IMG-LOGO

‘ප්‍රංශයේ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක්’’

කිසිදු වෙනස්කමක් නොකළහොත් මාස ගණනක් යන තුරු ප්‍රංශය තුළ නව කොරෝනා වයිරසය පවතිනු ඇති බවත් ඉන් එරට සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වනු ඇති බවත් එරට ඉහළ පෙළේ වෛද්‍යවරයකු අද (27)  අනතුරු ඇඟවීය.

“අපි හිතුවට වඩා වේගයෙන් වයිරසයේ දෙවැනි රැල්ල එනවා” යැයි ප්‍රංශයේ වෛද්‍යවරුන්ගේ ජාතික කවුන්සිලයේ ප්‍රධානී පැට්‍රික් බුවේ පැවැසීය. සතිපතා පළවන ජර්නලයක් වන ඩු ඩිමාච් වෙත අදහස් දක්වමින් ඔහු එම අනතුරු ඇඟවීම කළේය.

ප්‍රංශයෙන් සෙනසුරාදා (26) අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 14,412 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය සේවය සඳහන් කළේය.

ප්‍රංශයෙන් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවලදී වයිරස ආසාදිතයන් 16,000 අධික පිරිසක් හඳුනාගෙන තිබිණි. අවසන් දින හතේ දී වයිරස ආසාදිතයන් 4,102 දෙනකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් 763 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි පැවසේ.

නව කොරෝනා වයිරසයෙන් ප්‍රංශයේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශවලට නව සීමා පැනවීමට ද එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. වයිරසය ව්‍යාප්ත වීමේ වේගය අඩු කිරීම එහි අරමුණ වී තිබේ. මධ්‍යධරණී නගරයක් වන මර්සෙයි සහ පැරිස් කලාපය ද එම ප්‍රදේශවලට අයත් වේ.

එම නව සීමා අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා නව සීමා පැනවීම සම්බන්ධයෙන් අවන්හල් සහ බීමහල්වල අයිතිකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් මර්සෙයි හි අවන්හල් සහ බීමහල්වල අයිතිකරුවෝ විරෝධාතවක ද නිරත වූහ.

මේ සතිය ආරම්භයේදී සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියරේ වේහා කරන ලද අනතුරු ඇඟවීම් ප්‍රමාණවත් නැතැයි ද පැට්‍රික් බුවේ කීය.

“සති තුන හතරකින් කිසිදෙයක් වෙනස් වුණේ නැතිනම් රට හැමතැනම වසංගතය පැතිර යනවා කියලා ඔහු කිව්වේ නැහැ. සිසිර සහ ශීත ඍතුවලදීත් වයිරසය පැතිර යාවි” හෙතෙම කීය.

එසේ වයිරසය පැතිර ගියහොත් ප්‍රමාණවත් තරම් වෛද්‍ය කාර්ය මණ්ඩල නොමැති වනු ඇති බවත් ප්‍රංශයේ සෞඛ්‍ය පද්ධතියට එය දරාගැනීමට නොහැකි වනු ඇති බවත් ඔහු කීවේය.

“ප්‍රංශයේ සෞඛ්‍ය පද්ධතියට ඉල්ලුමට සරිලන සේවාවක් දෙන්න බැරි වේවි” ඔහු පැවැසීය.

“සෞඛ්‍ය සේවකයන්ට ‘වසන්ත ප්‍රතිහාර්ය’ කරන්න බැරි වේවි. ඔවුන් ඒ කාලයේදී ගොඩක් වෙහෙස මහන්සි වුණා. ඒ නිසා අපට සැලකිය යුතු ලෙස පාලනය කරගන්න හැකියාව ලැබුණා. දැන් ඔවුන් බොහෝ දෙනකුට මහන්සි” යැයි හෙතෙම තවදුරටත් කීය.

 

ඒ.එෆ්.පී.

 

055



අදහස් (0)

‘ප්‍රංශයේ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site