අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මියයයි අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අමාඩෝ ගොන් කුලිබාලි මහතා මියගොස් ඇතැයි එරට ජනාධිපති ඇලසේ න් ඔටාරා මහතා පවසයි. 09 July 2020
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඟහරුවාදා (7) දිනයෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. 09 July 2020
‘‘මම ජනාධිපති වුණොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙනවා‘‘ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය වෙනස් කරන බව ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඊයේ (7) පැවැසීය. 08 July 2020
ඇමෙරිකාව - චීනය එකිනෙකාට විරුද්ධ සීමා පනවාගනී ටිබෙටය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය මුල් කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය එකිනෙකාට විරුද්ධ සීමා පනවාගෙන ඇත. 08 July 2020
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විධිමත් ලෙස ඉවත් වෙන්න යයි ඇමරිකා එක්සත් ජනපදය විධිමත් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පියවර ගෙන තිබේ. 08 July 2020
බටහිර ඉවුරේ අගුලු දැමීම සීමා දීර්ඝ කෙරේ නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමත් සමඟ අගුලු දැමීමේ සීමා තවත් දින පහකට දීර්ඝ කිරීමට පලස්තීන පාලනාධිකාරිය අද (7) පියවර ගත්තේ ය. 07 July 2020
යුක්රේනයේ ලැව්ගිනි හේතුවෙන් 4 ක් මරුට යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 04 දෙනකු මියගොස් 09 දෙනකු තුවාල ලබා තිබේ. 07 July 2020
ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිත මරණ 20,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (7) 20,000 ඉක්මවා ගියේය. 07 July 2020
බ්‍රසීල ජනාධිපතිට කොරෝනා බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝට නව කොරෝනා වයිරසය ආසාදනය ඇතැයි අද(7) තහවුරැ විය. 07 July 2020
චීනයේ බස් රථයක් පෙරැළී 21 ක් මරුට චීනයේ විභාගයකට සිසුන් රැගෙන යමින් සිටි බස් රථයක් ජලාශයකට පෙරලීමෙන් 21 දෙනෙක් මරණයට පත්ව ඇත. 07 July 2020
කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් 100,000 පනී කටාර් රාජ්‍යයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබේ. 06 July 2020
පකිස්ථාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා පකිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා රෝගය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. 06 July 2020
ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අට දෙනෙක් මිය ගොස් ඇස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 July 2020
මිනිස් මොළයට හානිකරන මාරාන්තික ඇමීබා රෝගයක් ඇමරිකාවේ මිනිස් මොළයට හානිකරන දුර්ලභ ඇමීබා රෝගයක් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. 06 July 2020
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමා වහයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහලයෑමත් සමග වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර දේශ සීමාව වසා දැමීමට තීරණය කර තිබේ. 06 July 2020
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 24,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (5) වාර්තා වූ අතර එම ගණන 24,000 ඉක්මවා ගියේය. 05 July 2020
සෞදි මහ බැංකුවෙන් පෞද්ගලික අංශයට ඇ.ඩො. බිලියන 13.60ක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් සිදු වූ බලපෑම අඩු කරගැනීම සඳහා සෞදි ආණ්ඩුව පියවර රැසක් ගෙන ඇත. 05 July 2020
ඉරාකයේ ඇමෙරිකානු කඳවුරුවලට රොකට් ප්‍රහාර ඉරාකයේ පිහිටි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ස්ථාන සහ හමුදා බැරැක්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල වූයේ ඉරාක හමුදා අද (5) ප්‍රකාශ කළේය. 05 July 2020
ගංවතුර හා නායයෑම් හේතුවෙන් ජපානයේ 15ක් මරුට අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් ජපානයේ දකුණු දිග කියුෂු දූපතේ 15 දෙනකු මියගොස් 09 දෙනකු අතුරුදන්ව තිබේ. 04 July 2020
ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 55,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය. 03 July 2020
චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් හොංකොං පරිපාලන නගරය මුල් කරගනිමින් සම්බාධක පැනවුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව චීනය අද (3) ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු ඇඟවීය. 03 July 2020
මෝදි ලඩාක් ප්‍රදේශයේ සංචාරයක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උතුරු දිග හිමාලයානු කලාපයේ ලඩාක් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බව බලධාරීහු පවසති. 03 July 2020
පාකිස්ථානයේ දුම්රිය අනතුරකින් 19 ක් මරුට පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයකදී මගී වෑන් රථයක් දුම්රියක ගැටී සුළුතර සික් ප්‍රජාවට අයත් වන බැතිමත්හු 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 03 July 2020
බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවේ උඩටම ඇමෙරිකාව එයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය ‘‘රතු ලැයිස්තුවට’’ ඇතුළත් කිරීමටත් එංගලන්තය පියවර ගෙන ඇත. 03 July 2020
ඇමෙරිකාව රතු ලැයිස්තුවට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනය කිරීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය ‘‘රතු ලැයිස්තුවට’’ ඇතුළත් කිරීමටත් එංගලන්තය පියවර ගෙන ඇත. 03 July 2020
මෙක්සිකෝවේ පුනරුත්තාපන මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 24 ක් මරුට මෙක්සිකෝවේ මධ්‍යම ඉරාපුවාටෝහි මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් තිබේ. 02 July 2020
ඉන්දියාවේ දුම්රිය පද්ධතිය පෞද්ගලික සමාගම්වලට විවෘත කෙරේ ලොව විශාලම දුම්රිය පද්ධතිවලින් එකක් වන ඉන්දියාවේ දුම්රිය ප්‍රවාහන අංශය පෞද්ගලික සමාගම්වලට විවෘත කිරීමට පියවර ගෙන ඇත. 02 July 2020
මියන්මාරයේ පතලක් කඩා වැටී 113 ක් මරුට මියන්මාරයේ උතුරු දිග ජේඩ් පතලක සිදුවූ නායයෑමකින් මියගිය 113දෙනකුගේ සිරුරු සොයාගෙන ඇතැයි බලධාරීහු පවසති. 02 July 2020
ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වෙලා ඉකුත් ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 02 July 2020
තුර්කි ජනාධිපතිවරයාගෙන් යුරෝපා සංගමයට චෝදනාවක් ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුර්කියට සැලකුවේ සීමාකාරී ස්වරූපයකින් යැයි එරට ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් අද (1) පැවැසීය. 01 July 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026