නාලක සංජීව දහනායක
තමාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රීකණ්ඩායමට ඉන්දීය සංචාරයට එක්වන ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ආරාධනය ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ප‍්‍රතික්‍ෂේප කර ඇත.
මන්ත‍්‍රීවරයා විසින් අද (3) සවස මේ බව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 ක් සිටින ඒකාබද්ධ විපක්‍ෂයට, විපක්‍ෂයේ අයිතිවාසිකම් නොදී මන්ත‍්‍රීවරුන් 16 කු සිටින කණ්ඩායමට විපක්‍ෂයේ අයිතිය ලබාදීම යථාර්තය නොවන බැවින් මෙම තීරණය ගත් බවද මන්ත‍්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ලබන 9 වැනිදා සිට ඉන්දියාවේ සංචාරය කිරීමට සැළසුම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමයි අල්ලස් කියන්නේ.... මොකද නැහැ කියනවද?
මේවට තමයි අල්ලස් කියන්නේ මොකද නැහැ කියනවාද?
ඒක හොද තීරණයක්... හොරුන් මිනීමරුවන් හා දූෂිතයන් යයි චෝදනා ලැබුවන් රට නියෝජනය කරමින් විදේශිය සංචාරවලට සහභාගීවීම රටේ ගෞරවය කෙළසීමට හේතු වෙනවා ඇත.
ඇමෙරිකාවේ සංචාරයකට නම් මෙයාලව නවත්ව ගන්න අමාරුවේවි !!!
මේ කාටවත් රට ගැන කැක්කුමක් තියනවද? බැංකොක් සංචාරයක් සඳහා ආරාධනා කරන්න. පටගාලා එයි.
මේක හරියට පොඩි දුරුවෙක් අම්මට තාත්තට මට අරක දුන්නේ නැතිහින්ද මට බැහැ කියනවා වගේ. රටට ආදරයක් තියනවානම් චාරිකාව ගිහිල්ල අවස්ථාව පැනලා ගන්න ඕනේ.
ඉන්දියාවේ යන්නෙ අධ්‍යාපන චාරිකාවක් වෙන්නැති?
එස් පවර් බලාගාරයට කෝටි 200ක් ගෙවීමට සිදුවීමෙන් ලංවීම අර්බුදයක එම නිසා ඉන්දීය ගමන අර්බුදයක
යාන්තම් ඇති ඉඳල ඉඳල දැන්වත් පණ ඇති තීරණයක් ගත්ත.
"ඉන්දියාවේ යන්නෙ අධ්‍යාපන චාරිකාවක් වෙන්නැති?"