(නිමන්ති රණසිංහ)
සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහිව අල්ලස් නඩුවකට අධිකරණය හමුවේ සාක්කි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට ලබන නොවැම්බර් මස 16 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) සිතාසි නිකුත් කළේය.
ආනයනික සුදු කැකුළු සහල් විකිණිමේ ක්‍රියාවලියේදී මිල දර්ශනයට පටහැනිව සහල් මෙට්‍රික්ටොන් දාහක් විකිණිමට නියම කර රුපියල් මිලියන 4 ක් රජයට පාඩු කළැයි මෙම නඩුව සතොස වැඩබැලු හිටපු සාමාන්‍යධිකාරී සුනිල් නිලේෂියස් විමල් පෙරේරා යන අයට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මෙසේ සිතාසි නිකුත් කර තිබේ.
මෙම සිද්ධියට අදාලව එවකට වෙළෙඳ ඇමැතිව හිටපු රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඈන් වින්ද්‍යා ප්‍රනාන්දු යන අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවෙන්න. මට මතක නැහැ සංකල්පයේ පියා සාක්කි දෙනවා නැවතත් "මට මතක නැහැ" කියලා...
මිලියන 160 මතක නැති එකාට මිලියන 4 මතක තියෙන්න විදිහක් නැහැනේ . මම දන්නේ නැහැ .. මට මතක නැහැ .
මතක නැති මිනිහගෙන් මොන සාක්ෂි විමසීම?
විත්තිය සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරනු ලැබේ...!
අන්න හෙට අනිද්ද ආයෙත් ඇමතිකම දෙන්න යනවලු.