IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය ධීවරයෝ බත්තලංගුඩුව බදු ගනිති

පද්මා කුමාරී කංකානම්ගේ  
 
කල්පිටිය බත්තලංගුන්ඩුව දූපතට නුදුරු ශ්‍රී ලාංකීය මුහුදේ ඉන්දීයා ධීවර යාත්‍රා 50 ක් පමණ අද (28 ) සන්ධ්‍යාවේ ධීවර මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි බවත්,එම නිසා කෙන්දන් පන්නයන් සදහා මුහුදු ගිය බත්තලංගුන්ඩුව ධීවරයන් පෙරළා ගොඩ බිමට පැමිණි බවත් බත්තලංගුන්ඩුව ධීවර සමිතියේ සභාපති ඩබ්ලිව් ඒබට් ප්‍රනාන්දු මහතා පැවසීය.
 
ඉන්දියාවේ  ධීවරයින් සමූහයක් එලෙස ධීවර කටයුතුවල නිරතවීමේ දී තම දැල් පන්න  එම මුහුදට කිසිසේත්ම යෙදීය නොහැකි බැව් ඒ මහතා පැවසීය. එසේම ඉන්දියන් ධීවරයින්   දැල්පන්නවලට අමතර අවි ආයුධ ද රැගෙන එන හෙයින් තම ධීවරයින්ගේ ආරක්ෂාවට ද එය තර්ජනයක් බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
 
නුදුරු අනාගතයේ දී ඉන්දියන් ධීවරයින්ට කල්පිටිය සමුදුර භාරදී ධීවර රැකියාවෙන් තමන්ට සමු ගැනීමට සිදුවේදැයි  සැකසහිත බව ද ධීවරයෝ පවසති.
 
මේ පිළිබදව  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ මෙවණි පැමිණිල්ලක් තමන්ට ලැබුණු බවත් තමා ඒ පිළිබදව අදාළ නිළධාරීන් දැනුවත් කල බවත්ය.
 
ඒ අනුව නාවුක මුර සංචාරක යාත්‍රා මගින් එම ඉන්දීය ධීවරයින් කණ්ඩායම හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ මසුන් සහිත මඩි කපා දමා ලුහුබැද යාමේ දී පළාගොස් ඇති ඇති බවත් පැවසීය.
 
මේ අතර බත්තලංගුන්ඩුව ධීවරයින් පවසනුයේ සෑම දින දෙකකට වරක්ම   ඉන්දියන් ධීවරයින් විශාල පිරිසක් පැමිණ දේශ සීමා නීති උල්ලංඝණය කරමින් මසුන් අල්ලාගෙන පළා යන බව ය.

 



අදහස් (5)

ඉන්දීය ධීවරයෝ බත්තලංගුඩුව බදු ගනිති

gayan Tuesday, 28 August 2018 11:53 PM

බල ගෙන ගියහම සංහිදියාව උතුරට විතරක් නෙමේනේ. ඉන්දියාවටත් එක්කනේ

:       262       366

සතයපාලWednesday, 29 August 2018 02:27 AM

ගයාන් සංහිදියාව කියන වචනයේ අර්ථය දැනගෙන කතා කරන්න. අනෙක් කාරණය මෙවැනි දේවල් සිදුවුයේ අද ඊයේ නොවේ. ගයාන්ලගේ මහාරජාගේ කාළයේ පවා ඉන්දීය ධිවරයෝ ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කලා.

:       1469       126

JanakaWednesday, 29 August 2018 10:11 AM

සංහිදියාව කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් කියමුද බලන්න කාටත් දැනගන්න එක්ක. අපි දන්නා විදිහටනම් සංහිදියාව කියන්නේ උතුරේ, විල්පත්තුවේ, මඩකලපුවේ ඉන්න කට්ටියව සතුටු කරන්න නිතිය නැවීම. උසාවියට ගල් ගැහුවට නඩු නෑ. කැලේ කැපුවට නඩු නෑ. සීගිරියේ හානි කලාට නඩු නෑ (රජයේ රස්සාවකුත් දෙනවා), හෙල්මට් නැතුව බයික් පැද්දට නඩු නෑ, පොලිසියට හමුදාවට ගල් ගැහුවට නඩු නෑ, වගේ දේවල්.

:       0       119

sudath Wednesday, 29 August 2018 01:04 AM

යහපාලනය ජාත්‍යන්තරය ජය ගත්තනේ. දැන් දොරේ ගලනවා

:       1       70

samank Wednesday, 29 August 2018 04:34 AM

ලගදීම කියයි ලංකාවම පවරා ගත්ත කියලා.

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31550 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13909 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 160 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1081 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site