( නිමන්ති රණසිංහ )
සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අද ((29) අධිකරණයට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ මෙම කරුණු අනාවරණය කරනු ලැබුයේ පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය සම්බන්ධ නඬුව අද (29) කැඳවු අවස්ථාවේදීය.
සැකකාර චන්දන ප්‍රසාද් යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම හා ඔහුට පහසුකම් ලබා දීම යන කාරණා මත හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර සැකකරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නෙහොත් නේවි සම්පත් ලබන මස 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව නැගී සිටින්න කාලය ඇවිල්ලා.
තමන්ගේ නිළය හා බලය උපයෝගි කරගෙන අපරාධ කල හා කරන සැමට මේක හොද පාඩමක්. නීතිය කාටත් එකසේ සාධාරණව ක්‍රියාත්මක වෙන කාලයක් උදා වෙමින් පවතින බවයි පෙනෙන්නේ. ඉදිරියේදි තව තවත් අපරාධ චෝදනා ඇති අය අත් අඩංගුවට පත්ව අධිකරණය ඉදිරියට එනු ඇත.
බොහොම හොඳයි. නීතිය සැමට පොදුවිය යුතුය. හොඳ පටන් ගැන්මක්, යෑමට ගොඩක් දුර ඇත.
හමුදාව නැගිටලා තවත් ළමයි ටිකක් අතුරු දහන් කරලා ගතමනාවක් හොයාගෙන තවත් රණවිරු සෙට්එකක් හැදෙන එක රටට කොච්චර හොඳක්ද?
ඇයි මෙච්චර කලක් එයාව අත්අඩංගුවට නොගත්තේ....
රාජපක්ෂලා හමුදාවත් කෑවා. තමන්ගේ දේශපාලන වුවමනාවල් වලට හමුදාව පාවිච්චි කරලා දෙන රණවිරු දඩයම කියලා මොර දෙනවා.
සන්තෝසයි.., නීතිය යම් පමණකින් හෝ ක්‍රියාත්මක වීම...
බමුණුආරච්චි ගොනෙක් වගේ කියවන්න එපා. නිල ඇඳුමක් ඇන්දා කියලා මිනිස්සු මරන්න අයිතියක් නැහැ. වරදක් කළොත් දඬුවම් ලබන්න වෙයි. රාජපක්ෂ යුගයේ මිනිස්සු මරපුවා දැන් අමතක වෙලා වගෙයි. දැන් අපේ ගොන් රැල හැසිරෙන්නේ. ගෝටෙක් ගැන කියකියා...
ඒ කාලේ සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා නම් මෙතන පුදුම වෙන්න දෙයක් නැහැ.
ඔය නීතිය මහ බැංකුව කොල්ල කද්දී කොහෙද තිබුණේ. එක ඇමතියට කෝටි ගණන් සල්ලි දුන්න එ්ව එළිපිට ඔප්පු වෙද්දී ඔය නිතිය සැඟවිලාද හිටියෙ.
මෙහෙම කියමනක් තිබෙනවා "යුද්දය දිනන්න පුළුවන් කෙනාට සාමය ඇති කරන්න පුළුවන්. සාමය ඇති කරන් ඉන්න කෙනාට යුද්දයක් දිනන්න බැහැ" කීවේ වින්සන් චර්චිල් මහතා. මෙය අත්දුටු සත්‍යයක්
මෙතන බොරු සිංහල නම් දාගෙන හමුදාවට ගරහමින් අපහාසාත්මකව ලියන අය බෙදුම්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ අය වෙන්න ඕනෑ...
බමුණුආරච්චි, ඔයාලා වගේ මෝඩයෝ නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ... හමුදාවේ වූ පලියට අහිංසක ළමයි මරන්න අයිතියක් නෑ. ඔය මරපු ළමයෙක් ඔයාගේ වුණානම් ඔයා ඔහොම කතා කරනවද? මේ මැරුවේ යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයින්...
බමුණුආරච්චි නිකන් වලිගය පාගාගෙන මෙතන අදහස් ඉදිරිපත් කරන්න එපා.. ලක්ෂ හැටදෙකක් ඡනතා කැමැත්ත දැන් ක්‍රියාත්මකයි. ඔහේලා වගේ අයවත් අත්අඩංගුවට ගන්න ඕනේ .. ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි වීම නිසා...
හොඳ ප්‍රවණතාවක්. කෙසේ හෝ කාටත් එකවගේ ක්‍රියාත්මක වෙන නීතියක් ලංකාවට අවශ්‍යයි. ළඟ එන ඡන්දය නිසා කරන සංදර්ශනයක් නොවේවා.
මේ කියන විදිහට නාවික හමුදාවේ ගිණුමකින් මෙම පුද්ගලයාට පලායාම සඳහා රුපියල් ලක්ෂ 5කුත් දීලා, පලායාමට වේග ප්‍රහාරකයකුත් දුන්නා නම් මේක විශාල වරදක්, මේක රණවිරු ලේබල් එක යටතේ ගැලවිලා යන්න බැහැ. නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ මෙම පුද්ගලයා අල්ලන්න එනවා කියලා පත්තරෙත් දමල එනකොට මොහුත් රට පනින්නේ නැතුව ලංකාවේ ඉඳීවිද කියන එක...
පිටරට ඉඳන් ජාතියක් වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට ගරහන අය එක්ක තනියෙන් වුණත් නොබියව අදහස් ප්‍රකාශ කරන කලගුණ දත් සැබෑ සිංහලයෙක්...
මේකනම් මිස් ෆයර් වීමක්...
අදහස් ප්‍රකාශ කිරීම් අතින් අපේ අය ගොඩක් හොඳයි. නීතිය කාටත් පොදුයි. මගේ අදහස නම් අද මෙතුමාට අත්වෙන්න යන ඉරණම නිල ඇඳුමක් ඇඳගෙන ආණ්ඩුවකට විරුද්ධ වෙන්න බැරි නීතියට ලැබෙන දඬුවමක්... යමක් කලේ නම් එම ක්‍රියාව සම්බන්ධව එතුමාට කාගෙන් හරි අණක් ලැබෙන්න ඕනෑ. එහි ප්‍රතිඵලය තමයි ඔය ලැබෙන්න යන්නේ. මේ වගේ රටක ඔබලා කෙසේ සිතුවත් නිල ඇඳුම ඇන්දට හා අඳින්න වුණාට සිතින් දුක්වන විශ්‍රාමික හමුදා සාමාජිකයින් ඕනෑතරම් ඉන්නවා. මොකද නිල ඇඳුම අඳින කාලේවත් එ්කෙන් අයින් වුණාමත් ලංකාවේ කිසිම සැලකිල්ලක් නැහැ එ්කයි ඇත්ත... යුද්ධය නොතිබ්බා නම් ඔය රණවිරුවන් ගැන කතාකරන අය කියන්නේ අට පාස් ආමිකරයා... එහෙම නැත්තම් නේවි කාරයා පොලිස් කාරයා කියල විතරයි...
ආරක්ෂක අංශ ප්‍රධානියා සැබෑ සොල්දාදුවෙක් සහ නාවික හමුදා විශේෂ බලකායේ නිර්මාතෘ බව හැමෝම දනී. අපට සවන්දීමට හැකිවූයේ විශිෂ්ට චරිතයක් සහ සැබෑ සටනක නායකයායි. එම සටනේදී පමණක් නොව, සිවිල් ජීවිතයේදී පමණක් ඔහුගේ නායකත්වය තහවුරු කර ඇත. එල්ටීටීඊයට එරෙහිව මුහුදේ ගැටුම් වලදී ඔහු තුවාල ලබා ඇත. ඉහත සිද්ධිය පදනම් විරහිතයි. නිසැකවම මෙම ඇබැද්දිය සැබෑ රණවිරුවන් මත පීඩනය කිරීමට තැත් කරන දෙමළ ඩයස්පෝරාව සහ පටු දේශපාලන න්‍යාය පත්‍රයක් බව ඔප්පු කරයි.
වැරදි කලානම් දඬුවම් විදින්නම ඕන. මේකේ අදහස් දාන සමහර අය හිතන්නේ ලොක්කෝ වුනාම නීතිය අදාල නෑ වගේ.
මට නම් ඔය කතාව විශ්වාස කරන්න අමාරුයි. ඔය කියන නිලධාරියාව සමහරවිට කට උත්තරයක් ගන්න එන්න කියවී. මේ ශ්‍රී ලංකාවයි මහත්වරුනේ මම කියන්න ඕනේ නැහැනේ මෙරටේ සිදුවෙන දේවල් ගැන...
බමුණුආරච්චි මට නම් හිතෙන්නේ ඔයාට හොද බේගල් ආරච්චි කියන නම
ඔය Bamunuarachchi, වගේ අය කියවන්නේ මෙලෝ හසරක් දැනගෙන නෙවේ. හමුදා මාණ්ඩලික ප්‍රධානි නෙමේ , කව්රු වුනත් වැරද්දක් කරලා තියෙනවා නම් අත් අඩංගුවට ගත යුතුයි. මේ රටේ ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍ය ඔය කොයි කාටත් වඩා ඉහලයි. නීතිය කාටත් සමානයි.
වැරදි කළ අයට දඬුවම් දෙන්න ඕනේ.
මේ ලිපිය මේ වෙනකොට බලලා තියෙන්නෙ 10481 දෙනයි. ඒ වුනාට එක පාර්ශවයකට පක්ෂව කැමති/අකමැති සලකුණු කිරීම් 11000, 12000, 14000 තියනවා. ඒ කියන්නේ ඒ පාර්ශවයේ අය හිතා මතාම තමන්ගේ ගොඩ වැඩි බව පෙන්නන්න උත්සාහ ගන්නවා.
මේ සියලු දෙනා හොර හැත්ත..... ඡන්දේ දෙන අපි සුපිරි ගොන්නු
ඕන ඔට්ටුවක් ඔහු දැන් රටෙත් නැහැ ,