IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පෙම්වතිය ඝාතනය කර ගිනි තියයි

(පාලිත ආරියවංශ )

පානදුර වළාන දූෂණ මර්ධන අංශ‍යට අනියුක්තව සේවය කළ 23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක්  හාලිඇල ජගුල්ල පිහිටි සිය නිවස තුළදීම පිහියකින්  ගෙළ  කපා  සිරුරට ගිනි තබා  ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ඇයගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය  පවසයි.  

මෙසේ ඝතනය කර ඇත්තේ  ඇත්තේ චන්දිමා ප්‍රියදර්ශනී චන්ද්‍රෙස්කර නමැත්තියකි . සැකකරු ඇගේ නිවස ආසන්යේ තිබෙන ඌව කැටවල තේ වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙක් බවද පොලිසීය සදහන් කරයි .

ඝාතනයට  ලක් වු  තරුණිය  නිවාඩු ලබා ගෙදර පැමිණ සිටියදී  අසල්වැසි හිතවත් නිවසක දානයකට සහභාගී   වී ඇති අතර   ඇති අතර ඇය සිය පෙම්වතාට යැයි පවසා කෑම  පාර්සලයක්ද  රැගෙන පැමිණ ඇතැයි විමර්ශන වලින් හෙළි වී තිබේ.

ඇගේ නිවසේ කිසිවෙක් නොමැති බව දැන ඇයට නිවසට යන ලෙසට උපදෙස් දී ඇති බවත් ඉන්පසු එම නිවසට ගිය සැකකරු  මෙම අපරාධය සිදුකර ඇති බවත් විමර්ශන වලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .

නිවස තුළින් ගින්නක් පැතිරයනු දුටු අසල්වැසියන් වසා තිබු දොරකඩා ඇතුල්වී බැලීමේදි මේ අපරාධය දැක පොලිසියට දැනුම් දී තිබේ.

මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වෙද්දි   ඝාතනයට යොදාගත් බවට සැක කරන ලේ තැවරණු පිහිය ඇද යට තිබි සොයාගෙන  ඇති අතර තවත් පිහියක් නිවසින් පිටත  තිබී හමු වී තිබේ. 

සැකයක් මත මෙම ඝාතනය සිදු කළ බවට ඇගේ පෙම්වතා යැයි පවසන සැකකාර තරුණයා  පොලීසියට  පවසා ඇතැයිද පොලීසිය සඳහන්ය කළේය.

 සිද්ධිය සම්බන්ධයෙන්  හාලි ඇල පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පෙම්වතිය ඝාතනය කර ගිනි තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2078 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site