අජන්ත කුමාර අගලකඩ
ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
හමුදා ප්‍රධානීන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට පත්වන අන්දමින් කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා එහිදී අප්‍රසාදය පළකර අතැයිද වාර්තාවේ.
මේ අතර තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින්ට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා විසින් අද දහවල් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන හිරිහැර කිරීමට එරෙහිව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද පැවැසේ.
ජනාධිපති කාර්යාලයේදී අද දහවල් 12.45ට පමණ ආරම්භ වූ විශේෂ කැබිනට් රැසවීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තාවේ.
මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි ද දැනගන්නට තිබේ.
තරුණයින් අතුරුදන් කිරීමේ චෝදනාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විජේගුණරත්න මහතාට එල්ලවී නැතිබවත්, ඔහුට ඇත්තේ සැකකරුවකුට රටින් පැනයාමට උදව් කළ බවට නැගෙන චෝදාවක් පමණක් බවත් ජනාධිපතිවරයාත් ඇමැතිවරුන් කිහිපදෙනකුත් එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
මේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩලයේදී එකඟත්වයක් ද ඇතිවූ බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හැසිරවිය හැක්කේ ගරු අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂාවන පරිදි මිස අන් අයගේ දේශපාලන අරමුණු වලට ගැලපෙන අයුරින් නොවේ. එය සැමටම සර්ව සාධාරණ විය යුතුය.
මේක හොද වැඩක් නෙවෙයි. ඒ අයට සමාව දෙන්න. ඒ අය හොද දෙයක් කලාම ලොක්කෝ ටික හොද නම දාගන්නවා. සිවිල් යුද්ධයකදී මිනිස්සු මැරෙනවා. මේවා දේශපාලනය නිසා ඇති වුනු දේවල්
සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. එය සැකසී ඇත්තේ රටේ නීති රාමුව තුල මිසක් සැකකරුගේ තනතුර මත නොවේ. යමෙක් අත්අඩංගුවට ගන්නේ පොලිසියට සාධාරණ සැකයක් තිබෙනවානම් පමණි. අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කර එම සැකය තහවුරු නොවන්නේ නම් ඔහුව නිදහස් කරනවා.
ඔබ හරි සැකකරුවෙක් කියන්නේ වැරදිකරුවෙක් නෙවෙයි.
සැකකරුවෙකුට රටෙන් පැනයාමට උදව් කිරීම වරදක් නොවන බව හඟවන්න හදන රටක මෙහෙමත් පාලකයෙක් '
අප්‍රසාද පළකර කර ඉන්නේ මොකටද? ඔබතුම සියලු විධායක බලතල ඇති සේනාධි නායකයා නේද? කොටින්ම හොබවන්නේ අර ගැහැණියෙක් පිරිමියකු කිරීමටත්, පිරිමියෙකු ගැහැණියෙකු කිරීමටත් පමණක් නොහැකි තනතුර නේද? අම්මප ඕක අපට තිබුනානම්, එක්කෝ උන්ද අදම අත්අඩංගුවට ගන්නවා, නැතිනම් වැඩේ සහමුලින්ම නවත්තනවා. ආයේ අතන මෙතන කියා කියා ඉන්නේ නැහැ. ඔය වෙලාවට තමයි අර සුද්දන්ටත් ලුණුමිරිස් කවපු කෙනාගේ වටිනාකම තේරෙන්නේ.
මට බොහොම වෙලාවට හිතෙන්නේ මෛත්‍රී ජනපති තුමා ක්‍රියා කරන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ස නායක ගේ කාර්ය බාරය කියලයි. ඒවගේම එතුමා කියන දේ එකට එකක් පරස්පරයි. ස්ථාවර භාවයක් අැත්මතෙ නැහැ වගේ. වැරැද්ද නම් දෙවි හාමුදුරුවෝ කලත් වරදමයි. එතුමාම වරෙක කියනවා නීතිය ස්වාදීන විය යුතුයි කියල. එහෙම කියන ගමන් එතුමාම කියනවා රණ විරුවන් ආරක්සා කල යුතුයි කියල. කුලියට මිනි මරණ එකද රණවිරු කම කියන්නේ ? අනේ මට නම් හරි ප්‍රහේලිකාවක්
ජනාධිපති තුමා උසාවි පොලිසි කරන දේවල් ගැන මේ විදියට ප්‍රකාශ පල කරන එක හොඳ මදි නේද?
අදිකරණයට අපහාස කිරීමට හාමුදුරු කෙනෙක්ව හිරේ දැම්මා නම් 11 ක් අතුරුදන් කරපු කෙනාව සඟවා ගෙන රටින් පිට කිරීම නිසා අත් අඩංගුවට ගැනීම වරදක්ද ? වැරදි කරපු හමුදා ප්‍රධානීන් වැරදි ලෙස අත් අඩංගුවට ගෙන තිබේනම් ඊට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන් නේද ? නීතියේ දේ නීතියට කරගන්න දීලා ඒකට ජනාධිපති මැදිහත් නොවී සිටියා නම් තමයි හොඳ ? එහෙම නැතිනම් පොලීසිය හා අදිකරණය කුමකටද ?
මේ රට කවදාකවත් යහපත් සහ වැදගත් දේශයක් වෙන්නේ නැහැ , දේශපාලකයින් නීතිය මෙහයවන්න ගියාම . දේශපාලනය වෙනයි, නීතිය කියන්නේ, මේ රටේ නීතිය. එය හැමෝටම එකයි . විශේෂයක් නැහැ . ඉමක් කොනක් නැතුව නීතියට ඇගිලි ගැසීම දඩුවම් ලැබිය යුතු වරදක් .
රාජ්‍ය සේවකයින්ට , හමුදා නිලදාරින්ට මෙය හොද පාඩමක් . කවදාකවත් දේශපාලුවන් මෙහෙයවන දුෂිත වැඩවලට උදව් දෙන්න එපා . තමන්ගේ නිල ඇදුමේ ගරුත්වය රැක ගන්න. එකය් පාඩම . නීති ගරුක වෙන්න .
හමුදා නිලදාරීන් අත්අඩංගුවට ගන්න කිව්වේ කවුද? යටගියාව නොවේ ඉදිරිය බලන්න ....හමුදා නිලධාරින්ට අත නොතබනු ...
මේ කියමනම ඇති මෙතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න.
හමුදා නිළධාරින්ට එක නීතියක් , දේශපාලකයින්ට එක නීතියක් සාමාන්‍ය ජනතාවට එක නීතියක් තියෙන රටක් හදන්න නොවේ අපි ජනවාරි අට ඡන්දේ දුන්නේ.
දැන් අපිට පේනවා කවුද මේ පාලනයේ කකුලෙන් අදින්නේ කියල. නොදකින්.
මට මතක විදිහට මේ මාණ්ඩලික ප්‍රධානියා තමයි එවකට නාවික හමුදාපති විදිහට වරාය වැඩ වර්ජනය වෙලාවේ වැඩ වර්ජකයින්ට පහර දුන්නේ. මේ රජයේ හොඳම හිතවතෙක්. හැමදාම පාලකයෝ හමුදාවත් , හමුදාව පලකයොත් ආරක්ෂා කරනවා. මොකද මෙ දෙගොල්ලෝ එකිනෙකා මත තදින්ම යැපෙන හින්ද. හමුදාවේ ලොක්කන්ට උසස්වීම් ගන්න පාලකයෝ ඕනි වගේම පාලකයන්ට ආරක්ෂා වෙන්න හමුදාව ඕනි. ජනාධිපතිගේ මෙ අප්‍රසාදය ඉහත අවස්ථාවේ ප්‍රබල ඉස්මතු වීමක්. වෙන විදිහකට කියනවනම් ඔහුට හමුදාවෙන් ලකුණු දාගන්න උත්සහ කරපු උත්සහයක්.
මේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු මාධ්‍යවලට නොකීමට ඇමැති මණ්ඩලයේදී එකඟත්වයක්ද ඇතිවූවානම් මේ විස්තරය දුන්නේ ජනාධිපතිවරයාමද? එක දවසක කියනවා තරාතිරම නොබලා වැරදි කරුවන්ට දඬුවම් දෙනවා කියලා. තවත් දවසක කියනවා "ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව". එතකොට රනිල් පුම්බන්න කටයුතු කරන්න කියලා කාටදෝ කිව්වා කියලා දැන් ප්‍රචාරය වී ඇති කෙනා ගැන මොකද කරන්නේ? පොහොට්ටුවේ කට්ටිය මේ කතාව අල්ලාගෙන දැනටමත් ලෝකේ වටේට ලොකු ප්‍රචාරයක් ගෙනියනවා " මේක නැගෙනහිරදී ජනාධිපති සහ ගෝඨාභය ඝාතනය කිරීමේ සැලැස්මක කොටසක්" හැටියට. මේවගේ හරිහැටි කරුණු සොයා නොබලා දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් භයානක ප්‍රචාර ගෙනයන කට්ටිය ගැනත් සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු කළොත් වැඩිය හොඳ බවයි පෙනෙන්නේ...
මම මෙපමණ කලක් හිතන් හිටියේ එක එක්කෙනාට එක එක විදිහට සලකන එකට මෙතුමා විරුද්ධ බවයි. අපි නම් අප්‍රසාදය පළ කරන්නේ එහෙම කරන එකටයි ඒකටයි. පොල් ගෙඩියක් හොරකම් කළ එකා කුදලාගෙන යනවා මිනී මරපු එකාව වඩම්මගෙන යනවා.
ප්‍රමාදවෙලා හරි ඔබතුමාට නුවණ පහළවීම ගැන සතුටුයි.