(අජන්ත කුමාර අගලකඩ)
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බවට නැඟෙන චෝදනා සම්බන්ධ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පැවසීය.
මේ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරික්ෂණ ආරම්භ කර ඇතැයි කී ජනාධිපතිවරයා එහි වාර්තාව ලැබීමෙන් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන්නේ යැයි කීවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේ අද (14) උදේ පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අමතමිනි.
තමා මේ සම්බන්ධයෙන් අද (14) උදේ පොලිස්පතිවරයා ද කැඳවා විමසු බවත් අද සවස ද පොලිස්පතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතව සිටි බවත් ජනාධිපතිවරයා කීවේය.
එක්සත් ජාතික මහා මණ්ඩල සැසිවාරය හමුවේ තමා ලබන 25 වැනි දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එල්ල වී ඇති චෝදනාවලට මෙන්ම, යුද සමයේ දී දෙපාර්ශවය අතර සිදුවු බව පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබඳව ඉතිරි වී ඇති ගැටලු රැසක් විසඳා ගැනීමට එමගින් හැකිවී ඇති බවද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම හොල්ලන කතාවක් යලිත් වරක් ජනපති මුඛයෙන් පිටවුණා...! දේශපාලන නායක ඝාතනයක් කලකින් නොවුණු අපේ රටේ මේ චෝදනාව ඉක්මනින් හතර වටේ පැතිර යනවා නියතයි. කොහොම වුණත් මෙවැනි දේ සුළු කොට තැකිය හැකි දේවල් නොවේ. ඔඩු දුවා රට අස්ථාවර වීමට පෙර මෙවැනි දේවල්වලට කඩිනම් පිළියම් ගත යුතු වෙනවා...
අන්තිමේදී ප්ලෑන් කරේ මඩකලපුවේදීනේ... එතකොට වැරදිකාරයා කියලා මිනිස්සු හිතන්නේ හිටපු ජනාධිපති තුමාව. එයාලා මිනීමරුවෝ වෙනවා. එතකොට දෙවැනි පුටුවේ ඉන්න කෙනා පලවෙනි පුටුවට එනවා. අදහස පැහැදිලියි.
රටින් පැනීමට පෙර මොහු වහාම අත්අඩංගුවට ගත යුතුයි.
සමහරු ජීවත් වුණත් ඉන්නේ මැරිල වගෙයි. ඉතින් ඒවගේ අයව ඝාතනය කරන්න දෙයක් තියනවද?
එනවසරේ ඡන්දෙ එනනිසා මේවා හොඳ සටකපට වැඩ පොපියුලර් වෙන්න.. අනුකම්පාව ලබාගන්න ඒ වගේම අනිත් අයගෙන් පලිගන්න.
වැරදි පිරිසක් අතට අප බලය පවරා තිබෙනවා ඉන්දියාවේ රෝ සංවිධානයේ උගුලට අපි අහු වුණා. අප චීනයට ගැතිවෙන්න යන බවට විපක්ෂය දුන් අත්තනෝමතික ඔත්තුව වැරදිබව දැන් ඔවුන් පිළිගෙන ඇත. පසුගිය රජය සූක්ෂම ලෙස චීනයේ ණය ගත්තත් ඉන්දියාව ආරක්ෂා වෙන ලෙස තීන්දු අරගත්ත බව දැන් ඔවුන් පිළිගෙන ඇත. වරාය විකිණීම තුළින් ඉන්දියාවේ ආරක්ෂාව කොමිස් මුදල්වලට පාවා දී ඇති බවත් රෝ සංවිධානය මෙය යැංකි පාලනයක් බවත් පිළිගෙන ඇත..
කිසිම පුද්ගලයක් ඝාතනය කිරීම අනුමත කළ නොහැක. වැරදිකරුවෙකුට දඬුවම් දීම වෙන එකක්... ඝාතනය කිරීම තවත් දෙයක්. එමනිසා මාධ්‍ය සංදර්ශන නොමැතිව වැරදි කරුවන් සොයා දඬුවම් කළ යුතුයි.
විමර්ශනය කරන්න කියලා ඉල්ලන කට්ටියම විමර්ශනය කරන අයට දැන් දැන් "රණවිරුවන් දඩයමේ යනවා "කියලත් චෝදනාවක් කරනවා නේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්කරමින් මේ වැඩෙත් ඒ ගොල්ලන්ටම බාරදෙන එකේ තේරුම මොකද්ද? මේ ගැන යම් දවසක නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන්න උත්සාහ කලොත් අර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන්න හදපු වෙලාවේ වගේ කාට හරි "තද වෙයි" වත්ද?