- සමස්ත සංචාරක පැමිණීම් වසරින් වසර සංචාරකයන් 28,395 ක අඩුවක්
- වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව විසි ලක්ෂ දහඅට දහසක්
මෙම වසරේ නොවැම්බර් මාසයේ ගත වූ මුල් දින 22 තුළ පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 156,627ක් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම අගය 2025 නොවැම්බර් මාසයේ එම කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් 156,639 අගයට ආසන්න අගයක් ලෙස සටහන්ව තිබේ.
මෙලෙස නොවැම්බරයේ මෙතෙක් පැමිණි සංචාරකයන් සංඛ්‍යාවත් සමගින් වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව විසි ලක්ෂ දහඅට දහසක් (2,018,931ක්) බවට පත්ව තිබේ. 2025 වසරේ එම කාලසීමාවේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව විසිලක්ෂ හතළිස් හත්දහසක් (2,047,326 ක්) විය.
ඒ අනුව මෙය වසරේ මේ දක්වා සංචාරකයන් 28,395 ක අඩුවීමක් එනම් සියයට 1.38 ක පහත වැටීමක් ලෙස සටහන්ව තිබේ.
එතෙක් මෙතෙක් වැඩිම සංචාරක පැමිණීම ලෙස පසුගිය වසරේදී මෙරට වෙත සංචාරකයන් විසිතුන් ලක්ෂ හැට දෙදහසක් (2,362,521ක්) පැමිණියේය. එය මීට පෙර වැඩිම අගය වූ 2018 වසරේ පැමිණි සංචාරකයන් විසිතුන් ලක්ෂ තිස්තුන් දහස (2,333,796) ට සාපේක්ෂව 28,725ක වැඩි අගයක් විය.
මෙම වසර තුළදී සංචාරකයන් ලක්ෂ 26ක් පැමිණෙතැයි සංචාරක වර්ධන අධිකාරිය අපේක්ෂා කර තිබෙන අතර, අවම සංචාරක පැමිණීම් විසිතුන් ලක්ෂ අසූදහසක් වනු ඇතැයිද ගණන් බලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd