IMG-LOGO

කොරෝනාවෙන් නවසීලන්තලයේ ආර්ථිකය පසුබෑමකට

නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් නවසීලන්ත ආර්ථිකය දරුණු පසුබෑමකට මුහුණ පා ඇත.

මේ වසරේ දෙවැනි කාර්තුවේදී නවසීලන්ත ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි නිල සංඛ්‍යා දත්ත පෙන්වාදෙයි.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් නවසීලන්තයේ මෙන්ම ලොවපුරා ව්‍යාපාර රැසක් අකර්මන්‍ය විය.

කාර්තුවෙන් කාර්තුවට සංසන්දනය කර බැලීමේදී මේ වසරේ දෙවැනි කාර්තුවේදී නවසීලන්ත ආර්ථිකය 12.2%කින් හැකිළීමකට ලක්ව ඇත. ඒ අනුව එය නවසීලන්තයෙන් වසර ගණනාවකට පසු වාර්තා වූ දරුණුම ආර්ථික කඩා වැටීම යැයි ද වාර්තා වේ.

මේ වසරේ දෙවැනි කාර්තුවේදී නවසීලන්ත ආර්ථිකය 12.8%කින් පහත වැටෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් මත පළ කර තිබුණ ද දෙවැනි කාර්තුවේදී ඊටත් වඩා වැඩි අගයකින් ආර්ථිකය පහත වැටී ඇත. පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ දී නවසීලන්තය ආර්ථිකය 12.4%කින් පහළ වැටී ඇත.

නවසීලන්ත මහ බැංකුව ඉකුත් අගෝස්තු මාසයේ දී දළ දේශීය නිෂ්පාදිතයේ කාර්තුවල සහ වාර්ෂික පහත වැටීම දක්වමින් පුරෝකථන ඉදිරිපත් කර තිබිණි. ඊට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ පහළ වැටීම 14% ක අගයකට ආසන්න විය.

ආර්ථික වර්ධනය අඩාල වීමට ප්‍රධාන  වශයෙන් හේතු වී ඇත්තේ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා ය. නව කොරෝනා වයිරසයේ පැතිර යෑම වැළැක්වීම සඳහා නවසීලන්තය දැඩි ලොක්ඩවුන් සීමා පැනවූ අතර අප්‍රේල් මාසයේ දී සහ මැයි මාසයේ ඇතැම් දිනවල සම්පූර්ණයෙන් අගුළු දැමී ය. මේ හේතුවෙන් සියලුදෙනාටම පාහේ නිවෙස්වල රැඳී සිටීමට සිදු වූ අතර ව්‍යාපාර සම්පූර්ණයෙන් වසා දැමිණි.

ප්‍රසිද්ධියට පත් කර තිබෙන නිල සංඛ්‍යා දත්ත ලෙස බැලීමේදී නවසීලන්තය ඔවුන්ගේ දරුණුතම ආර්ථික පසුබැසීමට මුහුණ පා ඇති බව පෙනී යයි. 2010 වසරෙන් පසු නවසීලන්ත ආර්ථිකයේ කාර්තු දෙකක් අඛණ්ඩව හැකිළීමකට ලක්වූ පළමු අවස්ථාව මෙයයි. ඉකුත් මාර්තු මාසයේ දී නවසීලන්ත ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතය 1.6%කින් පහත වැටී ඇත.

අසල්වැසියන් වන ඕස්ට්‍රේලියාව හා සැසඳීමේ දී නවසීලන්තය වයිරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවීය. ‘කොවිඩ්-19’ ලොක්ඩවුන් සමයේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකය 7.0% කින් ද ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථීකය 9.1%කින් ද පහළ වැටී ඇත.

අනෙක් රටවල් වයිරසය තවමත් වයිරසය පාලනය කිරීමේ අරගලයට සහ අර්බුදයට මැදිව සිටින බැවින් නවසීලන්තය ඉතා ඉක්මණින් වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇතයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වාදෙති.

 

රොයිටර්

055 



අදහස් (0)

කොරෝනාවෙන් නවසීලන්තලයේ ආර්ථිකය පසුබෑමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site