• අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අඩුම අගය මෙයයි 

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (24) දිනයේදී කැපී පෙනෙන ලෙස පහත වැටීමකට ලක් විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 89.28ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක් ඩොලර් 80.18 ක් ලෙසත් සටහන් විය. 

විශේෂයෙන්ම ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් සැපයුම ඉහළ යාම සහ ප්‍රධාන සැපයුම් මාර්ග යළි සක්‍රීය වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස පහළ ගොස් තිබේ. මේ අනුව පසුගිය අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටමට බොරතෙල් මිල පැමිණ ඇති බව විදෙස් වෙළෙඳපොළ වාර්තා සඳහන් කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 116 ක් ඉක්මවා ගොස් තිබුණි.