මාස තුනකට පසු යුරෝපයේ දේශසීමා විවෘත කරයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දේශසීමා වසා දැමීමට ගත් දැඩි පියවර ලිහිල් කිරීමට යුරෝපයේ රටවල් රැසක් අද (15) පියවර ගත්තේය. 15 June 2020
ලොක්ඩවුන් කාලයේදී ඉන්දීය මාධ්‍යවේදීන් 50 වැඩි පිරිසක් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙලා නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඉන්දීය මාධ්‍යවේදීන් 55 දෙනකුට ආසන්න පිරිසක් විවිධ ප්රචණ්ඩ ක්‍රියාවලට සහ අඩත්තේට්ටම්වලට ලක්ව ඇතැයි වාර්තා වේ. 15 June 2020
දෙවැනි එළිසබෙත් රැජිනගේ 68 වසරක රාජකීය පාලන සැමරුම මෙවර නොපැවැත්වෙයි දෙවන එළිසබෙත් මහ රැජිණගේ 68 වසරක රාජකීය පාලනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබේ. 14 June 2020
පාකිස්තානයේ හිටපු අගමැතිට - හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට සහ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ෂහිඩ් අෆ්රිඩිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. 14 June 2020
දෙවැනි දිනටත් ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,000 ඉක්මවයි ඉන්දියාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 11,929ක් අද (14) වාර්තා විය. 14 June 2020
චීනයේ ඉන්ධන ට්‍රක් රථයක පිපිරීමකින් 19 දෙනෙක් මිය යති චීනයේ ෂෙන්ජියැං ප්‍රාන්තයේ සිදු වූ ට්‍රක් රථ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් 172 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 14 June 2020
බ්‍රිතාන්‍ය ආර්ථිකය පහළට ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී බ්‍රිතාන්‍ය ආර්ථිකය 25%කින් පහත වැටී ඇත. 12 June 2020
‘ගාන්ධි’ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් බව ට්‍රම්ප් කියයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි ‘මහත්මා ගාන්ධි’ගේ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 10 June 2020
ඇමෙරිකාවේ විරෝධතා ශබ්දකෝෂයත් වෙනස් කරයි ‘රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත කළු ජාතික තරුණියක කළ ඉල්ලීමකට අනුව වෙනස් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශබ්දකෝෂයක් වන ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය පියවර ගෙන ඇත. 10 June 2020
බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති මියයයි බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති පියරේ නුරුන්සිසා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත. 2005 වර්ෂයේ සිට බුරුන්ඩි හි ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු මියයන විට 55 හැවිරිදි වියේ පසුවිය. 10 June 2020
නයිජීරියාවේ ගම්මානයකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් 59 ක් මරුට නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ ගුබියෝ දිස්ත්‍රික්කයේ ගම්මානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් ඒල්ල කළ ප්‍රහාරයකින් 59දෙනකු මියගොස් තිබේ. 10 June 2020
උතුරු-දකුණු කොරියාව අතර සන්නිවේදනය නවතී දකුණු කොරියාව සමඟ පවතින සියලු සන්නිවේදන සම්බන්ධතා නතර කරන බව උතුරු කොරියාව පවසයි. 09 June 2020
ටැන්සානියාව කොරෝනාවලින් නිදහස් නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව නව කොරෝනා වයිරසයෙන් නිදහස් රටක් යැයි එරට ජනාධිපති ජෝන් මගුෆුලී නිවේදනය කළේය. 09 June 2020
ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා එංගලන්තයෙත් අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ සිදුකරන විරෝධතා අතරතුර පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුමක් හට ගෙන අැති අතර එහිදි විරෝධතාකරුවන් 20කට ආසන්න පිරිසක් හා පොලිස් නිළධාරින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කර සිටී. 09 June 2020
මෙක්සිකොවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 10 ක් මරුට මෙක්සිකෝවේ ඉරාපුවාටෝ නගරයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීම හේතුවෙන් 10 දෙනකු මියගොස් තිබේ. 07 June 2020
පාප් වහන්සේ ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක බිරින්දෑවරුන් සමග වීඩියෝ සාකච්ඡාවක ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ලතින් අමෙරිකානු රාජ්‍යයන්වල ජනපති ආර්යාවන් අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ. 07 June 2020
වොෂින්ටන් අගනුවර විරෝධතාකරුවන්ගෙන් පිරෙයි සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්රචණත්ඩත්වයට ගොදුරු වී මියගිය ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා දෙවැනි සතියටත් පැමිණ තිබෙන අතර ඊයේ (6) වොෂින්ටන් අගනුවරට දහස් ගණනක් පැමිණියහ. 07 June 2020
ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව බ්‍රිතාන්‍යයෙත් විරෝධතා ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව අද (06) බ්‍රිතාන්‍යයේ නගර කිහිපයකම දහස් ගනනකගේ සහභාගීත්වයෙන් විරෝධතා පැවැත්විණි. 06 June 2020
අල්කයිඩා නායකයෙකු ප්‍රංශ හමුදා විසින් ඝාතනය කරයි අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයන්හි අල්කයිඩා නායකයා ලෙස කටයුතු කළ අබ්දෙල්මාලෙක් ඩ්‍රක්ඩෙල් මාලි රාජ්‍යයේ මෙහෙයුමක් අතරතුර ඝාතනය කළ බව ප්‍රංශය පවසයි. 06 June 2020
රයිනෝ සතුන් දඩයම් කිරීම වැළැක්වීමට අං කපා දමයි දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ සෆාරි උද්‍යාන තුනක රයිනෝසිරස් සතුන් දුසිම් ගනනකගේ අං කපා ඉවත් කළ බව උද්‍යාන පාලකයෝ පවසති. 05 June 2020
’විරෝධතාකරුවන් ‘කොවිඩ්-19’ පරීක්ෂණ කරගන්න ඕනෑ’ ඇමෙරිකා එක්සත් ජනපදය නගර රැසක ක්‍රියාත්මක පිරිස් ‘කොවිඩ්-19’ පරීක්ෂණ කරගැනීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවූහ. 05 June 2020
ට්‍රම්ප්ට නඩු දමයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. 05 June 2020
කොරෝනා වලින් බේරෙන්න අප්‍රිකානු පිග්මි ජාතිකයින්ට වාසස්ථාන වෙනස් කරන්නැයි උපදෙස් මධ්‍යම අප්‍රිකානුු ජනරජයේ ජීවත් වන පිග්මි ජාතිකයන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදාමක් පැවතීම හේතුවෙන් වනාන්තරය තුළ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි වෙත ගමන් කිරීමටඋපදෙස් දුන් බව ඒරට රජය පවසයි. 05 June 2020
පාකිස්තානයෙන් දින පහට කොරෝනා ආසාදිතයන් 19,753ක් පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරු 3.30න් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 4,896ක් ලෙස දැක්විණි. 05 June 2020
සෙනට් සභිකයෝ දණ ගසති සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී අමානුෂික අයුරින් ඝාතනයට ලක්වූ නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ගෞරව කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ සෙනට් සභිකයෝ පිරිසක් වොෂින්ටන් අගනුවරදී ඉකුත් දා මිනිත්තු කිහිපයක් දණ ගසා සිටියහ. 05 June 2020
‘ඔබේ ජීවිත වැදගත්: ඔබේ සිහින වටිනවා’ තරුණ තරුණියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සිහින ඉතා වැදගත් හා වටින්නේ යැයි ඇමෙරිකාව පුරා නගරවල විරෝධතාවයේ නියැළී සිටින විවිධ ජාතීන්ට අයත් තරුණ පිරිස අමතමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පැවැසීය. 04 June 2020
මෙක්සිකොවේ පැය 24 ක් තුළ කොරෝනා මරණ 1,092ක් මෙක්සිකෝවේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 1,092ක් සිදුවී තිබේ. 04 June 2020
චීනයේ පාසලක පිහි ඇනුමකින් 39 ක් තුවාල ලබති චීනයේ වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 39 දෙෙනකු තුවාල ලබා තිබේ. 04 June 2020
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරීන්ට චෝදනා ගොනු කෙරෙයි ඇමෙරිකාවේ මිනසෝටාහි මිනියාපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාකලාපය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළුජාතිකයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතරවාරයේදී එම සිදුවීමට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඇමෙරිකා පොලිසීය මේ වනවිට පියවර ගෙන තිබේ. 04 June 2020
තායිලන්තයේ සෞඛ්‍ය ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට තායිලන්තයේ කොරෝනා රෝගයට ඒරෙහිව සටන් වදින මිලියනයක පමණ ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ. 04 June 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026