තායිවානයට ගිය ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව චීනය ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික කටයුතු පිළිබඳ සහකාර ලේකම් කීත් ක්‍රාච් ඇතුළු කණ්ඩායමක් ඉකුත් දා තායිවානයට පැමිණියේය. චීනය, තායිවානය තමන්ට අයත් ප්‍රදේශයක් යැයි නිරන්තරයෙන් ප්‍රකාශ කරයි. කෙසේ නමුත් තායිවානය එම අයිතිවාසිකම ප්‍රතික්ෂේප කරන අතර තමන් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් යැයි අවධාරණය කරයි.
ක්‍රාච් තායිවානයට පැමිණියේ ඉකුත් අඟහරුවාදා ය. තායිවානයේ හිටපු ජනාධිපති ලී තෙන්ග් හුයිගේ අනුස්මරණ උත්සවයට සහභාගී වීම සඳහා හෙතෙම තායිවානයට පැමිණ සිටින අතර එම උත්සවය සෙනසුරාදා පැවැත්වීමට නියමිත ය. ලී තෙන්ග් හුයි, තායිවාන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස එරට තුළත් ජාත්‍යන්තර තුළත් ඉහළ පිළිගැනීමට ලක්වූවෙකි.
ක්‍රාච් හෙට තායිවාන ජනාධිපති ත්සායි ඉන්ග්-වෙන් මුණ ගැසීමට නියමිත ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් පසුගිය මාසයේදී තායිවානයේ සංචාරයක නිරත විය. දශක හතරක පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙක් තායිවානයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව එය වේ.
ක්‍රාච්ගේ තායිවාන සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ තායිවානය අතර ඕනෑම ආකාරයකින් සිදුවන හුවමාරු, නිල සංචාර යනාදී සියල්ලටම චීනය විරුද්ධ බව ද හෙතෙම කීය.
මෙම සංචාරයෙන් ‘තායිවාන නිදහසේ බලවේගවලට’ සහාය හිමිවන බවත් ඇමෙරිකාව සහ චීනය අතර සබඳතාවලට හානි සිදුවන බවත් වැන්ග් පැවැසීය.
‘‘තායිවානය සම්බන්ධ කරුණුවලදී එහි දැඩි සංවේදීතාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කර ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි අපි ඇමෙරිකාවට අවධාරණය කරනවා’’ යැයි වැන්ග් කීවේ ය. ‘‘මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ ඉදිරියේදී මොකද වෙන්නේ කියලා බලලා අපි ප්‍රතිචාර දක්නවා’’ ඔහු කීය.
කෙසේ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහන් නොකළේය.
පසුගිය කිහිපයේදී ඇමෙරිකාව සහ චීනය අතර සබඳතා නරක අතට හැරුණු අතර තායිවානය, වෙළෙඳාම, මානව හිමිකම්, කොරෝනා වයිරස වසංගතය ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් දෙරට අතර මතභේද ඇති විය.
තායිවාන ජනාධිපතිවරයා දරුණු බෙදුම්වාදියකු යැයි චීනය චෝදනා කරයි. තායිවානය දැනටමත් ස්වාධීන රටක් යැයි ද තායිවානයේ නිල නම චීන ජනරජය යැයි ද එරට ජනාධිපතිනිය ප්‍රකාශ කරයි.
රොයිටර්
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘‘තායිවානයට ගිය ඇමෙරිකානු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා ‘‘