නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් කඩා වැටුණු ගෝලීය ආර්ථිකය නවැත යථා තත්ත්වයට පත්වීමට තවත් වසර පහක් පමණ ගතවනු ඇතැයි ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වන කාමන් රයින්හාට් අද (17) ප්‍රකාශ කළාය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය විය. ‘කොවිඩ්-19’ යන නිල නාමයෙන් හඳුන්වන නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්විය.
‘‘ලොක්ඩවුන් ඇතුළු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පැනවූ සීමා ලිහිල් කළ පසු ආර්ථිකයේ යම් පිබිදීමක් ඇති වේවි. එහෙත් ආර්ථිකය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වෙන්න තවත් වසර පහක් වත් ගතවේවි’’ යැයි මැඩ්රිඩ් නුවර පැවැති සමුළුවකට දුරස්ථව සම්බන්ධ වෙමින් රයින්හාට් කීවාය.
‘කොවිඩ්-19’ වසංගතයෙන් ඇති වූ ආර්ථික පසුබෑම කාලයක් යනතුරු ඇතැම් රටවල පවතිනු ඇති බව ද ඇය පැවැසුවාය. එමෙන්ම පොහොසත් රටවල සිටින දුප්පත් ජනතාවටත් පොහොසත් රටවලට සාපේක්ෂව දුප්පත් රටවලටත් ගෝලීය වසංගතයෙන් වැඩි බලපෑමක් වනු ඇතැයි කී ඇය අසමානාත්මතාව ඉහළ යනු ඇතැයි ද ප්‍රකාශ කළාය.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ඇති කළ අර්බුදය හේතුවෙන් වසර විස්සකට පසු පළමු වතාවට ගෝලීය දරිද්‍රතා අනුපාත ඉහළ යනු ඇතැයි ද ඇය තවදුරටත් කීවාය..
රොයිටර්
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
‘ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන්න වසර පහක්වත් ගතවේවි’