IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවේ බැල්ටිමෝර් හි ගින්නක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් හි සිදු වු පිපිරීමකින් නිවාස රැසකට හානි සිදු වී ඇතැයි වාර්තා වේ. පිපිරීමෙන් එක් පුද්ගලයකු මරණයට පත්ව ඇති බවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

තුවාල ලැබූ තිදෙනාගේ තත්ත්වය බරපතළ වන අතර දරුවන් ඇතුළු පස්දෙනකු ගොඩනැගිල්ලක සිර වී ඇතැයි ද වාර්තා වේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම හටගෙන ඇති බව ගිනි නිවන භටයන් උපුටා දක්වමින් ‘බැල්ටිමෝර් සන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය. කෙසේ නමුත් පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත.

නිවාස කිහිපයක් විනාශ වී ඇති අයුරුත් සුන්බුන් විසිරී ඇති අයුරුත් දැක්වෙන ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර සහන සේවකයන් සුන්බුන් අතරින් ගමන් කරමින් තුවාල ලැබූ පිරිස් සොයන අයුරු ද එම ඡායාරූපවල දැක්විණි.

“එක් වයස්ගත කාන්තාවක් පිපිරීමෙන් මරණයට පත්වුණා. සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක” යැයි බැල්ටිමෝර් ගිනි නිවන දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

රෝගීන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් තවත් පස්දෙනකු නිවසක සිර වී සිටින බවත් බැල්ටිමෝටර් ගිනි නිවන භටයන්ගේ සංගමය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

“නිවාස කිහිපයක් විනාශ වී ගිහින්. පස්දෙනකු ගොඩනැගිල්ලක සිර වී සිටිනවා. දරුවන් ද එහි සිටිනවා” යැයි එම සංගමය සඳහන් කළේය.

ගිනි නිවන භටයන් ගොඩනැගිල්ල තුළ සිර වී සිටින එක් පුද්ගලයකු සමඟ සන්නිවේදන සබඳතා පවත්වාගෙන යන බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

බැල්ටිමෝටර් හි ගෑස් සහ විදුලි සමාගම මෙන්ම බැල්ටිමෝර් හි හදිසි ආපදනා කළමනාකරණයේ කාර්යාලයේ නිලධාරීන් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇතැයි බැල්මිටෝර් සන් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

“අපි සිදුවීම වූ ස්ථානයට ගියා. ගිනි නිවන දෙපාර්තමේන්තුව සමඟ එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ” යැයි ගෑස් සමාගමේ ප්‍රකාශක රිචඩ් යෝස්ට් ‘බැල්ටිමෝර් සන්’ පුවත් වෙබ් අඩවියට පැවැසීය. ප්‍රදේශයට ගෑස් සපයන නල වසා දැමීමට සිය සේවක කණ්ඩායම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඔහු කීවේය. ගෑස් පද්ධතිය අක්‍රීය කළ පසු සිදුවූයේ කුමක්දැයි සොයා බලන බව ද හෙතෙම කීය.

රොයිටර්

055

 



අදහස් (0)

ඇමෙරිකාවේ බැල්ටිමෝර් හි ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site