IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ප්‍රථම රෝගියා මියයයි

එච්අයිවී හෙවත් ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා වන තිමොති රේ බ්‍රවුන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ.

"බර්ලින් රෝගියා" ලෙසද හඳුන්වන බ්‍රවුන් මහතාට 2007 වසරේදී ඒඩ්ස් සඳහා ස්වාභාවිකවම ප්‍රතිරෝධී පුද්ගලයෙකුගේ ඇට මිදුළු බද්ධ කිරීමක් සිදුකරන ලදී.

එයින් පසු ඔහුට තවදුරටත් ප්‍රති වයිරස ඖෂධ අවශ්‍ය නොවුනු අතර ජීවිත කාලය පුරාම ඒඩ්ස් රෝගයට ගොදුරු විය හැකි වයිරසයෙන් බලපෑමක් ඇති නොවන බවට වෛද්‍යවරු තහවුරු කර තිබිණි.

වෛද්‍යවරු පවසා සිටියේ ඔහු සත්‍ය වශයෙන්ම ඒඩ්ස් රෝගයෙන් සුවය ලබා ඇති බවයි.

ඒඩ්ස් රෝගීන් සඳහා ආධාර ලබාදෙන කණ්ඩායම් පවසා සිටියේ එච්අයිවී රෝගයෙන් සුවය ලබාගතහැකි බවට බ්‍රවුන් මහතා ලෝකයට බලාපොරොත්තුවක් ලබා දුන් බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ බ්‍රවුන් මහතා බර්ලිනයේ ජීවත් වන අතරතුර ඒඩ්ස් ආසාදනය වී ඇති බවට හඳුනාගන්නා ලදී. ඒ වනවිට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය.

ඉන්පසු 2007 වසරේදී ඔහුට මයිලොයිඩ් ලියුකේමියාව නම් රුධිර පිළිකාවක් ඇතිවිය.

මේ සඳහා එච්අයිවී ප්‍රථිරෝධී දුර්ලභ ජාන විකෘතියක් ඇති පුද්ගලයෙකුගෙන් ඇටමිදුළු බද්ධ කිරීමක් සිදුකෙරුනු අතර එයින් පසු බ්‍රවුන් මහතාගේ රුධිරයේ එච්අයිවී මට්ටම හඳුනාගත නොහැකි තරමට පහත වැටිණි.

කෙසේවුවද ඒඩ්ස් සුවකිරීමට හේතුවූ ලියුකේමියා රෝගය මේ වසර මුලදී නැවතත් කොඳු ඇට පෙළට හා මොළයට පැතිර යෑම හේතුවෙන් බ්‍රවුන් මහතා දරුණු ලෙස රෝගාතුර විය.

ලියුකේමියාව සමග මාස පහක සටනකින් පසුව බ්‍රවුන් මහතා මියගිය බව වෛද්‍යවරු සඳහන් කළෝය.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ප්‍රථම රෝගියා මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site