
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ජෝ බයිඩන් මහතා බව එම පක්ෂය නිල වශයෙන් නිවේදනය කළේය.
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්මාණය කර ඇති අවුල් ජාලය අවසන් කරමින් නව කොරෝනා වයිරස වසංගතයෙන් විනාශ වී ගොස් තිබෙන ඇමෙරිකාව නැවත ශක්තිමත් කිරීමට පොරොන්දු දෙමින් ඩිමොක්‍රටික් පක්ෂය මෙලෙස ජෝ බයිඩන් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කළේය.
අන්තර්ජාලය ඔස්සේ පැවැති ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී ඒ බව නිවේදනය කෙරුණු අතර එම පක්ෂයෙන් ජ්‍යෙෂ්ඨයන් මෙන්ම නැගී එන තරු දේශපාලනඥයෝ ද මෙහිදි විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතූහ.
ඩිමොක්‍රටික් පක්ෂ සමුළුව ආරම්භ වූයේ සඳුදා රාත්‍රියේදී ය. ඊයේ රාත්‍රිය, සමුළුවේ දෙවැනි රාත්‍රිය විය. “නායකත්වය වැදගත්” යන තේමාව යටතේ සමුළුවේ දෙවැනි දිනය පැවැත්විණි. ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදය නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන එන බව ජනතාවට ඒත්තු ගැන්වීම එහි ප්‍රධාන අරමුණක් විය.
“මේ වගේ වෙලාවක්, ඕවල් කාර්යාලය අණදෙන මධ්‍යස්ථානයක් විය යුතු” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් පැවැසීය. කලින් පටිගත කරන ලද විඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු ඒ බව කීවේය.
“අණදෙන මධ්‍යස්ථානයක් වෙනුවට ඒක කුණාටු මධ්‍යස්ථානයක් වෙලා. ඒකේ තියෙන්නේ අවුල් විතරයි. එක දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ඔහු (ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්) වගකීම් ගන්න සූදානම් නැහැ. ඔහුට වගකීම් ගන්න ධෛර්යයක් නැහැ. ඔහු කරන්නේ අනෙක් අයට වරද පටවන එක” යැයි බිල් ක්ලින්ටන් කීය.
ඩිමොක්‍රටික් පක්ෂ සමුළුව දින හතරක් මුළුල්ලේ පැවැත්වීමට නියමිතය. නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් සමුළුවේ වැඩි හරියක් පැවැත්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. සමුළුව අතරවාරයේදී ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා කිරීම සඳහා රටපුරා සිටින පක්ෂ නියෝජිතයෝ දුරස්ථව ඡන්දය ප්‍රකාශ කළහ.
ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයෝ රැසක් සමුළුව අතරවාරයේදී විඩියෝ පට නිකුත් කරමින් අදහස් දැක්වූහ. අවසන් වරට ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩන් අදහස් දැක්වූහ.
(රොයිටර්)
055
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජෝ බයිඩන්