ආර්මේනියාව හා අසර්බයිජානය අතර ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට සිවිල් වැසියන් ඇතුළුව 100 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

නාර්ගෝනෝ - කරබාක් කඳුකර කලාපයේ භූමි අයිතිය සම්බන්ධ පැන නැගී ඇති ගැටලු හේතුවෙන් දෙරට අතර ගැටුම් ආරම්භ විය.

මියගිය අයගෙන් 84 දෙනකු හමුදා නිලධාරීන් බව පැවසේ.

දින තුනකට පමණ පෙර ආරම්භ වූ මෙම ගැටුම් වලින් අසර්බයිජානයේ සිවිල් වැසියන් පස් දෙනකු මියගොස් තිබේ.

අසර්බයිජානය විසින් යවන ලද ඩ්‍රොන යානයක් ආර්මේනියාවේ නැගෙනහිර වර්ඩනිස් නගරයේ බස් රථයක වැදී ඇති අතර තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා වී නොමැත.

අසර්බයිජානය කියා සිටියේ ආර්මේනියානු ෂෙල් ප්‍රහාර වැදී තම සිවිල් වැසියන් දෙදෙනකු මියගිය බවයි.

(බීබීසී ඇසුරිනි - 085)