ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ‘‘දේශපාලනය වයිරසයක්’’ ව්‍යාප්ත කරමින් සිටින බවට චීනය චෝදනා කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (22) එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය සැසිවාරය ඇමතූ අතර එහිදි කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් චීනයට දැඩි ලෙස දොස් නැගීය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් චීනය එලෙස ඇමෙරිකාවට විශේෂයෙන්ම ට්‍රම්ප් පරිපාලනයට දොස් නැගීය.
‘‘ජාත්‍යන්තර ප්‍රජාව ‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව දැඩි අරගලයක නිරත වෙද්දි, ඇමෙරිකා එක්සත් ජනපදය මහ මණ්ඩල සැසිය තුළ දේශපාලන වයිරසයක් ව්‍යාප්ත කරමින් ඉන්නවා’’ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින චීන තානාපති ෂැන්ග් ජුන් මාධ්‍යවේදීන් හමුවේ කීය.
‘‘ඇමෙරිකාවේ කෑගැසිල්ල මහ මණ්ඩල සැසියේ සාමාන්‍ය තත්ත්වයට ගැලපෙන්නේ නැති බව මම අවධාරණය කරන්න ඕනෑ’’ යැයි හෙතෙම කීය.
සිය කතාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා චීනයට දැඩි ලෙස දොස් නැගූ අතර ඊට පෙරත් නව කොරෝනා වයිරසය මුල් කරගනිමින් හෙතෙම චීනය විවේචනය කළේ ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයදීම ‘කොවිඩ්-19’ ගෝලීය වයිරස වසංගතය ‘‘චීන වයිරසය’’ යනුවෙන් ද හැඳින්වීය.
නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 200,000කට ජීවිත අහිමි වූයේ චීනය නිසා යැයි ද ජනාධිපති ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම කීය. නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇමෙරිකාව ‘‘දේශපාලන වයිරසයක්’’ පතුරුවනවා