IMG-LOGO

ඕස්ට්‍රේලියාව තල්මසුන් මුදවා ගැනීමේ මෙහෙයුමක

ඕස්ට්‍රේලියානු දූපතක් වන තස්මේනියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් අතරමංව සිටින තල්මසුන් සියගණනක් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව එරට බලධාරීහු පවසති.

වැලි වැටියක් සහිත මෙම ස්ථානයේ නොගැඹුරු ජලයේ තල්මසුන් 270ක් පමණ සිරවී සිටින බවත් ඔවුන්ගෙන් 90 දෙනකු පමණ මියගොස් ඇති බවත් විද්‍යාඥයින්  ගණනය කර තිබේ.මෙලෙස අතරමංව ඇත්තේ පයිලට් වේල්ස් හෙවත් නියමු තල්මසුන් ලෙස හඳුන්වන සාගර ඩොල්ෆින් විශේෂයට අයත් සතුන් සමූහයකි.

ඔවුන්ගේ වැඩුණු සතෙකුගේ බර ටොන් තුනක් පමණ වන අතර මීටර් 7ක් දක්වා වර්ධනය වීමට හැකියාව ඇත.
අතරමංව සිටින තල්මසුන් ගැඹුරු දියට තල්ලු කිරීම හෝ ඇදගෙන යෑම සිදුකරන බව සත්ත්ව විද්‍යාඥයෝ පවසති.

ගලවාගැනීමේ ප්‍රයත්නයට රජයේ විද්‍යාඥයින් 40ක් පොලිස් නිලධාරීන් 20ක් මත්ස්‍ය වගාකරුවන් සහ ස්වෙච්ඡා සේවකයෝ පිරිසක් එක්ව සිටිති.කෙසේවුවද සත්ත්ව විශේෂඥයින් පවසන්නේ මෙය ඉතා දුෂ්කර කාර්යයක් බවයි.

මෙහෙයුම සඳහා දින කිහිපයක් ගතවනු ඇති බවත් මේ වනවිට මුදාගෙන ඇත්තේ තල්මසුන් 25 දෙනකු පමණක් බවත් ඔවුහු පවසති.

තල්මසුන් වෙරළාසන්න ප්‍රදේශ කරා පැමිණීම සුලභ සිදුවීමක් වුවත් මෙවන් විශාල සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ දශකයකට පමණ පසුව බව පැවසේ.2009 වසරේදී තල්මසුන් 200ක් පමණ ටස්මේනියාවේ වෙරළට පැමිණි බව වාර්තා වී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඕස්ට්‍රේලියාව තල්මසුන් මුදවා ගැනීමේ මෙහෙයුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site