( මනෝප්‍රිය ගුණසේකර )
ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනකුට අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු ලැබු අතර රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.
ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කළේය.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය නිකුත් කළේය.
යළි නඩුව ඔක්තෝබර් 9 වැනි දා කැඳවිමට නියමිතය.
(ඡායාරූප ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය කෙනෙකුටනම් ඇපත් නැහැ.
රාජය දේපොළ අවභාවිතා කිරිම ඇප දිය නොහැකී වරදක් නොවේද. මෙතනදී නීතිපතිවරයා හිතාමතාම තම වගකීම පැහැර හැර ඇති බවයි පෙනෙන්නේ.
රාජය දේපොළ අවභාවිතා කිරිම ඇප දිය නොහැකී වරදක් නොවේද. මෙතනදී නීතිපතිවරයා හිතාමතාම තම වගකීම පැහැර හැර ඇති බවයි පෙනෙන්නේ.
රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම ඇප දිය නොහැකී වරදක් නොවේද. මෙතනදී නීතිපතිවරයා හිතාමතාම තම වගකීම පැහැර හැර ඇති බවයි පෙනෙන්නේ...
දැන් හරිද ඔක්කොම එතකොට... නීතිය දණ නමනවා රාජපක්ෂලාට, එ්කයි කියන්න තියෙන්නේ... මේක දැන් සෙල්ලමක් වෙලා.. හරි දේ හොයලා හරි දඬුවම් දෙන්න නීතියත් බය වෙලයි ඉන්නේ...
2020 ඔටුන්න ගන්න බලන් ඉන්නවට හොඳ වැඩේ. ඇතුළටම දාන්න ඕනේ...
මෙයා සාමාන්‍ය කෙනෙක් නෙමේ... දැන් ගොඩක් දෙනාට මතක නැති වුනාට ජීවිත ගණනාවක් බේරපු කෙනෙක්... නමුත් තවම තීන්දු නොලැබුණු මිනීමැරුම් කීපයක් ගැන කියනකොට තමයි මෙතුමාගේ නම කියන්නේ... මෙතුමා කරපු වරදක් තියනවා. වැරදි රටේ ඉපදුණු එක... කොටි සංවිධානයේ සාමාජිකයෙක් වුණානම් මීට වඩා සැලකීමක් ලැබෙනවා එයාලගෙන්..
ඒ අයට වගේ අපිටත් ඇප ලැබෙනවා නම් ඉතින් අපිත් හොරකම් කරනවා. ඒ වුණාට අපිට ඒවා ඔට්ටු නැහැනේ?
බයයිද අනේ?
ඔක්කොම උසාවි යන්නෙත් හිනා වෙලා, උසාවියෙන් එන්නෙත්, හිරේ යන්නෙත් හිනා වෙවී.
ලස්සනට හිනාවෙවි ඉන්න පුළුවන් එකත් කෙතරම් අගේද.?
බමුණුආරච්චි විද්වතා මේ ගැන මොකද කියන්නේ බලමු.
ගෝඨා සිර භාරයට ගැනීම වැලක්වීමට එරෙහිව ඉල්ලා පනවපු අතුරු තහනම් නියෝගය නිසාද තවමත් මේ අය නිදහසේ සුවය විඳිමින් තරු හෝටල්වල සාද දැමීමට තරම් වාසනාවන්ත උනේ ? මේ අයට තවමත් රජයේ බෝඩිමේ ගේට්ටු, කූඩු ඇරෙන බවක් පෙන්න නැහැ...
අපේ තාත්තගේ සොහොන් කොතත් ජනතාවගේ මුදලින් හදා ගන්න ක්‍රමයක් තියනවද?
මීට වඩා විශාල මහා බැංකු හා අනිත් මංකොල්ල ?
බයකටම නෙමේ මහී මහත්තයෝ, අපේ රටේ නීතිය ගැන අපිට නම් තියෙන්නේ විශාල කලකිරීමක්.
එක යුගයක් තිබුණා මුළු රටක් ජීවත දානය ඉල්ලා වැඳ වැටුණු ..ඒ වෙනුවෙන් කැප වුණු මිනිස්සු අද දංගෙඩියට දක්කන වැඩේ භාර දීලා තියෙන්නේ එදා යුද්ධයට හිනාවෙල අපහාස කරපු උදවියට...මහ බැංකු වංචාව වගේ කප්පරක් හොරකම් කරපු මිනිස්සු තමයි අද මේ වගේ මිනිස්සු පස්සෙ එලවන්නේ..කමක් නැහැ ඔහොම යමු
නඩුව අහලවත් නැතුව සිරගත කිරීමකුත් නැතුව ඇපදීල මුදා හැරියා කියන මේ අපබ්‍රන්සය කුමක්ද ?
දැන් ඉතින් මෙතන දෙපැත්තට, තුන් පැත්තට බෙදිලා අපේ අයියලා, තරගෙට හොරුන්ව නාවලා සුද්ද කරන්න යයි. ඔය කොයි හොරෙක්ව වත් නාවලා සුද්ද කරලා රජ කරවලා අපිට සෙතක් නැහැ. රටට හා ජනතාවට අවංකව සේවයක් කල හැකි, උගත්, බුද්ධිමත් නව නායකයින් පිරිසක් ජනතාව තෝරා පත් කර ගත යුතුයි.
ලංකා ඉතිහාසයේ දැවැන්තම හොරකම කරලා සිංගප්පූරුවට වෙලා සැප ගන්න කෙනාව ගෙනල්ල නඩු අහන්නේ කවද්ද. අපි බලන් ඉන්නවා.
මැරුණු දෙමාපියන්ටත් නිගාදෙන මෙහෙමත් පුත්තු
පොඩ්ඩක් විමසිලිමත්ව බැලුවානම් තේරුම් ගන්න පුලුවන් අදහස් ප්‍රකාශ කරන බහුතරයක් වෙනත් රටක ඉන්න, ආඩම්බරෙන් ඒ රටේ නම ඉස්සරහට දාගෙන පක්ෂ වෙනුවෙන් කඩේ යන උදවිය.. අපිට පක්ෂ පාට අදාල නැහැ.. හැබැයි අපිට මර බිය නැතුව ඉන්න වැඩ කරපු මිනිස්සුන්ට මේ කරන දේවල් නම් වැරදියි.. මොකද වැරදි නොකරන කිසිම දේශපාලකයෙක් කිසිම පක්ෂයක නැති නිසා..
කතාව නම් බෝධිසත්ව ගුණෝපේතයි. අම්ම අප්පාගේ සොහොන් හැදුවෙත් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින්... ඒත් ඒවාට උත්තර දෙන්න බයයි. දැන් ඉතින් නඩුවට විරුද්ධව කලින් කළා වගේ වෙන නඩුවක් දාවි. අපොයි මෙහෙමත් බයගුල්ලෝ.
අපි දන්නවා කිරි කලයකට ගොම බින්දුවක් වැටුනත් කිරි කාලයම ඉවරයි. නමුත් මේක අනික් පැත්ත. එක හොද වැඩක් කරලා මුල රටම හොරකම් කරන එක සාධාරණද?
දේශපාලනටය එන්න කලින් තිබ්බ වත්කමයි දැන් තියෙන වත්කමයි බලන්න. මිනිසුනේ සත්‍ය අවබෝධ කර ගන්න. මෙතන පාට පක්ෂ අදාලම නැහැ. අදහස් නම් තියෙනවා ගොඩක් දාන්න. නමුත් වැඩක් තියෙනවද. මේ අදහස් බලලා රට හදනවනම් මොනවා කරන්න බැරිද. අපි අදහස් ප්‍රකාශ කරන්නේ අපේ රට ගැන හිතේ තියන වේදනාවට. මේ ක්කෝම ඉපදිලා තියෙන්න හරි කාලයට නමුත් අපි ඉපදිලා තියෙන්න වැරදි කාලයක. රටක විපත්තියක් නම් අපි හදවතින්ම වැඩ. නමුත් මේ දේශපාලකයෝ එතනත් ගානක් කපාගෙන ලකුණු දාගන්නවා.
නඩුව නැවතත් ඔක්තොම්බර් 09 වැනි දින කැඳවීමට නියම කලේ අධි චෝදනා බාර දීමෙන් පසු මාසයක් දක්වා අධි චෝදනාවලට උත්තර බැඳීමට කාලය ලබාදීම සාමාන්‍ය අධිකරණ ක්‍රියා පිළිවෙත අනුවයි.
මම නම් කියන්නේ මේ රටේ යුද්දේ ඉවරකරපු රාජපක්සවරුන්ට රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන . ඒ අයව උසාවි ගෙනියන එක තහනම් කරන්න ඕනා. නැද්ද ????
මේ ඉතින් මහා ජනතාව රවටන්න කරන දේවල් නේ. හැමදාම හොරුන්ව හුරතල් කරනවා. මිනිසුන්ට පෙන්න සේරම තහනම් කරනවා. ආයේ පිට රට යන්න ගමන් බලපත්‍රය දෙනවා . නිදහස් කරනවා. නඩු කල් යනවා. දුප්පත් අයට නඩුව ඉක්මනට අහනවා එදාම ඇතුලේ. අසනීප කාරයෙක් උනත් කිසි කතාවක් නැ. මේ ගොල්ලේ හිටපු ගමන් අසනීප වෙනවා ඇතුළට යන්න උනොත් එහෙම.
පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ හා රාජ්‍ය සේවයේ ඉන්නේ ලෙඩ්ඩු... පෞද්ගලික අංශයේ අයට ලෙඩත් නැහැ උද්ඝෝෂණ කරන්න හැකියාවකුත් නැහැ. රට දුවවන්නේ කාර්යක්ෂම පෞද්ගලික සේවකයන් නිසා.