(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ පිළිබඳ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා - ඒක කොහොමටවත් වෙන්නේ නැහැ.පලාලි ගුවන් තොටුපළ දෙන්නේ නැහැ. වැරදි ප්‍රචාර ගෙනයන්න එපා . අපි ඒ ගුවන් තොටුපළ සංවර්ධනය කරනවා.
විමල් වීරවංශ මහතා - ඒක වුනොත් ඔබතුමා ඇමැතිකමින් ඉවත් වෙනවද ?
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා - ඒක වුණාම බලමු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළලා මල්ලෙන් එලියට. මුට්ටිය දාලා බලනවා... හොරේ අහුවුණා.
අද කියන එක නෙමෙයි හෙට කරන්නේ.
එහෙනම් පලාලි ගුවන් තොටුපළ කාටද දෙන්නේ