සිතුම් චතුරංග
යාපනය ,චාවකච්චේරි නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තියුණු ආයුධ රැගෙන ඇතුළුවූ පුද්ගලයකු විසින් අද (19) උදෑසන රුපියල් ලක්ෂ 18 ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි චාවකච්චේරි පොලිසිය කියයි.
මූල්‍ය ආයතනයේ සේවකයින් විසින් උදෑසන 08.30 පමණ විවෘත කිරීමෙන් පසුව මුහුණු ආවරණය සහිත හිස්වැසුමක් (ෆුල්ෆේස්) පැළද පැමිණි අයකු විසින් තියුණු ආයුධ පෙන්වා ගනුදෙනු සඳහා රැගෙන ආ රුපියල් ලක්ෂ 18 ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.
සෙංකඩගල ෆිනෑන්ස් නැමති මෙම මූල්‍ය ආයතනයේ මුදල් මෙලෙස කොල්ලකා ඇති අතර එම මුදල්වල නිශ්චිත ගණන මෙතෙක් අනාවරණය නොවූ බවද කීය.
මුදල් කොල්ල කෑ සැකකරු අංක තහඩු ආවරණය කළ යතුරු පැදියකින් පලාගොස් ඇති අතර යතුරුපැදිය පදවාගෙන තවත් අයකු පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.
චාවකච්චේරි බස්නැවතුම්පොළට මීටර තුන්සියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම මූල්‍ය ආයතනය අතුරු මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබූ බවත් එම අතුරු මාර්ගය ඔස්සේ කොල්ලකරුවන් පැමිණ කොල්ලකෑම සිදුකර පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
මූල්‍ය ආයතනයේ පැවති සි.සි.ටි.වි කැමරාවන් හි කොල්ලය සටහන්වුවද කොල්ලකෑම සඳහා පැමිණි පුද්ගලයා මුහුණු ආවරණ හිස්වැසුම් පැළඳ සිටීම හේතුවෙන් නිශ්චිතව හඳුනාගැනීම අපහසු වී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චාවකච්චේරියේ මූල්‍ය ආයතනයකින් ලක්ෂ 17ක් කොල්ලකාලා
anura Wednesday, 19 September 2018 09:01 AM
කිසියම් දෙයක ආරම්භයක් බව පෙනෙනවා. විරැකියාව සහ සමාජ අසාධාරණය.... මේවට මුල රටේ දුප්පත්කම නැතිකරන්න බැරිවෙලා තිබෙනවා. රට පාලනයේ සිදුවන බරපතල දූෂණ, වංචා නිසා මෙය වහා නිවැරදි කළ හැකි පාලකයෙක් රටට අවශ්‍ය වී ඇත.