IMG-LOGO

මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන 14ට අඩුවෙයි

ඔස්ට්‍රේලියාවෙන් ඉරිදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 14 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය බලධාරීහු කියති.

ඒ අනුව එම ගණන මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙති.

ඔස්ට්‍රේලියාව තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වූ අතර විශේෂයෙන්ම මෙල්බර්න් නුවර වයිරසය වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තේ ය. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඇතුළු එරට බලධාරීහු දැඩි ‘ලොක්ඩවුන්’ සීමා පැනවූහ.

සෙනසුරාදා දිනයේදී වයිරස ආසාදිතයන් 21 දෙනකු හඳුනාගත් බව ද එම ගණන ජූනි මස 21 වැනිදායින් පසුව වාර්තා වූ අඩුම වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු කීහ.

මෙල්බර්න් යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනියට විශාලම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරයි. වික්ටෝරියා ප්‍රාන්තය මාස ගණනාවක් මුළුල්ලේ දැඩි ‘ලොක්ඩවුන්’ සීමාවලට යටත්ව සිටි.

 

 රොයිටර්

055 



අදහස් (0)

මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන 14ට අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site