ 17 යිනේ අඩු........
ඔව් මෙතුමලා ඇවිත් දවසට කරන සේවාවේ හැටියක ලක්ෂ 83ක දොරක් මදි. බස්නාහිර පළාතම දැන් දියුණු වෙලා, සුඛිත මුදිත වෙලා තියෙන නිසා කමක් නැහැ. ඔය ලක්ෂ 83 හොයන්න දුප්පත් මිනිස්සු කීදෙනෙක්ගේ සල්ලි හුරගන්න ඇතිද? මම නම් කියන්නේ නීතියෙන් මේවට පිළිසරණක් නැතිනම් , ස්වභාව ධර්මයෙන්හරි මේ හොරුන්ට පිළිතුරු ලැබෙන්න ඕනි. මේවාගේ අනවශ්‍ය වියදම්වලට පාර පෙන්නලා ඇස්තමේන්තු හදන නිලධාරිනුත් මේවට වග කියන්න ඕනි.
ඔය ලක්ෂ 84න් හෙවණක් නැති පවුල් කීයකට ගෙවල් හදල දෙන්න තිබුණද? ජවිපෙ මන්ත්‍රීවරුන්ට විතරද මේ අසාධාරනකම් පෙන්නේ? මහජන ඡන්දෙන් පත් වුණ අනිත් මන්ත්‍රී වරුන්ට මේවා පෙන්නේ නැද්ද? ජවිපෙත් නැත්නම් මේ දෙගොල්ල එකතු වෙලා මුළු රටම විකුණගෙන කනවා.
මාර වෙනසක් නේ තියෙන්නේ ගණන් දෙක අතර ඔබට සතුටුයිද දැන් ......
මිනිස්සුන්ගේ සල්ලි.....
මේ වැඩේ කොහොමත් අනුමත කරන්න බෑ. කිසිම පක්ෂයකට නැතිව කථා කළොත් අප අමතක කළයුතු දෙයක් නෙවෙයි 2015 ට කලින් මේ වගේම අනවශ්‍ය දේවල් වලට කෝටි ගණනින් වියදම් කළ හැටි.
මේ අයගේ බුදලේ වෙන්නැති වියදම් කරන්නේ?
සමහරවිට රත්තරන් වලින් හදපු දොරක් වෙන්න ඇති ඒක? නීතියක් රීතියක් නැති, තක්කඩි රජවෙලා ඉන්න රටේ ඉන්න පක්ෂයට ලැදි බැතිමතුන්ට මෙවැනි ක්‍රියා සුන්දර ලෙසනේ, පෙනෙන්නේ? කෝ මේ රටේ නීතිය? අසරණ ජනතාවගේ මුදල් හොරාකන තක්කඩි අමනයින්ට නීතිය අදාළ නැද්ද?
මහ ඇමතිතුමනි ඔබ දන්නවද ලක්ෂ 83 සහ ලක්ෂ 100 අතර වෙනස ඉතාමත් සුළු බව. වෙනස ලක්ෂ 13. ඔබතුමා මට පේන විදියට කෝටියට ලක්ෂ 100 බව දන්නේ නැති බවයි පෙන්නේ
අනේ අනේ ලැජ්ජ නැතුව මේවා කියන හැටි...! කෝටියට තව කීයද අඩු...? මෙගොල්ලන්ටම කියල දියවන්නාවටත් පිවිසුම් දොරටුවක් හදාගත්තොත් මුළු රටම ස්වයංපෝෂිතයි...!
දොරෙන් පොඩ්ඩක් එළියට ඇවිත් බැලුවොත් පෙනේවී දුප්පත් අහිංසක මිනිස්සු කොයි තරම් රටේ ඉන්නවාද කියලා...
මේ දොරේ වටිනාකමට පමණක් දුප්පත් මිනිස්සු කී දෙනෙකුට ගෙවල් හදා දෙන්නේ තිබුනාද?
සංවර්දනය වෙමින් පවතින රටක්. අනේක විද දුෂ්කරතා මැද දිවි ගෙවන බහුතර ජනතාවක් ඉන්න රටේ පළාත් සභාවේ දොරේ වටිනාකම පේනවානේ. ස්ත්‍රී දුෂකයන් ,මිනීමරුවන් ,මත් කුඩු කාරයන්ටත් සර් කියන්න වෙලා තියෙන්නේ දේශපාලනයට අද්‍යාපන සුදුසුකම් අදාල වෙන නීති දැන්වත් ගෙනෙන්න .
ඔහෙලා යන එන තැන්වලට මොන පිවිසුම් දොරවල්ද හලෝ? කඩුල්ලක් දාගත්තානම් හොඳටම ඇති. ජේආර් ගේ තුන්කල් බැලිල්ලට පළාත්සභාවල මෙවිදිහට ජනතාවගේ සල්ලි කාවී කියා නොපෙනෙන්න ඇති.
මට මතක් වුනේ ඉස්සර රබර් සේරප්පුවල ගාන දාලා තිබුන විදිහ. රු 9. 90 යි. කලබල වෙන්න එපා ඒ 1958 කාලේ. පිවිසුම් දොරත් ලක්ෂ 100 නොවෙයි ලක්ෂ 83 යි. වටහිරියා කෝටුවලින් කඩුල්ලක් දාගන්න
මේ දොර හදපු ලී වර්ගය මොකද්ද මහා ඇමතිතුමා? ඔය වර්ගයෙන් ගස් දෙක තුනක් වවා ගත්තනම් අපේ පරම්පරාවම ගොඩ.
බස්නාහිර පලාත් සභාවෙන් එකසිය තුන්දෙනෙකු වෙනුවෙන් මෙපමණ මුදල් නාස්තියක් කරනවානම්, පසුගිය වසර තුනක කාලය තුල මිලියන ගණනක් වූ මහජනයාට සේවය සදහා එම පලාත් සභාවෙන් වැය කල මුළු මුදල කොපමණද සහ එම ව්‍යාපෘතිවල වර්තමාන තත්වය ගැනත් වහාම අපව දැනුවත් කරන්න.
දොරේ ඇස්තමේන්තුව ලක්ශ 72. ගෙවා ඇති මුදල ලක්ශ 83. මුද්‍රණ දෝශයක්වත්ද?
ලක්ෂ 83 කියන්නේ කෝටියකට කිට්ටුනේ. මේක රත්තරන් වලින්ද හදලා තියෙන්නේ.
ප්‍රශ්ණයක් නැහැ අපේ සල්ලිනේ වියදම් වෙන්නේ ලක්ෂ අසුතුනක නොවෙයි කෝටි අසුතුනක හරි දොරක් දාගන්න.
සීගිරියේ පවුලක් දුප්පත් කමට දවසට එක වේලක් කද්දී රටේ පාලකයෝ ලක්ෂ 83ක් දීල දොරවල් ගන්න හදනවා. මේ තරම් දෙයක් දැක දැක මේ රටේ මිනිස්සු කොහොම මේ වගේ දේශපාලකයෝ බලයට ගේනවද මන්දා? යකාගේ හැටියට විමානේ කියනවා වගේ මේ රටේ මිනිස්සු ගන්න මෝඩ තීරණ වලට ගැලපෙන නායකයෝ
මේ කියන රාජකීය දොරේ නියම වටිනාකම තක්සේරු කල යුතුයි.
පුදුම දොරක්නේ ඒක. දොර ඔහොම නම් ගේ කොහොම ඇත්ද? අපි තව රට ඉදන් සල්ලි එවන්නම්කො..