දකුණු කොරියානු නිලධාරියෙකු උතුරු කොරියානු හමුදා විසින් වෙඩිතබා මරා පුළුස්සා ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ධීවර දෙපාර්තමේන්තුවේ සේවය කළ එම නිලධාරියා 47 හැවිරිදි දෙදරු පියෙකි.
දේශ සීමාව අසල මුර සංචාරක බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී ඔහු අතුරුදන්වී ඇති අතර පසුව උතුරු මුහුදේ තිබී ඔහුගේ සිරුර හමුවී ඇත.
උතුරු කොරියානු සොල්දාදුවන් ඔහුට වෙඩි තබා පසුව ඔහුගේ සිරුරට තෙල්වත්කර ගිනිතබා ඇතැයි සෝල් නුවර බලධාරීහු පවසති.
ඔවුන් පවසන්නේ එය කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළ පියවරක් බවට විශ්වාස කරන බවයි.
කෙසේවුවද මේ සම්බන්ධව උතුරේ බලධාරීන් අදහස් දක්වා නොමැත.
කොරෝනා පැතිරීමත් සමඟ දෙරට අතර දේශසීමා ආරක්ෂක විධි විධාන තරකර තිබිණි.
කොවිඩ් - 19 රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා උතුරට ඇතුළුවන්නන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ යැයි දකුණේ බලධාරීහු පවසති.
උතුරු කොරියානු හමුදා දකුණේ වැසියෙකු වෙඩිතබා ඝාතනය කළ දෙවන අවස්ථාව මෙය වේ.
2008 වසරේ ජූලි මාසයේදී ඔවුහු කුම්ගාං කන්දේදී සංචාරකයෙකු ඝාතනය කළහ.
(බීබීසිඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
උතුරු කොරියාව දකුණු කොරියානු නිලධාරියෙකු ඝාතනය කරයි