(අජන්ත කුමාර අගලකඩ)
ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බඩු මිල සම්බන්ධයෙන් ඇමැතිවරුන් අතර කැබිනට් රැස්වීමේදී ඇති වූ සංවාදයකට එක්වෙමිනි.
ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව ජනතාව අතර ප්‍රශ්නයක් තිබෙන බව නිවාස හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඊට පිළිතුරු දී ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ අදහස සම්බන්ධයෙන් විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.
හාල්,පොල්, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල කලින්ට වඩා අඩුව ඇතැයි පවසා ඇති සමරවීර මහතා සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් වල හැමදෙයක් ගැනම කතා කළද මේ ජීවන වියදම අඩුවීම ගැන කතා කරන්නේ නැතැයි පවසා ඇත.
ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංවාදයට එක්ව ඇති අතර ජීවන වියදම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්නැයි ජනාධිපතිවරරයා ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් මුළු ආණ්ඩුව ගැනම අප්‍රසාදයි
රටේ නාස්තියය් අපනයන ආර්ථිකය දුර්වල වීමයි රටේ ශ්‍රම පලදායිත්වය පහත මට්ටමක තිබීමයි රටේ ආර්ථිකය අන්ත දුර්වල තත්වයකට පත් වීමෙන් රුපියල බාල්දු වී දුර්වල වී ආනයන අපනයන හා සංසන්දනය කරන විට ආනයන බෙහෙවින් වැඩි වීම යන හේතුන් මත සාමාන්‍ය ජනතාවට එදිනෙදාට අවශ්‍ය බඩු මිල වැඩි වී ඇත. ඕක අද ඊයේ වුන දෙයක් නෙවි, දශක ගානක ඉඳන් තියෙන දෙයක්.
2020 දී ජනතාව ඔවුන්ගේ ඡන්ද සූත්‍රය අනුව වැඩකරාවී. අපේ ඡන්ද සූත්‍රය හැදෙන්නේ වේදිකාවේ බෙරිහන් දෙන ඒවා අහලා නොවෙයි, ජීවත් වෙන්න දඟලන දැඟලිල්ල මතයි. මේගොල්ලෝ හිතාගෙන ඇති අපි ජීවත්වෙන්නේ කන්න කියලා ඒ නිසානේ හාල් පොල් අඩුවෙලා කියන්නේ. ගෑස් 195 කින් සීනි 20 කින් පාන් 5 කින් ඉහල ගියා. රැස්වීම් වල කියන ඒවා පිටරට ඉන්න අයට හොඳයි. ඒ ගොල්ලෝ රටේ සංවර්දනය ගණන් බලන්නේ ඩොලරයට ලැබෙන රුපියල් වලින්. 2015 අපේ ණය මිලියන 7500000 2018 දී අපේ ණය මිලියන 10500000 යි.
ජනතාවගේ අවාසනාවට මේ ඇමතිවරු ඉන්නෙ සුරංගනා ලෝකවල. රටේ බඩු මිල වැඩි වුනයි කිව්වත් කේන්නි යනවා. මාස්පතා පඩිගන්න සකසුරුවමින් මුදල් කලමනාකරණය කරගන්න මධ්‍යම පන්තිකයෙකු දන්නවා මාසයෙන් මාසයට එදිනෙදා පාරිභෝගික භාණ්ඩ පසුගිය දිනවල ඉහල ගිය බව. හාල් පොල් වගේ දේවල් දේශිය ඵලදාව අඩු වැඩි වෙන කොට මිල ඉහල පහල ගියත් සාපේක්ෂව වැඩිවීමක් තියෙන්නෙ. බදු බර වැඩි කිරීම ජනතාවගේ ඉපැයීම් හා ඉතිරිය විශාල ලෙස පහල බහිනවා. මෙවැනි තත්වයන් මුදල් ඇමතිවරයාට අවබොධයක් නැතිකම රටේම අවාසනාවක්. සාමාන්‍යයෙන් රටක බඩුමිල වැඩිවන එක ඇත්ත. පසුගිය මාස කිහිපය තුල මෙය දරාගත නොහැකි ලෙස සිදුවුනා.
සිරිසේන සහ සජිත් මහත්වරුන් නිවැරදියි. මේ ඇමතිකම වෙනත් දක්ෂ කෙනෙකුට දී රටේ බදු මිල, බඩු මිල අඩුකරන්න. එහෙම නොකොළොත්, රට ඉවරයි
එක පැත්තකින් තෙල් මිල වැඩිවෙනවා, අනෙක් පැත්තෙන් ඊට සාපේක්ෂව ඊට සම්බන්ද අනෙක් දේවල් වැඩිවෙනවා. ඩොලරය වැඩිවෙනවා, රුපියල අව ප්‍රමාණය වෙනවා, විදේශ ආයෝජන පෙර නොවූ විරු ලෙස පහල ගොස් තිබෙනවා. රජයේ පරිපාලන කටයුතු බොහෝ අංශ වල හරියාකාරව හෝ නිසි පරිදි ඉටු නොවන බව පෙනෙන්න තිබෙනවා.
ජනපතිතුමනි මෙම මුදල් ඇමතිකමට ජනතාවගේ දුක හඳුනන පරිසරය ගැන දුක හඳුනන කෙනෙක් පත්කෙරුවොත් ඔබතුමාට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මේ තනතුරට යහපාලනයේ ඉන්නම හොඳම පුද්ගලයා මම හිතන්නේ එරාන් වික්‍රමරත්න. නැතිනම් හර්ෂ ද සිල්වා.
ඇයි අපිට කියන්නේ
ප්‍රසාදයක් දක්වන්න මොනවත් වැඩක් මේ ආණ්ඩුවේ තියෙනවා ද?
මීට දින කිහිපයකට පෙර ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියා තිබුණු විපක්ෂය කෑගහන තරමට බඩුමිල වැඩිවෙලා නොමැත. එතුමා සෑමවිටම සිහිබුද්ධියෙන් කතාකරන්නේ. එ්නිසා ජනාධිපතිතුමාට පුළුවන් සතොසේ, සමුපකාර කාගිල්ස් වැනි ආයතනවලින් 2014 භාණ්ඩ මිලගණන්වල තොරතුරු ලබාගෙන ජනතාවට සත්‍ය පහදා දෙන්න.
පඩි සූත්‍රයක් නැද්ද? මිනිස්සු කොහෙන්ද සල්ලි හොයන්නේ?
කෝ අර මෙතන නිතරම විවාද කරන සිරිකොතේ අලුත්ම මාධ්‍ය ප්‍රකාශකතුමා එහෙම..? එතුමා මොනවද දන්නෙ නෑ මේ ගැන කියන්නේ ..?
දවසට පැය 24ක් නැතුව පැය 50ක් වත් කරන්න බැරිද? ඕ.ටී. කරන්නත් වෙලාව මදි.