(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මැතිසබයට අද (4) පැමිණියේය.
මන්ත්‍රීවරයා බන්ධනාගාර වෑන් රථයකින් පාර්ලිමේන්තුවට පැමිණියේ බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය.
මැතිසබයට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය අසුනේ අසුන් ගෙන සිටිනු දක්නට ලැබිණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණි උද්ඝෝෂණය කරද්දී ප්‍රනාන්දු මහතාද ඊට එක්වූයේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින්නේ මුල්‍ය අවභාවිතා චෝදනාවක් සම්බන්ධයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ ප්‍රශ්න විසදන්නනේ!
"ටයි කොට්" ඇන්ද පමණින් කෙනෙකු " බුද්ධිමතෙක් හෝ උගතෙක් හෝ වැදගතෙක් " නොවන බවට මෙය තවත් හොදම මෙන් එක් උදාහරණයකි.
ඔන්න බලන්න අපේ පාර්ලිමේන්තුව නියෝජන කරන්නේ කොයි වගේ මිනිස්සුද කියලා.
පිස්සුද මේගොල්ලෝ කවදද හොරකම් කලේ මේවා බොරු චෝදනා.
පාර්ලිමේන්තුවේ ඉන්න හැම පැත්තේ උන්ම අනෙක් පැත්තේ උන් හොරු කියනවා එතන තමයි අපිටත් තේරෙන්නේ මේ හැම පැත්තෙම ඉන්නේ හොරු................. අපි මොකටද ඡන්දෙ දුන්නේ
මේවගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙන් තෙරුම්යන්නේ අපේ රටේ ඡන්ද දායකයෝ කොයි වගේ අයද කියන එකයි.
බන්ධනාගාර රියෙන් පාර්ලිමේන්තුවට පැමිණි එකම කෙනා මෙයා නොවෙයි මොකක්ද විශේෂත්වය ?
"ඔන්න බලන්න අපේ පාර්ලිමේන්තුව නියෝජන කරන්නේ කොයි වගේ මිනිස්සුද කියලා." ඉතින් හෆීල් ඔය මිනිස්සු බලෙන් රිංගුවේ නැහැනේ ජනතාවමනේ තේරුවේ. අනික ජනතාව එපයි කියලා පන්නා දමපු එවුන්වත් ඇතුලට ගත්තානම් තව මොනවද කතා. දේශපාලනය දූෂිත උනේ 1977 දී දැන් එක නවත්වන්න බැහැ.
ෂා නියමයිනේ !! අර මහජනයා රවටා ගත්තු වාහන , බැකප් වාහන නැතිව, සාමාන්‍යයෙන් පොලිසිය ලවා පාරවල් පාදාගෙන අනිකුත් පොදු පාරවල් භාවිතා කරන අයට මහත් කරදරයක් වනලෙස ගමන් ගිය එක්කෙනෙකුට හරි පොදු ජනයා විඳින දුක දැනගැනීමට සැලසුණා. බැරිද ඉතිරි 224 ටත් ඔය සැපම දෙන්න.
මේ වෙන දේවල් දැකලා: 1.මම මටම ගහගත්තා 2.මම මටම දොස් කියාගත්තා 3.මම මටම කියාගත්තා: ???!! 4.මම හිතාගත්තා: ?
අප රටේ දේශපාලකයින් සිරගත කිරීම තුළින් අනවශ්‍ය වීරත්වයක් ඔවුන් ආරූඩ කර ගන්නවා. ඒක දඩුවමක්ද කියලා හිතෙනවා.
මෙහෙමත් විහිලු.
බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරු ඉන්න එකම රට ලංකාවයි. ලැජ්ජයි, දැක්කම.
බන්ධනාගාරේ ඉන්නේ අපරාධ කරුවෝ. එයාලට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අයිතියක් නෑ. අපි ඉන්න රටවල් වල නම් නීතියෙන් වරද කරුවෝ වෙන්න කලින් උනත් චෝනාවක් එල්ල වුන ගමන් තනතුරු වලින් ඉල්ලා අස් වෙනවා. ලංකාවේ වරද කරුවෝ පාර්ලිමේන්තු එනවා. ඔය එන්නෙත් රටේ සල්ලි වියදම් කරගෙන රටේ සල්ලි වලින් තෙල් ගහගෙන, ... අපේ රට නම් කවද හැදෙයිද. අනාගත පරපුර ගැන දුක හිතෙනවා.
අම්මප මේ ලංකාවේ පාලකයෝ බත් ද කන්නේ ?
මෙදා පාර මෙයා අවුරුදු හතකටවත් යනවා ඇතුලට.
පේනවනේ, එක හොරෙක් වෙනුවෙන් අනිත් හොරු එකමුතු වෙන ලස්සන. ඔය රට හදන තැන කියල කියන්නේ. මොවුන්ට ඡන්දෙ දෙන ලංකාවේ නිකම්මු සහ බත් බැලයො ඕන තරම්.