
බටහිර ඉන්දියාවේ නිවාස සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මියගිය ගණන 26ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුන්බුන් අතර 20කට ආසන්න පිරිසක් සිටින බවත් ඔවුන් සොයා තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් බලධාරීහු ඊයේ (22) රාත්‍රියේ ප්‍රකාශ කළහ.
මුම්බායි නුවරට ආසන්න බිවාන්ඩි හි පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබෙන අතර සුන්බුන් අතර සිර වී සිටි 20 දෙනකු මුදාගත් බව ද බලධාරීහු පැවැසූහ.
ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ ආපදා සේවකයන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වී සිටින අතර අනතුර සිදුවීමෙන් පැය තිහකට පසු පස්දෙනකු බේරාගැනීමට හැකි වූ බව එම බළකාය මුලින් පවසා තිබිණි.
කෙසේ නමුත් එම සංඛ්‍යා වැරදි යැයි එම බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඉතාපේ පන්ඩිත් ප්‍රංශ පුවත් සේවයට පැවසීය.
“ගණන් ප්‍රකාශ කිරීමේදී වැරැද්දක් වෙලා තියෙනවා. මරණ ගණන 26යි. එහි වෙනසක් නැහැ. අපි 20 දෙනකු බේරාගත්තා. තවමත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. විස්සකට ආසන්න පිරිසක් සුන්බුන් අතර හිරවෙලා ඉන්නවා කියලා අපි හිතනවා” යැයි හෙතෙම කීය.
මෙම ගොඩනැගිල්ල කඩාවැටීමට නිශ්චිත හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් ජූනි සිට සැප්තැම්බර් දක්වා මෝසම් වැසි සමයේ දී ඉන්දියාව තුළ ගොඩනැගිලි කඩා වැටීම සුලබ සිදුවීමකි. දින ගණනාවක් අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාවෙන් පසු ඉන්දියාවේ විවිධ ස්ථානවල තිබෙන පැරැණි හා දුර්වල ගොඩනැගිලි කඩා වැටීම ඊට ප්‍රධාන හේතුවකි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd