
ඉන්දියාව අත්හදා බලමින් සිටින කොරෝනා ප්‍රතිරෝධී එන්නත් පරීක්ෂා කර බැලීමට බංග්ලාදේශය සූදානම් යැයි එරට බලධාරීහු ප්‍රකාශ කරති.
ඉන්දියාව මේ වනවිට කොරෝනා වයිරසය පාලනය කළ හැකි එන්නත් තුනක් අත්හදා බලමින් සිටියි. පරීක්ෂාවට ලක් කෙරෙන ඕනෑම එන්නතක් සාර්ථක වුවහොත් බංග්ලාදේශයට අනෙක් රටවලට කලින් එම එන්නත් ලැබෙනු ඇති බවත් එරට බලධාරීහු බදාදා (21) ප්‍රකාශ කළහ. චීන සමාගමක් ද මෙලෙස ඔවුන්ගේ එන්නත් පරීක්ෂා කිරීම සඳහා බංග්ලාදේශයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාව, බංග්ලාදේශය උපායමාර්ගික මිත්‍රයකු ලෙස සලකන නමුත් චීනයේ මැදිහත් වීම සම්බන්ධයෙන් යම් සැකයක පසුවෙයි. බංග්ලාදේශය තුළ චීන මැදිහත්වීම ද ඉහළ යමින් තිබේ.
මේ තත්ත්වය මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය විදේශ ලේකම්වරයා බංග්ලාදේශයට යැවීමට ද ඉකුත් අඟහරුවාදා පියවර ගත්තේ ය. දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට ගිය ඉන්දීය විදේශ ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
‘‘කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීමේ වැඩසටහන් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට බංග්ලාදේශය සූදානම්. ඒ වගේම එන්නතක් පරීක්ෂා කිරීමට සම්බන්ධ වීමට ද බංග්ලාදේශය සූදානම්. ඒ වගේම එන්නතක් සූදානම් කළ පසු එය දැරිය හැකි මිලකට ඉතාම ඉක්මනින් ලබාගැනීමටත් බංග්ලාදේශය සූදානම්. ඒ වගේම සූදානම් කරන එන්නතක් ඉතා ඉක්මනින් ලබාගන්නත් බංග්ලාදේශය බලාපොරොත්තු වෙනවා’’ යැයි බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා සහ බංග්ලාදේශ විදේශ ලේකම්වරයා අතර පැවැති හමුවෙන් අනතුරුව බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනය නිකුත් කළේය. එන්නත නිෂ්පාදනය කිරීමේ ආර්ථික පසුබිම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා සහ බංග්ලාදේශ බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.
‘‘ඉන්දියාව ධනාත්මක අයුරින් ප්‍රතිචාරය දැක්වූවා. ඔවුන්ගේ ප්‍රතිචාරය ඉතාම හොඳයි. ඉන්දියාව ඔවුන්ට පමණක් නොව අනෙක් අයටත් එන්නතක් වෙනුවෙන් පරීක්ෂණ කරමින් අත්හදා බලමින් ඉන්නවා’’ යැයි බංග්ලාදේශ විදේශ ලේකම් මසූද් බින් මොමේන් පැවැසීය.
‘‘මූලික අදියරේදී එය බංග්ලාදේශයටත් ලැබෙනවා’’ යැයි හෙතෙම කීය.
ලොව විශාලතම එන්නත් නිෂ්පාදනය කරන සමාගම වන ‘ද සේරම් ඉන්ස්ටිටුයිට් ඔෆ් ඉන්දියා’ පිහිටා ඇත්තේ ද ඉන්දියාවේ ය. ඉන්දියාවේ නිෂ්පාදනය වෙමින් පවතින තිබෙන එන්නත් තුනෙන් එකක් සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ ද සම්බන්ධ වී සිටියි. ඒ සඳහා ඇස්ට්‍රාසෙනෙකා සමාගමට අවසරය ද ලබා දී තිබේ.
බංග්ලාදේශයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 285,091ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 3,781කි. චීනයේ සංවර්ධිත ‘කොවිඩ්-19’ එන්නතක් සඳහා තෙවැනි අදියරේ පරීක්ෂණ සඳහා අවසර ලබාදීමට ද බංග්ලාදේශයේ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගිය මාසයේදී පියවර ගත්තේ ය. චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම එම එන්නත සංවර්ධනය කරයි. කෙසේ නමුත් ඊට තවමත් ආණ්ඩුවේ අනුමැතිය හිමිව නැත.
(රොයිටර්)
055
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ කොරෝනා ප්‍රතිරෝධී එන්නත පරීක්ෂාවට බංගලාදේශය සූදානම්