(ඩබ්ලිව් ඒ. අසේල )
දරුවකු මිය යාමේ සිද්ධියත් සමඟ දින නියමයක් නොමැතිව වසා දැමුණු ගලහ රෝහල යළි විවෘත කරන්නැයි කියමින් ගැමියෝ ගලහ නගරයේ අද (02) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
පසුගිය 28 වැනිදා සිට මේ වන තුරු රෝහල වසා දැමීම හේතුවෙන් තමන් මහත් අසීරුතාවට පත් ඇතැයිද ගැමියෝ පවසති.
වෛද්‍යවරුන්ද වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇති අතර මේ වනතුරු නව වෛද්‍යවරයකු රෝහලට ලබා දී නොමැති වීමෙන් රෝහල වසා දමා ඇතැයිද උද්ඝෝෂකයෝ සඳහන් කරති.
මෙම රෝහල වසා දැමීමහේතුවෙන් හදිසියකදී අසනීපයකට බොහතක් ගැනීම සඳහා කිලෝමිටර් 10 ක් පමණ දුරින් පිහිටි දෙල්තොට ප්‍රාදේශිය රෝහලට යා යුතුව ඇති බවත් එය ඉතාමත් අපහසු කාර්යක් බවත් ඔවුහු සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා තව අහිංසක රෝගීන් දෙතුන් දෙනෙක් මරාදාපුවාම තේරෙයි ඔබතුමාලට... කොහොමත් රෝහල වහපු එක ගම්වැසියන්ට හොඳයි.
දොස්තර මාෆියාව, කුඩු මාෆියාවටත් වඩා භයානකයි...
හිටපු මනුස්සයට ගල් ගහල එලවාගත්තා.. ආයෙ එන්නලු. රෝහලට හානි කරපු අයට දඬුවම් කරන්න ඕනෑ.
රෝහලේ ඉතුරු ටිකත් කුඩුපට්ටම් කරගත්තා නම් ඉවරයිනේ. මේවා හදන්න වියදම් කරන්නේ මහජන මුදල්...
මෝඩකමට බෙහෙත් නැහැ කියන්න... දැන් ඉතින් කරන්න තියෙන්නේ රෝහල කඩා අලාභ කර කට්ටිය එක්කහු වෙලා දිවා, රෑ තමන්ගේ වියදමින් හෝ දේශපාලකයන් උල්පන්දම් දුන්නා නම් අම්ම අප්පගේ දේපල විකුණලා හරි රෝහල්, ගොඩනැගිලි අලුත්වැඩියා කරලා හොරකම් කරගෙන ගිය දේවල් තියනවා නම් ඒ සියලු දේ රැගෙන විත් නැවත රෝහල යථා තත්වයට පත්කරන එකයි. ඊට පස්සේ තමන් අදහන දෙවි දේවතාවුන්ට පිදේනි දෙනවා වගේ අර හිටපු රෝහල් කාර්ය මණ්ඩලයට පුදලා කන්නලව් කරන එක තමයි. ඒ මිනිසුන්ගේ හිත් උණුවී ගමට ශාන්තියක් උදාවේ...
සාධාරණ හේතුවක් නැතිව වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට පහර දුන් හා රෝහලේ දේපළවලට අලාභ හානි කරපු මේ මුග්ධ මිනිසුන්ට නැවත රෝහල විවෘත කිරිමට පෙර තමන් විසින් සැලසුම් සහගතව කල අපරාධය පිළිබඳව සමාව ඉල්ලීමට පියවර ගත යුතුයි.
සේවාවේදි වුණු මොනතරම් නරක වරදකට වුණත් නීතිය අතට අරගෙන සම්බන්ධ අයට මරණ දඬුවම දෙන්න කාටවත් අයිතියක් නෑ. දැන් මොන තරම් හොඳ හිතක් තියෙන වෛද්‍යවරයෙක් වුණත් මෙතනට යන්නෙ මරණ බියෙන්. උද්ඝෝෂණ කරලා විතරක් මදි ගෝත්‍රික විදියට හැසිරිලා එක පුද්ගලයකුගේ වරදකට පොදු සේවාවක් අඩපණ කරපු අයව නීතියේ රැහැනට කොටු කරන්නත් ගමේ අය කටයුතු කරන්න ඕනේ...
රෝහලකට ගල්ගහලා විනාශ කරන්න තරම් මිනිස්සුන්ට පිස්සු නැහැ. අසරණ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන, ඒ ජනතාවගේ බදු මුලින්ම වැටුප් ලබන දොස්තරලා තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු කරනවා වෙනුවට, තමන්ගේ කාර්යය කර ගැනීමට මේ රෝහල් භාවිතා කිරීම තමයි වර්තමානයේ පවතින ගැටළුව. මෙතන රාජකාරිය පැහැර ඇති දොස්තර රෝහල තුළ සැඟවී සිටීම හේතුකරගෙන දොස්තරට ගල් ගැසුවා විනා රෝහල ඉලක්ක කරගෙන ජනතාව ගල් ගැසුවේ නැහැ. දොස්තර තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළා නම් හෝ ඒ දෙමව්පියන්ට පෞද්ගලික රෝහලකට දරුවා රැගෙන යන්න මුදල් තිබුණා නම්, අදටත් දරුවා ජීවතුන් අතර සිටිනවා. අනුන්ගේ දරුවන් මළාට, තමන්ගේ දරුවන් යහතින් ජීවත්ව සිටින නිසා දරුවෙකුගේ ජීවිතයට වඩා දොස්තරගේ උජාරුවේ වටිනාකම හා දොස්තර මාෆියාවේ බලවන්තකම ඉස්මතුවීම තමයි සමහරක්ගේ අදහස්වලින් පිළිබිඹු වන්නේ...
රජයෙන් කරන අසාධාරණවලට දොස්තරලා විරුද්ධ වෙන හැම වෙලාවේම දේශපාලකයන්ගේ වැරදි නොදකින අපේ කට්ටිය කතා කරන්නේ දොස්තරලට ගහමු, මරමු, එලවමු කියලනේ. ඔන්න දැන් දොස්තරලට ගහල එලෙව්වා, අද ඉඳන් තමන් වන්දනාමාන කරන දේශපාලකයන්ට කියලා බෙහෙත් ගමු එහෙනම්...
ගලහ රෝහල සදාකාලිකව වැසිය යුතුය. ජනතාවට ත්‍රිරෝද රථවලින් පේරාදෙණිය රෝහලට යා හැකිය..
දැන් මේ රටේ නොමිලේ සපයන නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ මිනීමරු දොස්තරලාට අවශ්‍ය පරිදි නම්, ඔය රෝහල වසා දැම්මාට කිසිඳු ගැටළුවක් නැහැ. එක අතකට මිනීමරු පාතාල කල්ලි සිටින ස්ථානවලට රෝගීන් යනවාට වඩා, ගෙදර මැරෙන එක කාටත් සුබයි. පාතාල කල්ලි මුදලට මිස, පිනට සේවය නොකරන බව මේ රටේ ජනතාව අවබෝධ කර ගත යුතුයි.
"ගහල" වගේ මුඩුක්කු සංස්කෘතියකින් සුපිරි ගමකට .. රජයේ රෝහලක් වැනි දේවල් ලබාදීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ..? රෝහලේදී ලෙඩෙක් මරණයට පත් වුණාම... ගමම එකතුවෙලා රෝහලට.. ගහල, කඩලා බිඳලා දානවා..
වරදක් කර බන්දනාගාර ගතවන අයෙකුට ලැබෙන රැකවරණය හා හව්හරනයවත් දැන් රජයේ රෝහලකට ඇතුළු වන රෝගියෙකුට නැති බව තමයි මට නම් හැගෙන්නේ. පැය දෙකකට ආසන්න කාලයක් දොස්තර දරුවා පරීක්ෂාවකට ලක් කරනු තබා, ළදරුවා දෙස හැරිලාවත් නොබැලුවා නම් වරද සිදුවී ඇත්තේ කොතනද බව පැහැදිලියි.
වරදක් කර බන්ධනාගාර ගතවන අයෙකුට ලැබෙන රැකවරණය හා හව්හරනයවත් දැන් රජයේ රෝහලකට ඇතුළු වන රෝගියෙකුට නැති බව තමයි මට නම් හැගෙන්නේ. පැය දෙකකට ආසන්න කාලයක් දොස්තර දරුවා පරීක්ෂාවකට ලක් කරනු තබා, ළදරුවා දෙස හැරිලාවත් නොබැලුවා නම් වරද සිදුවී ඇත්තේ කොතනද බව පැහැදිලියි. මේ සිද්ධියේදී ආවේගශීලී නූගත් ගැමියන්ගේ ක්‍රියාවට වඩා, උගත් දොස්තරගේ ම්ලේච්ඡකම ඉහළයි. අපි මෙතන මොනවා ලිව්වත් මිනීමරුවාගේ හිත දන්නවනේ දරුවා මියගියේ කාගේ වරදින්ද යන බව... දැන් මෙතන උත්සාහ කරන්නේ... මුදල් බලයයි, තත්වයයි යොදවලා මිනීමරුවා සුදනෙක් කරන්න වෙන්න ඇති?
දොස්තරගේ අතින් වැරද්දක් වුණාම ගොඩනැගිලි වාහන පලි නැහැ. ඒවා මහජන දේපල. නිකන් අත්ඇරලා බැහැ. මරු සෙල්ලමනේ. දරුවා පව්. ඒ අම්මා, තාත්තටත් දරු දුක තියනවා. වලිප්පු තත්වයක් තිබුණාම සෙම හිර වෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරලා දඬුවම් කරන්න ඕනේ. නීතිය තමන් අතට ගැනීම වැරදියි.
දරු දුක නොදන්නා උගත් යයි කියාගන්නා අමනයින්ගේ නින්දිත ක්‍රියාකලාපය දැක මගේ හද සසල වූවා. මිහිපිට දෙවියන් යන විරුදාවලිය ලත් වෛද්‍යවරු වෙනුවට, ජනතාවගේ ජීවිත බිල්ලට ගන්නා යක්ෂයින් (වේද මාෆියා සංගමයේ සාමාජිකයින්) කොටසක්. (ලංකාවේ සිටින සියලුම වෛද්‍යවරු නොවේ) බිහිවී ඇත්තේ ජාතියේ අවාසනාවටයි.
මිනිසෙකුට ගල් ගැසීම සාධාරණීකරණය කරන බද්‍රානි වැනි අයගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී අදහස් මින් පසුව නොකියවාම දැමීමට සියලු දෙනා කටයුතු කරමු.
පහුගිය කාලේ ඉතිහාස ගුරුවරයකු බාලවයස්කාර දැරියක් අපයෝජනය කරලා තිබුනා, සමහර අයගේ අදහස් අනුවනම්, මුළු ගුරු සංහතියම ළමා අපයෝජකයින්? නැතිනම් සියලු පාසල් කඩා බිඳ වසා දැමියයුතුය. රටේ නීතියක් තියනවා. ළමයා මල පසු ආයේ පණ දෙන්න බැහැ. දොස්තර වැරදි නම් පැමිණිලි කරන්න තිබුනා. අනික එම ළමයාව ඉස්පිරිතාලෙට ගෙනෙන්න ඉස්සෙල්ලා පුද්ගලික වෛද්‍ය වරයකු වෙතට ගෙනගොස් තිබුනා යැයි කියලා ප්‍රවෘතියකුත් තිබුනා. එතැනදී බෙහෙත් දුන්නද? අපි හරි හැටි ඇත්ත දන්නේ නැහැ. දොස්තරට ගහන්න ඕනේ නම් රෝහලට ගහලා හරියනවද? මිනිසුන් මෝඩ නැතිහින්දා නේද ඉස්කෝල ටික කඩලා විනාශ නොකෙරුවේ. මුළු ගුරු සංහතියටම ගරහා අවමන් නොකෙරුවේ? හිතන්න.
මේ සිද්දිය සඳහා අපක්ෂකපාති පරීක්ෂනයක් කල යුතුයි. කෙසේ වෙතත් රෝහල වසා දැමීම ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. මේ රජයට නිවැරදි දේ කිරීමට බල කල හැකි එකම විදිය උද්ඝෝෂණ බැවින්, මේ මිනිසුන් පාරට බැස උද්ඝෝෂණය කිරීම නිවැරදී.
දොස්තරලගේ හරිවැරදි දන්නා , දඩුවම් දීමේ හැටි දන්නා ගමකට කුමටද දොස්තරලා එවැනි බුද්දිමත් ගම්වැසියන්ට බෙහෙත් ලියාගෙන බෙහෙත් ගැනීමට ෆාමසියක් ලැබුනොත් ගම්මුම නිවැරදිවම මුදල් දී සුදුසුම බෙහෙත් රැගෙන යනු ඇති
දොස්තරලට බල්ලන්ට වගේ ගුටි කාගෙන මේ යක්කුන්ට බෙහෙත් කරන්න කියලද කියන්නේ? ගහපු අය තවමත් අල්ලලවත් නැහැ. අඟහරුවාදට ස්ට්‍රයික් නේද?
ගම්වැසියනි, තව ඉතින් අඩුම අවුරුද්දකටවත් ඕකට දොස්තර කෙනෙක් එන්නෙ නෑ. කවුද කැමති ජීවිත අවදානමක් ගන්න. සුවපතිට තියා ජනපතිටවත් බෑ බලෙන් ඔතෙන්ට කෙනෙක් පත් කරන්න. පුලුවන් විදියකට දෙල්තොටට හරි පේරාදෙණිය ට හරි ගාටන්න බලන්න. අර ඕකට ගල් ගහපු චණ්ඩි ටික බැඳපු ගොන් කරත්තෙක වුණත් නැගල ගිය හැකියි ඕනෙ නම්.
ආණ්ඩුවට කියලා හැම ඉස්පිතාලයකම පහසුකම් වැඩි කරමු. ඇත්තටම රෝහල් වල බෙහෙත් නැහැ. හදිසි අවස්ථාවකට ඕන බඩු නැහැ. ගිලන්රථ එකයි (ලෙඩ්ඩු කීප දෙනෙක් අමාරු වුනොත් යවාගන්න බැහැ) ස්ටාෆ් නැහැ. එහෙම නම් මෙහෙම ඉස්පිරිතාල වහල දාන එක තමයි හොඳ... නැත්නම් තව මේ වගේ ළමයින් මැරෙයි. මේක මේ සිස්ටම් එකේ වරද, මේකට කරන්න ඕනේ ප්‍රදේශ ආවරණය වෙන විදිහට ඉමර්ජන්සි කෙයාර් සෙන්ටර්ස් දාලා අනෙක් රෝගීන්ට ප්‍රයිමරි හෙල්ත් කෙයාර් එක ශක්තිමත් කරන්න ඕන. (පොඩි පළාතකට ලෙඩ්ඩුන්ට වග කියන ෆැමිලි ඩොක්ටර් කෙනෙක් පත් කළ යුතුයි) මේ වග කියන දොස්තරව කුමක් හෝ හොඳ යාන්ත්‍රරණයකින් සොයා ගත යුතුයි. බලධරයිනි, අපි එහෙම කරමුද? මේකේ කමෙන්ට් දාපු අයටත් හිතන්න යමක් මේකේ තියෙයි. එහෙම නැතුව කුමක් හෝ රැකියාවක් දෙස කුහකව බලන එක නවතමු. හොඳ සිස්ටම් එකක් හදන්න ආණ්ඩුවට බල කරමු. මගේ මේ ඇරයුම දොස්තරටත් එක්කයි... මොකද ඔවුන්ට තනියම මේ වැඩය කළ නොහැකියි. ඔවුන්ට ඔබගේ සහයෝගය ඕනෑ. මේකවත් නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් එයාට මම නම් හිතන්නේ රටේ ලෙඩ්ඩු මැරෙන එක නෙවෙයි, ප්‍රොෆෂනල් ජෙලසි එක තමයි තියෙන්නේ.
ලයිසන් එක අතේ තිබුණු පමණින් නොසැලකිලිමත් කමින් රිය පදවා මිනිස් ජීවිතවලට හානි කරන රියදුරන්ට මෙන් නොසැලකිලිමත් වෛද්‍යවරුන්ටත් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. රෝහලට රැගෙන ආ රෝගී ළමයාව පැය දෙකක් පමණ වනතෙක් කිසිදු ප්‍රතිකාරයක් නොකර සිටීම බරපතල වරදක්. එය හිතා මතාම මිනි මැරීමක් හා සමානයි. වැරදි කරුවන්ට දඬුවම් කල යුතුයි. මෙතන දොස්තර මාෆියා කල්ලියේ හෙන්චයියන් රැල බද්රානිට බැන්නට පලක් නැහැ. ඇය ලියා තිබෙන්නේ සත්‍යයි. මේ අම්බරුවන් සිතන ලෙස මොවුන්ට විරුද්ධ වෙන සියලු දෙනා රෝගීන්. උතුම් වෛද්‍ය වෘත්තියටත් නිගා දෙන එම වෘත්තිය සඳහා කිසිසේත් නොගැලපෙන මන්ද මානසික අඳ බාලයින් ගැන දැන් මේ රටේ ජනතාව හොඳින් දන්නවා. මෙවැනි උම්මන්තක සුළු දොස්තරලා පිරිසක් මේ වෘත්තියට පැමිණීම මේ රටේ සිටින දක්ෂ සැබෑ වෛද්‍යවරුන්ට නිගාවක්....
මොකටද නිකන් තව මරා ගන්නේ? දෙල්තොට ගිහින් කර ගන්න එක තමයි හොඳ.
දොස්තර අයියලා තග දමා මිනීමැරුම වසන් කරන්න හදනවා වගේ දැන් මෙතන තමන්ගේ මතය ප්‍රකාශ කරන අයගේත් කටවල් වහන්නයි වගේ උත්සහ කරන්නේ? අනික මෙතන සිදුවී තිබෙන්නේ ප්‍රතිකාර කිරීමේදී සිදුවූ අතපසුවීමක් නොවේ. මෙය තනිකරම සේවය පැහැර හැරීමක්. රෝගියාව නොසලකා හැර ප්‍රතිකාර නොකිරීමක්. මෙතන අදහස් ප්‍රකාශ කරන කිසිවෙකුටත් වෛද්‍යවරු පමණක් නොවේ, රටේ ජනතාවට කිසිදු වෘත්තිකයෙනක්ට වෛර කරන්න තරම් මොලේ අමාරුවක් නැති බව මේ අය දැනගත යුතුයි. ඒ වගේම මේ සිද්ධියට අදාළව කිසිදු පක්ෂග්‍රාහී බවක් ඇති කර ගන්න කිසිවෙකුට උවමනාවකුත් නැහැ. සර්ව සාධාරණය ගැන කතා කරන්නන් මානසික රෝගීන් ලෙස හැඳින්වීමට තරම් මේ රටේ දොස්තරලා මානසික රෝගීන් බවට පත්වෙලා. නිදහස් අධ්‍යාපනයෙන් ලද දැනුමට වඩා, අන්දෙකේ හයිය පෙන්වීමට කටයුතු කිරීම එතරම් යහපත් ක්‍රියාවක් නොවන බව මාෆියා කල්ලියේ සියල්ල දත් දොස්තරලා වටහා ගත යුතුයි.
මිනිස්සු ඇවිල්ලා රෝහලට ගල් ගහලා කැඩුවා, ගමේ ඉන්න මිනිස්සුන්ට රෝහලක් නැති උනා
රෝහල් ගොඩනැගිල්ලේ වීදුරුවලට හා උළු කැටයකට වඩා මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දැනෙන, (ආවේගශීලී නොමනා ක්‍රියාව සාධාරණීකරණය නොකරමි) මාද ඇතුළුව කීපදෙනෙක්ගේ අදහස් දැක කුලප්පුවූ, වෙද මාෆියා සංගමයට අයත් යයි හැඟෙන පුද්ගලයින් කීපදෙනෙක් මේ රෝගී දරුවාගේ මරණය සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයක් දී සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් සිටිනු පෙනේ. මෙහිදී, දරුවාගේ මව්පියන් කිසිවිටෙකත්," වෛද්‍යවරයාගේ ප්‍රතිකාරය හේතුවෙන් දරුවා මිය ගිය බව ප්‍රකාශ කලේ නැත. ඔවුන් පුන පුනා පැවසුවේ පැය දෙකකට ආසන්න කාලයක් තුලදී දරුවාට කිසිදු ප්‍රතිකාරයක් කිරීමට තබා, වෛද්‍යවරයා රෝගී දරුවා අසලට වත් නොපැමිණි බවයි". තවද ඔවුන් පාටියක් ගැන සාකච්ඡාවක් පවත්වමින් සිට ඇති බවත් මව්පියන් ප්‍රකාශ කරයි. නූගතාගේ නොමනා හැසිරීම හමුවේ, උගතාගේ අවකල් ක්‍රියාව නීතියේ සිදුරකින් රිංගා නින්දිත ලෙස වසා දැමීම අධමයින්ගෙන් පිරි අධර්මිෂ්ඨ සමාජයකට අමුතුවෙන් හඳුන්වා දිය යුතු සංකල්පයක් නොවේ. දොස්තරගේ යහපත්කම හමුවේ, දන නමන රෝගීන් වෙනුවට, දොස්තරට ගල් ගසන රෝගීන් පිරිසක් සමාජයේ බිහිකිරීම ගැන මෑත කාලයේ බිහිවූ විශේෂයෙන් වෙද සංගම් මාෆියා කල්ලියේ දොස්තරලා ලැජ්ජා විය යුතුයි.
ගලේ පහරපු බලලා මෙන්, සමාජයට පතිත කල දැවැන්ත වර්චස් පිඩ අතින් වසා ගැනීමට දොස්තර මහත් හොරු උත්සහ දරා හත්පොලේ ගා ගැනීම , ඔවුන්ට ලජ්ජා වීමට සිදුවෙන කරුණකටත් වඩා, අපට අප්පිරියාව මුසු අප්‍රසන්න හැගීමක් ඇතිකරන සේම මිනිය වලදමා සොහොන් කොත ඉදිකරනවා සේ, වීදුරු බිඳුණු ජනෙල් ටික ප්‍රදර්ශනයට තබා, දැවැන්ත වැඩවර්ජනයක් දියත් කර විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගත හැකි සේ, අපි ඔහේ ඔහොම යමු...
මේ දොස්තර මාෆියාව හැමවිටම උත්සාහ කරන්නෙ. මම ඔවුන්ට ඊර්ෂ්‍යා කරන බව හඟවන්න. මමත් රාජකාරිය හරිහැටි කරපු රජයේ විශ්‍රාමිකයෙක්. ලොකු පුතා ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක්. පොඩි දුවට සයිටම් උපාධිය සම්පූර්ණ කරගන්න බැරිවුනා මේ මාෆියා කල්ලි නිසා. මට කිසිවකුට ගල්ගසා මැරීමට අවශ්‍ය නෑ. මමත් බෞද්ධයෙක්.
ගොඩනැගිලි කඩන්නේ නැතුව... දොස්තරට පස්සේ වෙලාවක සලකන්නනේ තිබ්බේ.. මෝඩ මිනිස්සු..