IMG-LOGO

චීනයෙන් තවත් වයිරසයක්

වයඹ දිග චීනයේ ගන්ෂු පළාතේ පැතිර යන උණ රෝගයක් සම්බන්ධයෙන් බටහිර පුවත් සේවා වාර්තා කර ඇත.

චීන සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා සහ එරට රාජ්‍ය පුවත් සේවාවල වාර්තා පාදක කරගනිමින් බටහිර පුවත් සේවා මෙම නව උණ රෝගය සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබේ. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී පැතිර යෑම ආරම්භ වී තිබෙන මෙම රෝගය මේ වනවිට දහස් ගණනකට ආසන්න පිරිසකට ආසාදනය වී ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැතැයි එම වාර්තා වල දැක්වේ.

මෙය ‘කොවිඩ්-19’ මෙන් වයිරස වසංගත තත්ත්වයක් නොවන බවත් බැක්ටීරියා ආසාදන තත්ත්වයක් බවත් පැවසේ. අධික උණ, හිසේ කැක්කුම, මස්පිඩු වේදනාව, සිරුරේ බර අඩුවීම සහ ශරීරය දුර්වල වීම යනාදිය මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනා නොගතහොත් එය මාරක වනු ඇතැයි ද ඇතැම් වාර්තාවල දැක්වේ. සන්ධි ඉදිමීම සහ ශරීරයේ ඇතැම් අවයම ඉදිමීමට ලක්වීම යනාදියේ මෙම රෝගී තත්ත්වයේ දිගුකාලීන ලක්ෂණ යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

මෝල්ටාවෙන් සහ මධ්‍යධරණී කලාපයෙන්ම මුලින්ම සොයාගැනීම හේතුවෙන් මෙම බැක්ටීරියා ආසාදන තත්ත්වය මෝලටා උණ සහ මධ්‍යධරණී උණ යනුවෙන් ද හැඳින්වේ.

ගන්ෂු පළාතේ අගනුවර ලෙස සැලකෙන්නේ ලැන්ෂෝ ය. සෞඛ්‍ය බලධාරීන්ට අනුව බැක්ටීරියා ආසාදනයට ලක්වූවන්ගේ ගණන 3,245කි. තවත් 1,401 දෙනකුට රෝගීන් යැයි මූලික වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ලැන්ෂෝ හි ජෛව ඖෂධ සමාගමක් අතින්, අත්වැරැදීමකින් අදාළ බැක්ටීරියාව වාතයට මුසු වී ඇතැයි චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම සමාගම කල් ඉකුත් වූ පිරිසුදුකාරක සහ විෂබීජහරණ භාවිත කර ඇති බව ද එහිදි අනාවරණය වී තිබේ. අදාළ සමාගම අතින් අදාළ අත්වැරැද්ද සිදුව ඇත්තේ ඉකුත් වසරේ ජූලි හා අගෝස්තු මාසවලදී බව පැවසේ. අදාළ සමාගම පසුගිය වසරේ එම කාලයේදීම ගොවිපොළ සතුන්ට කල් ඉකුත් වූ එන්නත් ලබා දී ඇති බව චීන බලධාරීන් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන් මෙන්ම සුනඛයන් අතර ද මෙම බැක්ටීරියා ආසාදනය සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ඇතැම් අවස්ථාවලදී මනුෂ්‍යයන් අතර එම බැක්ටීරියා ආසාදනය දැකිය හැකි වුවත් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට මෙම බැක්ටීරියාව ආසාදනය වීම ඉතා දුර්ලභ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය ද ඒ බව තහවුරු කරන අතර ඇතැම් අවස්ථාවක මනුෂ්‍යයන්ට මෙම බැක්ටීරියා ආසාදනයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත් එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි. කෙසේ නමුත් එය ඉතා දුර්ලභ යැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම බැක්ටීරියා ආසාදනය මුල් වරට පැතිර යෑමට පටන් ගෙන ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ය.

චීන බලධාරීන් අදාළ සමාගමේ බලපත්‍ර අහෝසි කර ඇති අතර ලැන්ෂෝ සෞඛ්‍ය කොමිසම මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනිමින් සිටින බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සති කිහිපයක් නියමිත පිළිවෙළට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් මෙම බැක්ටීරියා ආසාදනය පාලනය කළ හැක.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (0)

චීනයෙන් තවත් වයිරසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site