
සෝමාලියාවේ මොගඩිෂු නුවර හෝටලයක සිදුවූ පිපිරීමක් සහ වෙඩිතැබීමක් හේතුවෙන් 11දෙනකු මිය ගොස් 20දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.
එලයිට් හෝටලය ඉදිරිපස මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරා ගිය බවද ඉන්පසු තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීම ආම්භ කළ බවද පොලිසිය පවසයි.මියගිය අය අතර සටන්කාමීහු පස්දෙනක් ද සිටිති.
හෝටලයේ සිටි පුද්ගලයන් ප්‍රාණඇපකරුවන් ලෙස තබාගෙන සිටි සටන්කාමීන් ආරක්ෂක අංශ වෙතට වෙඩිතැබූ බව පැවසේ.
පැය හතරකට පමණ පසු ආරක්ෂක අංශ විසින් තුවක්කුකරුවන් සියලු දෙනා ඝාතනය කර හෝටලය නිදහස් කරගෙන තිබේ.
200කට අධික පිරිසක් හෝටලයෙන් බේරාගත් බව රජයේ ප්‍රකාශකයෙකු පැවසීය. ප්‍රහාරයේ වගකීම අල්ෂබාබ් සංවිධානය විසින් බාරගෙන තිබේ.
අල්කයිඩා සංවිධානයට සම්බන්ද අල්ෂබාබ් කණ්ඩායම දශකයකට වැඩි කාලයක් තිස්සේ සෝමාලියාවේ සටන් මෙහෙයවමින් සිටිති.
පසුගිය සතියේ මොගඩිෂු නුවර බන්ධනාගාරයක සිරගතව සිටින අල්ෂබාබ් සාමාජිකයන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් 20 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වූහ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාලියාවේ වෙඩිතැබීමකින් 11ක් මරුට