IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට

 

ඉන්දිකා රාමනායක

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අවුරුදු 6 ක  බරපතල සිර දඬුවම් නියම වී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (30) පෙරවරුවේ ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහලට යවා තිබු බව අධ්‍යක්ෂකවරයා පවසයි.

බන්ධනාගාර නිලධාරින් පෙරවරු 11.45 ට පමණ ගිලන් රථයකින් උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබු අතර එම අවස්ථාව වන විට ගිහි පැවිදි විශාල පිරිසක් රෝහල් භූමියට පැමිණ සිටියහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර තිබුණි.

 

(36698)



අදහස් (15)

ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට

අයිආර්සී Thursday, 30 August 2018 08:21 AM

යහපාලනයයේ ප්‍රතිඵල. මතක තිත. අයිආර්සී තිත. මැර තිත. ජාති භේද තිත. දුෂණ තිත. වංචා තිත. අල්ලස් දීම සහ ගැනීම තිත. අතුරුදන් කිරීම තිත. දැන් ඔබට සතුටුද ? ඔව්. ප්‍රජාතන්ත වාදයේ මරුමස්ථානය සිරිලක.

:       816       642

GuneThursday, 30 August 2018 09:52 AM

නැතුව නැතුව, ඔබ ඔය කියන තිත් කලින් කට්ටිය නම් හරියටම තියල තිබුනණේ නේද? පාට කන්නාඩි තියෙනකම් ඔහොම තමයි, මොනවා කරන්නද නේද?

:       3       1

Mahee Thursday, 30 August 2018 08:59 AM

ඒක හරි, බන්ධනාගාර රෝහලට යන්න ඕන ඔන්න ඔය වගේ රෝගීන් පමණයි.

:       19       703

Thilina Thursday, 30 August 2018 09:45 AM

හාමුදුරුවන් සහ මහේස්ත්‍රාත් අතර සිදු වූ සංවාදය අන්තර්ජාලයේ හුවමාරු වුණා..එම සංවාදය අනුව උසාවියට වරදක් සිදු වුනේ කොහොමද කියන එකනම් ගැටළුවක්..

:       17       0

Malith Thursday, 30 August 2018 11:22 AM

විජයකලාට එක නීතියක්‍, අපේ හාමුදුරුවන්ට තව නීතියක්, ආමි එකට බනින අයට වෙන නීතියක්, රටේ නීතිය ඇත්තටම පක්ෂපාතී

:       0       0

Bamunuarachchi Thursday, 30 August 2018 11:55 PM

අපේ හාමුදුරුවනේ, සනීපවන්න නිදහස් වන්න ඊට පසු නැවත වැඩ පටන්ගමු. ඔබවහන්සේ දකින්න සුවදුක් බලන්න අපි එන්නම්...!!!

:       97       2

Victor Friday, 31 August 2018 09:12 AM

මේ ප්‍රවෘත්තිය මේ තරම් වැදගත් වෙන්නේ සිවුරු පොරවාගත් හොරෙක් බන්ධනාගාර රෝහලට යවපු නිසාද? රටේ නීතියට ගරුකිරීම, සඟ විනය රැකීම, බෞද්ධයකු වශයෙන් අන් අයට ගරුකිරීම, හිංසා පීඩා නොකිරීම, පරුෂ වචන භාවිතයෙන් මිදීම යනාදිය නොදන්නා හොරෙක් කොහොමද ජාතිය රකින්නේ?

:       5       143

KumaraFriday, 31 August 2018 10:41 AM

ඔව් හොඳ තීන්දුවක්...

:       0       83

BamunuarachchiFriday, 31 August 2018 02:05 PM

එහෙනම් අපි මේ බෞද්ධ රටේ වෙනත් ආගමික නීති ඉල්ලන පන්සල් එපා, කෝවිල් ඕනේ කියන කට්ටියට බුදුන්ගේ ධර්මය දේශනා කරමු. එවිට එහෙයි හාමුදුරුවනේ කියාවි. ලෝකේ ලොකුම චෛත්‍යය තිබෙන ඉන්දුනීසියාවෙත් බුද්ධාගම නැති වුණෙත් මේවගේ හිතන ගොයියෝ නිසා... එක මිනිහෙකුට කේක් එක තියා ගන්නයි, කේක් එක කන්නයි දෙකම කරන්නයි බැහැ. ඒ වගේ එකම හාමුදුරුකෙනෙකුට සීලේට අනුව ජීවත්වීමයි, ශාසනේ රැකදීම දෙකම කරන්න බැහැ. සිංහල ජාතිය වෙනුවෙන් භික්ෂුවක් හිරේ යන ප්‍රථම වතාව මෙය නොවෙයි. ඉතිහාසේ දන්නේ නැතිනම් පොත් කියවපල්ලා...

:       0       0

BamunuarachchiFriday, 31 August 2018 02:07 PM

අඩු ගානේ සිංහල නමකින් ලියනවා නම් ටිකක් ඉවසන්න පුළුවන්...

:       0       0

Bamunuarachchi Friday, 31 August 2018 02:15 PM

"රටේ නීතියට ගරුකිරීම සඟ විනය රැකීම, බෞද්ධයකු වශයෙන් අන් අයට ගරුකිරීම, හිංසා පීඩා නොකිරීම, පරුෂ වචන භාවිතයෙන් මිදීම යනාදිය නොදන්නා හොරෙක් කොහොමද ජාතිය රකින්නේ?" මෙන්න බණ. ඕවා කරපු එක රටකවත් බුද්ධාගම ඉතිරිවී නැත. අනාගතේ දරුවන්ට මේ නිර්මල ආගම රැකදෙන්න නම් ඔය බණේ හරියන්නේ නැත. දේශපාලකයෝත් නීතිය නොරකින මේ රටේ. ආගම, ජාතිය රැකගන්න සිංහල බෞද්ධයා සිල් අරගෙන වැඩක් නැත. දුටුගැමුණු රජතුමා කීවෙත් මාගේ මේ ව්‍යායාමය ජාතිය, ආගම රැකගැනීම සඳහා කියලා. තම ජාතිය රැකගන්න මිනීමරන්න නීති කඩන්න පුළුවන් ප්‍රබාකරන්ලාට විතරද? නිකන් යන්න මල්ලි විකාර කියන්නේ නැතිව...

:       0       71

Saman Friday, 31 August 2018 02:18 PM

මෙයාට සැත්කමේදි දුන්නේ සිංහල බෞද්ධ ලේ පයින්ට් එකක්මයි කියලා හොඳටම ෂුවර්ද?

:       0       0

Bamunuarachchi Friday, 31 August 2018 02:21 PM

අරෙහෙ සුළු ජාතිකයෝ කෑගහනවා මහවැලි ඉඩම් සිංහලයට දෙන්න එපා කියලා. මේ ගොයියෝ හාමුදුරුවරුන්ට සිල් රකින්න උපදෙස් දෙනවා. හාමුදුරුවරු පන්සල්වල තියන්නම් බහින්නකෝ බෝඩ් එකක් උස්සගෙන මුලතිව් වල කැළෑ එලි කරන්න එපා කියලා...

:       0       0

Sunil Sunday, 02 September 2018 07:24 AM

හරියටම හරි.. යූ ටියුබ් එකේ තාම තියෙනවා... පොලිසියේ කෙනෙකුට බනින වීඩියෝ එකක්...

:       0       29

Susil Sunday, 02 September 2018 07:25 AM

සැත්කමේදී දුන්නේ සිංහල බෞද්ධ ලේ පයින්ට් එකක්මයි කියලා හොඳටම ෂුවර්ද?

:       0       87

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2078 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site