
ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග 13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත.
තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ සහ අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.
මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පෙරවරුවේ අත්සන් කරන ලදි.
පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහචාර්ය අසිත ද සිල්වා මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ,
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීතිඥ සරත් ලියනගේ, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ඇතුලු සරසවි ආචාර්ය මණ්ඩලය, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ සමහර වැඩ ගැන එකඟ වෙන්න බැරි වුණත් ඖෂධ මිල පහළ හෙලමින් රෝගී ජනතාවට සහන සැලසීම සඳහා ගන්නා උත්සාහය අගය කළ යුතුයි.
මැතිවරණයක් ළඟ එනවද?
මෙය හොඳ වැඩක් තමයි. එ්ත් මේ රටේ පවතින දොස්තර මාෆියාව හා ඊට සම්බන්ධ අපේ රටේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට පැටවීමේ ජාවාරම පිටුපස සිටින (එමගින් විශාල මුදල් සම්භාරයක් ගසාකන) වෛද්‍යවරු ගැන ඔබ දැනුවත්ද? ඒ වගේම රජයෙන් වැටුප් ලබන වෛද්‍යවරු රාජකාරී වේලාවන් තුළදී, (විශේෂයෙන් හවස් වරුවේදී) රෝහල තුළ නොසිටීම ගැන ඔබ දනුවත්ද? ගලහ රෝහලේදී, වෛද්‍යවරු දෙදෙනාගේ නොසැලකිල්ලෙන් දරුවෙකු මිය යාම ගැන ඔබතුමා දනුවත්ද? දැන් එය දරුවාගේ නූගත් දෙමව්පියන් පිටපැටවීමට තරම් දොස්තර මාෆියා සංගමය උත්සාහ දරමින් සහ මධ්‍යම පළාතේම ජනතාවට ප්‍රතිකාර නොකර සිටිනවා (වැඩ වර්ජනය කර) යයි කීමට තරම් මොවුන් සාහසික වී ඇති බව ඔබ දන්නවාද? හසරක් නොමැති නායකයෙක් සිටින රටක, උසස් අධ්‍යාපන ඇමැතිතුමාව ආදර්ශයට රැගෙන, කොන්ද කෙලින් තබාගෙන, මේ රටේ ජනතාව මේ භයානක මාෆියා කල්ලි වලින් මුදා ගන්නා ලෙස ඔබතුමාට ආයාචනය කර සිටිමු.
මහත්තයෝ, මේ රටට දැඩි අවශ්‍යතාවයක්ව පවතින බල්ලන්ට දෙන බෙහෙත් වල මිල අඩුකිරීමක් කලේ නැද්ද? මේ රටේ සුළුතරයකගේ අවශ්‍යතාවයන් වලට වඩා බහුතරයකගේ අවශ්‍යතාවයන් ගැන සැලකිලිමත් වුවොත් නේද වඩා හොඳ?
මේ සත්කාර්යය සඳහා මුල්වූ ඇමතිතුමා ඇතුළු සියලුම දෙනාට අනේක වාරයක් ස්තුති වේවා ! මෙවන් ආදර්ශ ලෙඩුන්ගේ ජීව්ත බිල්ලට දී ස්ට්‍රයික් කරන දොස්තර වරුන්ට හොඳ කනේ පහරවල් වෙනවාට කිසිදු සැකයක් නැහැ. හොඳ කරුණාවන්ත දොස්තර මහත්වරුන්ට අපගේ ආචාරය. ඒත් එවන් දෙවිවරුන්ටත් අකමැත්තෙන් වුවත් ස්ට්‍රයික් කරන්න සිදුවෙන්නේ සමහර අකාරුණික නරුමයන්ගේ දැඩි බලපෑම් නිසයි. ඔබතුමා මෙන්න මේ දේ වටහා ගෙන මේ හොඳ දොස්තර මහත්වරු ටික ඒකෙන් මුදවා ගෙන ජනතාව සුවපත් කිරීමට උපකාර වන්න. එය විශාල පින්කමක් වේවි.
දියවැඩියාවට ගන්නා " සිටා "ත් අඩු කලානම් ගොඩක් පින්.
දේශපාලන වහලෙක් වෙන්න එපා, හොද වැඩ අගය කරමු, මගේ තාත්තට දියවැඩියාව, බෙහෙත් මිල අඩු කිරීම අගය කරනවා අනික උපාලි ඔයා වගේ දේශපාලන වහල්ලු මේ හැම පක්ෂයකම ඉන්නවා, මේක දේශපාලකයා දන්නවා ඒක නිසා බය නැතුව මහජන දේපල හොරා කනවා, මොකද කොච්චර ඔප්පු කරලා පෙන්නුවත් හොරා කියලා වහලා නොවේ පිළිගන්නේ.
හැබැයි බද්රානි මේක අර තරුණ කැම්පස් ළමයින්ට කනේ පාරවල් ගහලා නතර කරන්න පුළුවන් විදිහේ මාෆියාවක් නෙමේ මෙතන තිබෙන්නේ, මේකට හොඳ ඉන්ජක්ෂන් හා දැඩි ශල්‍ය කර්මත් කරන්න අවශ්‍ය වෙනවා.
ඉතාමත් උසස් ජාතික මෙහෙවරකි. කිසිවෙකු මෙය අවතක්සේරු කරන්නේ නම් ඔහු මනුසත් ගුණය සහිත සැබෑ මිනිසෙකු නොවනු ඇත. දැනට මාස කිහිපයක සිටම ඖෂධ ගණනාවකම මිල අඩුවී තිබෙන බව අපට දැනේ. ජනතාව දැනුවත් කිරීමට තව පියවර ගතයුතුවේ.
ලෙඩ්ඩුන්ට බෙහෙත් මිල වටිනවා උනාට, නිරෝගී අයට යහපත් සමාජයක් වටිනා බව බද්‍රනිගේ අදහසින් අවබෝධ උනා වගේම, බෙහෙත් වලට වඩා දොස්තර මාෆියාවෙන් ගැලවීම ජීවිතයට ආරක්ෂාවක් බව මට වැටහුනා. ලංකාවේ ලෙඩ්ඩුන්ට ප්‍රථමයෙන් ජානමය ප්‍රශ්න ඇති දොස්තරලට බෙහෙත් දීමට ප්‍රමුඛත්වය ගැනීමට නේද සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කල යුත්තේ. දිනපතා අපි දකින මාධ්‍ය ප්‍රවෘත්ති සාකච්චා වලින් පේනවා. දොස්තරලා මොනතරම් මානසික විශාධියකින් පෙලෙන පුද්ගලයින්ද බව හා ඔවුන් දරුණු මානසික රෝගීන් වන බව.
පහුගිය කාලේ ලංකාවේ සිදුඋන වකුගඩු ජාවාරමට ඔය කියන වෛද්‍ය සංගම් මාෆියා කල්ලි නායකයින් සම්බන්ධයි කියලා නම් කට ඇරලා කියන්න එපා ඔන්න. ඒකට අදාළ සාක්ෂි කිසිවක් තවම සොයාගෙන නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා උනත් ඔය වගේ බරපතල කාරණා ගැන තවම අවබෝධයක් නැතිව ඇති.
බද්‍රානි, ලංකාව පුරාම තිබෙන රජයේ රෝහල් වල 365 දවසෙම පැය 24 පුරාම වෛද්‍යවරු සේවය කරන එක ගැන ඔබ දැනුවත්ද? ඔබ මේ අදහස් දක්වන මොහොතේත්, අපි සැමදෙනාම සමරන අවුරුදු නැකැත් වෙලාවත් ඇතුළු සැම වෙලාවෙම මේ රටේ වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බව ගැන ඔබ දැනුවත්ද? එමෙන්ම ඔබ සුව නින්දේ නිදන රාත්‍රී කාලයේ පවා ලෙඩුන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරු වෙහෙසෙන බව ගැන ඔබ දැනුවත්ද?