IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘‘ස්නෝඩන්ට සමාව දීම ගැන සලකා බලනවා‘‘

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ආයතනයේ කොන්ත්‍රාත් සේවකයකු ලෙස කටයුතු කළ එඩ්වඩ් ස්නෝඩන්ට සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එඩ්වඩ් ස්නෝඩන් 2013 වසරේදී බුද්ධි තොරතුරු රැසක් ලොවට අනාවරණය කළ අතර ඒ හේතුවෙන් ඇමෙරිකාවේ බුද්ධි අංශ ඒ ප්‍රජාව දැඩි කැලඹීමකට පත්විය.

ඇමෙරිකාවේ ‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙරේදා (16) ඒ බව පැවැසීය.

‘‘ගොඩක් අය හිතනවා එඩ්වඩ් ස්නෝඩන්ට සාධාරණයක් වුණේ නැහැ කියලා. මම ඒ ගැන හිතලා බලන්න සූදානම්’’ යැයි ට්‍රම්ප් කීය.

එඩ්වඩ් ස්නෝඩන්ට සමාව දීම සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන්නේ යැයි ද ඉන් අනතුරුව නිව්ජර්සිහි පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ද ට්‍රම්ප් කීවේය.

එඩ්වඩ් ස්නෝඩන්ට ඇමෙරිකානු රජයේ ඔත්තු බැලුවේ යැයි චෝදනා එල්ල වී තිබේ. ඔහුට එරෙහිව අපරාධ නඩු විභාගයක් කිරීමට ඇමෙරිකානු බලධාරීහු බලාපොරොත්තුවෙන් සිටිති.

එඩ්වඩ් ස්නෝඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට රුසියාවට පලා ගියේය. හෙතෙම 2013 වසරේදී රහස්‍ය ලිපිගොනු රැසක් මාධ්‍යයට ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ආයතනය දේශීයව සහ ජාත්‍යන්තරව ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය.

ඇමෙරිකාව, ස්නෝඩන්ට සමාව දීම ප්‍රමාණවත් නැතැයි ද ඔහුට එරෙහිව තිබෙන සියලු චෝදනා ඉවත් කළ යුතු යැයි ද ස්නෝඩන්ගේ, රුසියානු නීතීඥ ඇනටොලි කුචෙරෙනා ‘ආර්.අයි.ඒ.’ පුවත් සේවයට පැවැසීය. ස්නෝඩන් කිසිදු වරදක් කර නැතැයි ද හෙතෙම කීය.

‘‘ස්නෝඩන් ඇමෙරිකාවේ පුරවැසියන් වෙනුවෙන් පමණක් නෙමෙයි, සමස්ත මානව වර්ගයා වෙනුවෙන් ඔවුන්ගේ ලැදිකම් හා අභිලාෂ වෙනුවෙන් කටයුතු කළා’’ යැයි කුචෙරෙනා පැවැසීය.

ස්නොඩන් ට සමාව දිය යුතු ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඔහුගේ ස්ථාවරය සම්පූර්ණයෙන් වෙනස් වීමකි. එඩ්වඩ් ස්නෝඩන් රහස්‍ය ලිපිගොනු ලොවට හෙළි කළා අවස්ථාවේදී ස්නෝඩන්ට දැඩි ලෙස චෝදනා කළේය. ‘‘ස්නෝඩන් ඔත්තුකාරයෙක්. ඔහු එල්ලා මැරිය යුතු’’ යැයි ට්‍රම්ප් එම අවස්ථාවේදී කීය.

එඩ්වඩ් ස්නෝඩන්ගේ කරුණ ගත් විට ඇමෙරිකාවේ දේශපාලන වම සහ දකුණ බෙදී ඇතැයි ද ට්‍රම්ප් කීය.

‘‘මේ කරුණ ගත්තාම ඇමෙරිකාව තුළ බෙදීමක් තිබෙනවා. සමහරු හිතනවා ස්නෝඩන්ට සාධාරණයක් වුණේ නැහැ කියලා. ඔහුට වෙනස් විදියට සැලකුවා කියලා ඔවුන් හිතනවා. ඒ වගේම ඔහු ගොඩක් නරක දේවල් කළා යැයි තවත් පිරිසක් හිතනවා’’ යැයි ට්‍රම්ප් වාර්තාකරුවන් හමුවේ කීය.

රොයිටර්

055



අදහස් (0)

‘‘ස්නෝඩන්ට සමාව දීම ගැන සලකා බලනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site