පුෂ්පකුමාර ජයරත්න
හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව වාර්තා කිරිම සඳහා කිසිදු මාධ්‍යවේදීයකුට මහාධිකරණයට ඇතුළු වීම තහනම් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (11) නියෝගයක් නිකුත් කළාය.
ලංකා සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට අදාළ නඩුව අද (11) කුරුණෑගල මහාධිකරණයේ දී කැඳවිණි.
එම නියෝගයට අනුව පැමිණ සිටි මාධ්‍යවේදීන්ට මහාධිකරණයට යාමට ප්‍රධාන ගේට්ටුවෙන් කුරුණෑගල අධිකරණ පරිශ්‍රයටවත් ඇතුළු වීමට ආරක්ෂාව යොදවා සිටි පොලිස් නිලධාරිහු ඉඩ නොදුන්හ.
කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට කුරුණෑගල අධිකරණයේ විභාගවන නඩුවක් වාර්තා කිරිම තහනම් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වේ.
හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු වු මොහොමඩ් හකීර් සහ සතොස හිටපු සභාපතිවරයකු වු නලීන් ප්‍රනාන්දු යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
නඩුව අද (11) දින සිට අඛණ්ඩව විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියේදී ඇත්ත එලිවෙනවට ලැජ්ජා නම් හොරකම් නොකර ඉන්න ඕනෑ. නඩු විභාගය වසන් කලාට දෙන දඬුවම නම් වසන් කරන්න ටිකක් අමාරුයි .
ඉතා වැදගත් එඩිතර තින්දුවක්
මහා බැංකු කොල්ල නඩුවට පෙර හුරුවක්.
මාධ්‍යට තහනම් කලයි කියලා, නඩු තීන්දුව හංගන්න බැහැනේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමවත් ප්‍රයෝජනයට ගෙන ජනතාවට නියම තොරතුරු දැනගන්න බැරිද.
මොකක්ද අධිකරණයේ පරමාර්ථය. ජනතාවගෙන් කරුණු වසන් කිරීමේ අරමුණ කුමක්ද. අධිකරණය මේ ආරක්ෂා කරන්න හදන්නේ කාවද ? අධිකරණයට එසේ කරන ලෙස උපදෙස් දුන්නේ කවුද ?
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වත්ද? කොහොම වෙතත් ඒ කාලයේ කුරුණෑගල නඟරය වැහෙන්න දැවැන්ත කටවුට් ගහල මේගොල්ලෝ විනාශ කරපු සල්ලි අපරාදේ වෙන්න බැහැ. මොකද ඊළඟ වතාවේ බලය ලැබුනොත් පොලියත් එක්කම ආපහු හම්බ වෙනවානේ. ඊයේ කිවේ ඔය විශේෂ අධිකරණ වලට ගෙනෙන නඩු අහල අහවරක් කරන්න ඉතුරුවෙලා තියෙන කාල සීමාව හොඳටම මඳි කියලනේ.ඉතින් මක්කටෙයි අපි බය වෙන්නේ?
මේ වගෙ තීරණ ගන්න අධිකරණයේ සුරදුතයින් මොනවගේ තීන්දු දෙයිද කියල කොයි දෙයියන්ටද කියන්න පුළුවන්?
මාධ්‍ය නිදහස, සහජීවනය, යහපාලනය ?????????????
ජොන්ස්ටන්ගේ පක්ෂයෙන්ද මේ තීරණය ඉල්ලා සිටියේ ? ලැජ්ජා හිතිලා වෙන්න ඇති ගහපු ගැහිලි එළිවෙන නිසා ! රටේ ජනතාවගේ මුදල් හොරකම් කරන්න හොඳයි, නමුත් ඒ සෙල්ලම් දොට්ට යනවාට, ලැජ්ජයි, බයයි ! මේ උසාවි තීරණය ප්‍රජාතන්ත්‍රවාදයටත්, මාධ්‍ය නිදහසටත් මරු පහරක්. රජයේ පාර්ශවයෙන් මේ තීරණය හකුලා ගැනීමට සියලු කටයුතු කල යුතුය.
ඔය තීන්දුව මෙයාට විතරක් නෙවෙයි සහෝදර සමාගමටත් දෙන්න ඕන.
මේක ඒකාබද්දේ ඉල්ලීමක් වගේ.
මේක හොද තීන්දුවක්. රටට වැදගත්, රටට අභිමානයක් වන ජනතා නායකයෙකු ගැන ජනතාව අතර අපකීර්තියක් ඇති වීම වැලැක්විය යුතුයි. ඔහුන් රට ආරක්ෂා කලා මෙන්ම, අපද ඔවුන්ව ආරක්ෂා කල යුතුය.
බලන කොට ජොන්ස්ටන් ප්‍රනාන්දුලට තවමත් දේවල් කල හැකියි.
මේවගේ අය තියා ගන්න ලැජ්ජයි නේද ? පන්නා දමන්න.
හැමදේකටම ඒකාබද්ධ ගාවගන්න එපා ඩයස්. අධිකරණය ස්වාධීන නම් ඒකාබද්ධය ට වඩා බලයක් අධිකරණයට තියෙනවනේ ..
ගරු අධිකරණයේ ස්වාධිනත්වයට වගේම මාධ්‍ය ස්වාධිනත්වයත් වැදගත්. මෙම වීධානය ව්‍යවස්ථාවට පටහැනිද කියන කාරණය සලකා බැලිය යුත්තක්.
අපටත් තිබෙනවද මේ වගේ වරප්‍රසාද?
ජයතුංග මේ කා ගැනද කියන්නේ?
දියුණු රටවලත් විත්තිකාරයාගේ නම ප්‍රසිද්ධ කරන එක මාධ්‍යයට තහනම් කරනවා. හැබැයි, එහෙම කරන්නේ චුදිතයන්ට අගතියක් ඇති නොවීම සඳහා. මේ සිද්ධියේදී මුළු රටම දන්නා පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිවයි නඩුව. මෙතන මොකක්ද හංගන්න තියෙන්නේ. මේ තීරණය ජනතාවගේ අයිතියක් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් හැටියටයි මම නම් දකින්නේ.
හොර, මැරකම් කරලා උසාවියට මුහුණු වහගෙන යන එකේ ඕක මොකක්ද? ජනතාව දන්නවා සත්‍ය මොකක්ද කියලා. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ...