IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


පැරිස් නුවර පිහි ප්‍රහාරයක් දෙදෙනකුට තුවාල

ප්‍රංශයේ උපහාසාත්මක සඟරාවක් වන ‘චාර්ලි හෙබ්ඩෝ’ සඟරාවේ කලින් කාර්යාල ඉදිරිපිට සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි එරට අග්‍රාමාත්‍ය ඡෝ කැස්ටෙක්ස් පැවැසීය.

පිහි ප්‍රහාරයට ලක්වූ සිවුදෙනාගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ද පැරිස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රහාරයෙන් පසු එක් සැකකරුවකු අල්ලාගැනීමට හැකි වූ බවත් තමන් එම ප්‍රහාරයට සම්බන්ධ නැතැයි ඔහු පැවැසූ බවත් පොලිසිය පසුව සඳහන් කළේය.

චාර්ලි හෙබ්ඩෝ සඟරාවට 2015 වසරේදී ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගය තවමත් විභාග වේ.

‘‘පැරිස් නුවරදී බරපතළ සිද්ධියක් වෙලා තියෙනවා’’ යැයි මාධ්‍යවේදීන් අමතමින් ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කීය. ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා උතුරුදිග ප්‍රංශයට යෑමට නියමිතව තිබූ අතර එම සංචාරය අවලංගු කර අභ්‍යන්තර අමාත්‍යාංශයේ අර්බුද සාකච්ඡා කෙරෙන මධ්‍යස්ථානය වෙත කඩිනමින් ගියේය.

‘‘හතරදෙනකු තුවාල ලබලා. දෙන්නකුගේ තත්ත්වය බරපතළ’’ යැයි හෙතෙම කීය.

මධ්‍යම පැරීසියේ 11 දිස්ත්‍රික්කයේ පිහිටි චාර්ලි හෙබ්ඩෝ සඟරාවට අයත්ව තිබූ කාර්යාලය ඉදිරියේදී පිහි ප්‍රහාරය සිදුව ඇතැයි ද ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා කීය.

චාර්ලි හෙබ්ඩෝ සඟරාවේ කර්තෘවරුන්, කාටුන් ශිල්පීන් ඇතුළු මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් 2015 වසරේ ජනවාරි මාසයේදී ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළ සහ එම අපරාධයට සහාය දුන් අය සම්බන්ධ නඩු විභාගය මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

එම ප්‍රහාරයෙන් ප්‍රංශයේ සුප්‍රකට කාටුන් ශිල්පීන් ඇතුළු 12 දෙනෙක් මරුමුවට පත්වූහ. සයිද් සහ චෙරිෆ් කොවුආචි යන සහෝදරවරුන් එම ප්‍රහාරය එල්ල කර තිබූ අතර අල්කයිඩා සංවිධානයේ ශාඛාවක් ද ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

පැරිස් නුවර පිහි ප්‍රහාරයක් දෙදෙනකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 215 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site